Saturday, November 10, 2012

සුවඳ මට දී පාට තැවරූ


සුවඳ මට දී පාට තැවරූ...................

මේ ජීවිතයේ විදි තවත් සත්‍යකතාවක් පදනම් කරගෙන ලියවුනු ගීතයක්.


සුවද මට දී පාට තැවරූ  මල අරන් පිටවී මා රැවටුවා මලවී  ඒ මලත් මැලවී ආදරේ මල ආයෙමත් පරවී


සුවඳ මට දී...

කුරුළු ගීතය වී
පෙම් ස්වරය මට ඇසුනී
කුරුළු සර ගොළුවී
මිහිමතේ තුරු කඩා වැටුනි


සුවඳ මට දී...

ගඟට නාදය වී
ඔබ ගලනවා ඇසුනි
සයුර නොම හමු වී
අතරමග සිදෙනවා දුටිමි

සුවඳ මට දී...

යමුනා මාලිනී පෙරේරා 
ගායනය:චන්දන ලියන ආරච්චි 
පද:යමුනා මාලිනී පෙරේරා 
සංගීතය:රෝහණ වීරසිංහ 

චන්දන ලියන ආරච්චි 
රෝහණ වීරසිංහ 








*****සුවද මට දී පාට තැවරූ             මල අරන් පිටවී           මා රැවටුවා මලවී                 ඒ මලත් මැලවී             ආදරේ මල ආයෙමත් පරවී


ඔයා ලස්සන මලක්. සුවද හමන මලක්. ඒත්......... ඔයාගේ ලස්සන, සුවද ඇත්තම ඒවා නෙවෙයි. ඔයා ලස්සන උනේ ඔයාගේ ඇත්තම පැහැයෙන් නෙවෙයි. තවරා ගත් පාට වලිනුයි ඔයා ලස්සන උනේ. ඒ මවා පෙන්නපු පාට වලට මම රැවටුනා. දැන් ඒ මල පරවෙලා ගිහින්. එහි ලස්සනක් අද මට දකින්න නැහැ. ඔයා දැන් මගේ ලෝකයෙන් පිටවෙලා ගිහින්. ඔයා වෙනුවෙන් මා හදවතේ පිපිනු ආදර මලත් අද පරවෙලා...... 



*****කුරුළු ගීතය වී
          පෙම් ස්වරය මට ඇසුනී
          කුරුළු සර ගොළුවී
          මිහිමතේ තුරු කඩා වැටුනි

ඔබේ එදා මට ඇසුනු කටහඩ ඉතාම මිහිරියි. ...........ඔයා...........එදා මා ලග සිට කියූ ආදර වදන් මිහිරි කුරුලු ගීතයක් වගෙයි කියලයි මට හිතුනේ............. මම ප්‍රේමයේ ස්වරය හදුනා ගත්තේ ඔබේ ඒ රාවයෙන්. නමුත් අද මම එදා වගේ ඔබේ ප්‍රෙමනීය වදන් වල මිහිර විදින්නේ නෑ. 

*****ගඟට නාදය වී
         ඔබ ගලනවා ඇසුනි
         සයුර නොම හමු වී
         අතරමග සිදෙනවා දුටිමි

මම ඔයා වෙනුවෙන් කල කැපකිරීම් ඔයා දන්නවා. එත්............. මම මගේ ජීවිතයම කැපකලේ ඔයගේ දියුනුව සතුට වෙනුවෙන්. මම දුක් වින්දේ ඔයා වෙනුවෙන්. ඒ ඔයා මගේ හින්දා. ඔයා ගගක් වෙලා ඇවිත්  සාගරයක් වගේ ඔයා වෙනුවෙන් මග බලා ඉන්න මා වෙත ඒවි කියල හිතුව. එත්........... ඔයා සාගරය හමු වෙන්න කලින්  සිදී ගියා 



