Thursday, October 11, 2012

එගොඩත් මෙගොඩත් ගම් යා කරලා............................

එගොඩත් මෙගොඩත් ගම් යා කරලා............................

මතු පිටින්  පෙනෙනවට වඩා සම්පූර්නයෙන්ම වෙනස් අර්ථයක් ඇති ගීතයකුයි මේ.......

 

එගොඩත් මෙගොඩත් ගම් යා කරලා 

පාලම සාදා බලා සිටින්නේ 

ඔබ මා වෙත පිය නගන තුරා........ 

 

 

පෙර ලෙස අබලන් ඔරුවේ නැගලා 

එගොඩට යන්නට ඇයිද සිතන්නේ 

සිහිය විකල් වූ කෙනෙකු නියා.......... 

 

 

මල්බර තුරුලිය පීදෙන කෙත් වතු 

අප හට ආසිරි පවසනු වැන්නේ 

වඩිනු මැනවි පා සළබ සලා......... 

ගායනය: පුන්සිරි සොයිසා
පද: තු. ව. කුසුමපාල
සංගීතය: ස්ටැන්ලි එම්. ප්‍රනාන්දු 

  
මේ ගීතය බිහිවෙන්නේ 60-70 දශකයේ. මේ යුගය තොටුපළ තොටියා පාලම ඔරුකද ගැන නිර්මාණ රැසක් බිහිවෙන යුගයක්. ඒකට හේතුව වන්නේ මේ කාලයේදී තමයි තොටුපළ වෙනුවට පලම් ගොඩ නැගුනේ. මේ නිසාවෙන්ම තොටියන්ගේ ජීවිත වෙනස් වුනා. තොටුපළ නැති වුනා. මිනිස් ජීවිත ටිකක් වේගවත් වුනා. වෙනස් වුණා. අන්තිමට මේ සියල්ලම ගීත නිර්මාණ බවටත් පත් වුණා. 
මේ ගීතයේ රචකයාගේ නම ටිකක් නුහුරුයි නුපුරුදුයි. නමුත් සදහන් වෙන ආකරයට ඔහු අතින් ඉතාමත් වටිනා ගී පද රාශියක් අපේ සංගීතයට එකතුවෙලා තියනවා. නමුත් ඔහු වෘර්තීය සාහිත්‍යකරුවෙක් නෙවෙයි. ඔහු වෘර්තියෙන් ඉංජිනේරුවරයෙක්. ඒ අතරේ තමයි ඔහු ගීත රචනා කිරීමත් සිදුකලේ.... 

මොරටු පාලම ගොඩ නගද්දී කුසුමපාලයන් දෛවෝපසහගත විදියට එහි සේවය සදහා ආවා. මොරටු ගග වෙනදා වගේම ගලා ගෙන යනවා. පාලමේ වැඩ පටන් ගත්තා. දැන් පාලම හැදෙනවා. ටිකෙන් ටික මොරටු ප්‍රදේශයේ මිනිසුන්ගේ ජන ජීවිතය වෙනස් වෙනබව කුසුමපාල මහත්මයාගෙ සිතට දැනුණා. එදා අද වගේ නොවෙයි. මොරටුව කියන්නෙත් සාමාන්‍ය ප්‍රදේශයක්. සරල ජීවිත තමයි මිනිසුන්ට තිබුනේ. මේ විදියට කාලය ගතවී ගෙන යන එක දවසක, කුසුමපල මහත්මයා ගේ කවි සිත අවදිවෙනවා. මොරටුව පාලම දිහා කවි ඇසින් බලපු ඔහු දවසක් පෑන අරගෙන කුරුටු ගෑවා.
             පාලම එගොඩ මෙගොඩ ජීවත් වෙන, විවාහ වෙන්නට බලාපොරොත්තුවෙන් ඉන්න තරුණ පෙම්වතුන් දෙදෙනෙකුගේ කතවක ස්වරූපයෙන් ගී පද රචනය නිම කලා.
නමුත් මේ ගීතයෙන් කියවෙන්නේ ප්‍රේම වෘත්තන්තයක් නොවෙයි. මිය යන්නට පෙර ඒ කතාව හෙළි කලෙත් කුසුම පාල මහත්මයමයි.  ඔහුට අනුව ඔබ මා වෙත පිය නගන තුරා කියන්නේ පෙම්වතියකට නොවෙයි. නගරයටයි. පාලම සදා නිමකල පසු නගරය සහ ගම සම්බන්ද වෙන ආකාරයයි ඔහු ඒ විදියට ගීතාත්මකව ලියා තිබෙන්නේ.

වඩිනු මැනවි පා සළබ සලා...... කියන වචන වලින් කුසුමපාල මහත්මයා ලක්ශ්මී දෙවගන වගේ නගරයක් ප්‍රාර්තනා කල බවයි හැගවෙන්නේ...........................                                                                                                                       
 

No comments:

Post a Comment