මේ ජීවිතයේ විදි තවත් සත්‍යකතාවක් පදනම් කරගෙන ලියවුනු ගීතයක්.    එක්තරා ගැමි තරුණයෙකුට            සිද්ධවෙච්ච සත්‍ය සිද්ධියක් පාදක කරගෙන ගෙතුනු ගීතයක් . මේ  ගීතය රචනා කරනු ලැබූවේ ප්‍රකට ගීත රචිකාවියක් ලෙස අප කවුරුත් හදුනන යමුනා මාලනී මහත්මියයි. ඔහු ගොවිතැන තම ජීවිකාව කරගත් අහිංසක තරුණයෙක්. පවුලේ අගහිඟකම් නිසා කුඩා කාලෙම පාසල් ගමනට ආයුබෝවන් කියූ ඔහු ගොවිතැන්, කුලීවැඩ ක‍රල තමයි ජීවත්වෙලා තියෙන්නේ. ඔහුගේ පෙම්වතියත් ඔහු වගේම දිළිඳු කෙනෙක්. නමුත් ඔහු අධ්‍යාපනයේ අගය වටහාගෙන තිබුන නිසා තම පෙම්වතියගේ අධ්‍යාපනය නවත්වන්න ඉඩ නොදී දිගටම ඒ සඳහා තමන් දහදිය මහන්සියෙන් හම්බකළ දේ වියදම් කලා. තමන් නොදැකපු ඒ සුන්දර ලෝකය තමන්ගේ පෙම්වතිය තුලින් දකින්නයි ඔහු සැමදාම සිහින දැක්කේ. ඒ මහත්වූ කැපවීම විසින් ඇයව සරසවිය කරා ඔසවා තබනු ලැබූවා. ඔහු, ඇගේ සරසවි වියදම් පවා දරා තිබුනා. නමුත් අධ්‍යාපනයෙන් දියුණුවෙත්ම තම පෙම්වතාගේ තත්වය ඇයට මදි වුනා. ඇය ටිකෙන් ටික ඔහුව මඟ ඇරලා තිබුනා. මේ සිද්ධිය යමුනා මාලනී පෙරේරා මහත්මිය ම පෞද්ගලිකවම හමුවෙලා ඔහු කියල තිබුනා. ඔහුට තමන්ගේ ගමට ගියත් මතක් වෙන්නේ මේ සිද්ධිය යි. අනෙක් අය අත්විඳින ස්වභාව සෞන්ධර්යය අත්විඳින්න ඔහුට දැන් බෑ. මේ සිද්ධිය ඔස්සේ තමයි එතුමිය, චන්දන ලියනආරච්චි මහත්මයා ගායනා කරන "සුවඳ මට දී" කියන ලස්සන ගීතය රචනා කරලා තියෙන්නේ.
       එදා මතකයේ සිහින සිතුවිලි 
      මගේ හිත රිද්දන තරම් 
      නැගුනු හසරැලි විසිර පාවී 
      කදුලු බර වැඩි වෙන තරම්   
      දෛවයත් කිම මටම සරදම් 
      දුකම දීල හෙමි හෙමින් 
      මං ඔබට ආදරේ තරමට 
      වේදනා ඇයි මේ තරම් 







































Saturday, November 3, 2012

දුන්නු වේදනා................

දුන්නු වේදනා මේ නෙතින් උතුරලා.......... 

මේ ගීතය ගයන්නේ නිරොශා විරාජිනිය වුවත් මේ ගීය උපදින්නේ පිරිමි හදවතක. ඒ නිසා මේ ගීතයේ අත්දැකීම හැමෝටම පොදුයි කියල හිතෙනවා.

    මේ ගීතය පළමු වතාවේ ඇසීමෙන්ම මගේ හදවතට වඩාත්ම සංවේදීව දැනුන ගීතයක්. ඇත්තටම ආදරය ගැන මේ ගීතයෙන් අපූර්ව විවරනයක් කරනවා. ආදරය ඇතිවෙන්න දැනෙන්න ලොකු කාලයක් ඔවමනා වන්නේ නෑ...... ඉතා ක්ශනිකව ඇතිවන හැගීමක් ..අපේ ජීවිතය පුරාම අපේ හදවතට ගැබුරින්ම දැනෙන්න  පුලුවන්. ඒ කෙටි කාළය තුළ ලබන මතකයන් එක්කම මුළු ජීවිත කාලයපුරාවටම ඒ ආදරයේ සුවද හදවතට දැනෙනවා. ඒත් ඒ ආදරය සිහිනයක්නම්...........
       කෙටි කාලයකින් හමුවී 
       මගේ ජීවිතයට පැමිනී 
       ලස්සනම සිහිනෙකී ඔයා............... 

ඒ නොලැබෙන සුන්දම සිහිනයක් වූ ආදරය ගැනයි මේ ගීතයෙන් ගැයෙන්නේ..... 
මේ ගීතයේ තියෙන්නේ ඉතාම සරල නමුත් සංවේදී පද මාලාවක්. මේ ගීතය අසන ඇසෙන සෑම මොහොතකම තමෛ විදි ආදරය සිහිපත් කරන්නට නිරෝශාගේ ගායනය පොහොසත් වෙනවා. 


ඩිලාන් ගමගේ 
දුන්නු වේදනා මේ නෙතින් උතුරලා
මතක රැස් වෙලා හිත අයාලේ ගියා
හිතෙන්නේම නෑ ඔබ මගේ නොව කියා
ජීවිතේම දැන් මාගේ සිහිනයක් වෙලා
කෙටි කාලයකින් හමුවී
 මගේ ජීවිතයට පැමිනී 

ලස්සනම සිහිනෙකී ඔයා.............


මේ සීත වස්සානේ පාළුව ගලන්නේ 
තනිකමයි හදවත සරන්නේ 
මේ අන්ධ හිත මානේ මතකය තැවෙනේ 
සෝ සංකා හිරි හැර කරන්නෙ 

නිරෝශා විරාජිනී 
කෙටි කාලයකින් හමුවී 
 මගේ ජීවිතයට පැමිනී 
 ලස්සනම සිහිනෙකී ඔයා.............

සද නේන රෑ යාමේ සසලව හිදින්නේ 
කළුවරයි දසතින් හමනේ 
වැටෙන හුස්මක් ගානේ ඔබවමයි සිහිවනේ 
ඔබ කොහේදෝ හිදින්නේ 

කෙටි කාලයකින් හමුවී 
 මගේ ජීවිතයට පැමිනී 
 ලස්සනම සිහිනෙකී ඔයා.............


රදීශ් වැන්දබෝනා 
ගායනය:නිරෝශා විරාජිනී 
පද: ඩිලාන් ගමගේ 
සංගීතය:රදීශ් වැන්දබෝනා 



වසන්තය හරිම ලස්සනයි. ඒ වසන්තයේ සීතල මට දැනෙනවා........... නමුත් ඔයා නැතුව මම... මගේ හදවත පාළුවෙන්....... මොන දේ තිබුනත් මට කොතනක හෝ අඩුවක් දැනෙනවා..... මට ඔයා නැතුව දැනෙන තනිකම තමයි ඒ අඩුව ......ඒ කමයි මගේ හදවතේ සැරිසරන්නේ....... අපේ අතීත මතක සැමරුම් එක්ක මම තවම තැවි තැවී ජීවත්වෙනවා. ශෝකය සංකාව මට හිරිහැරකරනවා.
කෙටි කාලයකින් හමුවී 

මගේ ජීවිතයට පැමිනී 
 ලස්සනම සිහිනෙකී ඔයා.............

මාස ගනන් වසර ගනන් අපි එකට නොහිටියත් ඒ අපි එකට හිටපු කෙටි කාලය ඉතාමත් සොදුරුයි නේද කියල අද මට එදාට වඩාදැනෙනවා...... අපි අතරෙ තිබුනේ පුදුම ලෙන්ගතුබවක්. ඔයා සිහිනයක් කිය කියා දැන දැනම මම ආදරය කලා...... එත්.... අපි පුදුම සතුටින් හිටියා. විහිලුවටවත් සිත් රිදවීමක් රණ්ඩුවක් උනේ නෑ....... ඒ ඔයා...... ඔයාගේ වචන බැල්ම හැසිරීම හැම දෙයක්ම මාව උමතු කල නිසා. ඔයාගෙ අහිංසක සිතට වගේම ඔයාගේ මෘදු වදන් වලටත් මම පිස්සුවෙන් වගේ ආදරය කලා........ මට නිතරම සිහිවෙනවා. ..ඇත්තටම..............

කෙටි කාලයකින් හමුවී 
 මගේ ජීවිතයට පැමිනී 
 ලස්සනම සිහිනෙකී ඔයා.............





මම ඔයාට ආදරෙයි කියලා ඔයත් මමත් වචන වලට නොපෙරලුවත් ව්වෙන කිසිම කෙනෙකුට වඩා ඔයා මටත්, මම ඔයාටත් ළං උනා නම් ආදරයෙන් සිටියනම් අපි අතරේ තිබු බැදීම ගැන අපිට හොදටම තේරෙනව නේද.......... ඒ නිසාමයි මට පාළුවක් තනිකමක් දැනෙන හැම මොහොතකම මගෙන් වැටෙන හැම සුසුමකම තාමත් ඔයා ඉන්නේ.......... සිහිවනේ.............. ඔයාව මතක් වෙද්දී තාමත් මම මේ තරමට සංවේදී වෙන්නේ ඇයි කියල මට තවමත් හිතා ගන්න බෑ.................

තම සිත සෝරාගත් පෙම්වතා හෝ පෙම්වතිය ගැන සිතමින් සිහින දකින හැමෝගෙම හැගීම මේ වගෙයි. ආදරය හා අනුරාගය අතර ඇති වෙනසත් මේ ගීතයෙන් කියවෙනවා. ඇස් දෙකෙන් නොදැක ,,හඩ පවා නොඅසා ,,කිසිදු භෞතික බැදීමක් නොමැතිව මානසිකව කරන විදින ලබන සොදුරුම ආදරයක අත්දැකීමක් මේ..............................

 ගීතය රස විදින්න............... .......

ගීතය ගැන ඒ ගීතය හැදුන  හැටි දැන ගන්න........ 




මාතොටින් එන උතුරු සුළගේ

යුද්ධයේ දුක් රැගෙන මාතොටින් ආ උතුරු සුලග 

පානම වැවේ සුවහසක් සුදු නෙළුම් පිපේ . කිලෝ මීටර් දෙක තුනකට ඔබ්බෙන් ඇති සුන්දර මුහුදු තීරයෙන් උපදින සුළග පානම වැවේ හැපී දෙපස ඇති මහා වනපෙතට රිංගා ගන්නේ තුරු අතු පතරෙහි ආදරය ලබමිනි.  

    එහෙත් 1983දී ගුරු පත්වීමක් ලබා පානමට යන මහින්ද චන්ද්‍රසේකර, එහි එවැනි සුන්දරත්වයක් දුටුවේ නැත. පානම වැවේ නෙලුම් මල් පිපුනද ඒවා සිව්දිගෙන්ම ඇසෙන වෙඩි හඩට බයේ පෙති අඩක් හකුළුවාගෙන උන්නාය.
          එහි උන් සිංහල ,,දෙමළ මුස්ලිම් සියලුම දරු පැටවුන් මේ නෙළුම්මල් මෙන් වෙඩි හඩින් බයවී එකම පන්තියක එකට බයෙන් වෙලී අකුරු කරන හැටි මහින්දයන් දුටුවේය.

     මේ ත්‍රස්තවාදීන් විසින් දෙමළ ළමයින් පැහැරගෙනගොස් ඔවුන්ගේ මීනීමරු ත්‍රස්තවාදයට යොමුකර සිංහල දරුවන් මරා දැමූ යගයක් විය. මේ නිසා ඇතැම් දරුවන් පාසල් ගමන් නතර කර ගමෙන් බාහිර මහා මන්දිරවල බැල මෙහෙවරකම් වලට ගියේ තම පණ බේරා ගැනීමටය. ගුරුවරුනට සිදුවූයේ මේ සියල්ල දෙස බලමින් අසාධාරණයට අයුක්තියට හිස නමමින් නිහඩව කම්පා වීමටය.



තවදුරටත් පානම මහා විදුහලේ ගුරුවරයෙකුලෙස සේවය කරන්නට බැරිනිසා මහින්ද චන්ද්‍රසේකර අම්පාරේ සිංහලයන් වැඩි පෙදෙසක පාසලකට මාරුවීමක් රැගෙන ගියේය. තවත් කලකට පසුව ගල්නෑව මැදිවිදුහලට ගියත් පානම්දී දුටු යුද්ධයට බියෙන් සිටි පුංචි සරෝජලා ඔහුගේ සිත නිරන්තරයෙන් කම්පාවට පත්කලේය.
 මෙතෙක්කලක් සිතට වදදුන් මේ සිද්දිසමූහය  මහින්ද චන්ද්‍රසේකර ගේ සිතෙන් එලියට පැන්නේ වචන ගොඩාක් ලෙසටය. ඒ 1992දී පමනය. අත්දැකීම පානමට අයත් වූවත් පරිසරය ඔහුට හුරුපුරුදු මැදවච්චිය ,මඩුපල්ලිය ,,මන්නරම වැනි ප්‍රදේශ වලට බද්ද වෙමින් ලියවිනි.
                     මෙය ලියාගෙන ගිය  මහින්ද චන්ද්‍රසේකර ගේ මතකය 1989කළබල සිද්දි වලින්ද සසල විය. ඔහු අනුරාධපුරයේ විදුහලක සේවය කල සමයේ විදුහල අසල බෝම්බයක් පුපුරා ගියේය. ඒ හඩට වයසක විදුහල්පතිවරයාගේ අතෙහි තිබූ පෑන බිමට වැටුනේ ලියමින් සිටි අකුරක්ද ඇදකරමිනි.
    වචන පොලිමේ ආවේ  මහින්ද ටත් හොරාය.

මා තොටින් එන උතුරු සුළගේ
ගිනි සිබින මඩු පල්ලියේ
දෑස් අග මුතු කදුලු හංගන
සරෝජා මගේ දෝනියේ.......
වෙඩිහඩට පොඩි අකුරු ඇදවෙයි
මක්කරන්නද පැංචියේ
ගුරුතුමී මා සිසුවියයි නුබ
ඒත් අපි එක පංතියේ 



කරවටා අත දමා හිනැහුනු
කෝ නුබේ පොඩි යාලුවන්
දයාවක් නැති ලෝකයක් දැක
උන්ගිහින් පැන මායිමෙන්
තත්තා හීනෙන් ඇවිත් අත
වනන තුරු කදවුරු දොරින්
කාටවත් නැති දුවේ කවුරුත්
නුබ රකීවිද සෙනෙහසින් 



මන්දිරේ දොර නුබව කැදවයි
බේබිලා හඩනා හඩින්
මායිමේ වැට අඩගසයි හෙට
අවි දරා රකිනා ලෙසින්
දමා ගොදුරට කෙසේ යන්නද
ඒත් යන්නට වෙයි ඉතින්
වරක් දැක හිත නිවාගන්නට 

රෝහන වීරසිංහ 


දුවේ ඩිංගක් හිනැහෙයන් 

ගායනය:දීපිකා ප්‍රියදර්ශනී පීරිස්
පද: මහින්ද චන්ද්‍රසේකර
සංගීතය:රෝහන වීරසිංහ 

දීපිකා ප්‍රියදර්ශනී පීරිස් 

මහින්ද චන්ද්‍රසේකර කවියෙක් බැවින් ඔහූ කවියැකැයි සිතූ මේ පද මාලාව ඔහුගේ මිතුරු කරුණාරත්න දිවුල්ගනේ මහතගේ මැදිහත්වීමෙන් දීපිකා ප්‍රියදර්ශනී පීරිස් ගායිකාවට ලැබුනි. රෝහන වීරසිංහයන් ලගට ගීතය රැගෙන ගියේත් කරුණාරත්න දිවුල්ගනේ මහතාමය. 

මේ ගීතය නිර්මානයේදී වචන අඩුකර දෙන ලෙස රෝහන දීපිකාගෙන් මෙන්ම මහින්දගෙන්ද ඉල්ල .සිටියේය.එහිදී කලින් තිබූ අපූර්වත්වය මහින්දගේ නව පද මාලාවෙන් ගිලිහී ගියේය. එබෙවින් රෝහන පරන පද වලටම අපූර්ව තනුවක් නිර්මාණය කලේය, 





























එදා මෙදා තුර හැමදාමත් රසික සවන් ,,සිත් සතන් කම්පාවට පත්කල මේ ගීතය ජ්‍යත්‍යන්තර සාම ත්‍යාගය සදහා නිදේශ වී තිබේ. ගුශි ජ්‍යත්‍යන්තර සාම සම්මන උලෙල නොවැ 28 පිලිපීනයේ මැනිලා නුවර පැවැත්වෙයි. එහිදී විශාරද දීපිකා ප්‍රියදර්ශනී පීරිස් සරෝජා ගීතය ගයා සම්මානය ලබා ගනු ඇත. 
එය අපට අප රටට ආඩම්බරයකි.!!!!!!!!!!  

 .