දවසක් පැල නැති හේනේ.............................
මව් සෙනෙහස ගැන ගැයෙන ගීත අතරින් අද්විතීය ස්ථානයක් හිමිවෙන ගීතයක් ලෙස නොබියව මට කිව හැකි ගීතයක් ලෙස ගුණදාස කපුගේ මහතා විසින් ගැයෙන මෙම ගීතය පෙන්වා දිය හැකියි. . සියුම් ස්වරයෙන් ඇරබී විලාපයකින් නිමවන මේ ගීතය උත්තරීතර වූ මව් සෙනෙහස අපේ හදවත් වලට ඉතාමත්ම හොදින් දනවන්නට එදා මෙදා තුර සමත් වී තිබෙනවා .
දවසක් පැල නැති හේනේ
අකාල මහ වැහි වැටුනා
තුරුලේ හංගාගෙන මා ඔබ තෙමුනා අම්මේ
පායන තුරු හිටි පියවර හිටියා ඔබ අම්මේ.....................
නුවර වීදි යට කරගෙන නින්දා වැහි වැගිරුනදා
බිරිදකගේ සෙනෙහෙ ගියා යෝධ ඇලේ නැම්මේ
ඔබෙ සෙනෙහස සුවද දිදී දැනුනා මට අම්මේ............
කොළඹ අහස කලු කරගෙන මුහුදු හුලග හඩලනකොට
ඔටුන්න බිමදා දුවගෙන එන්නද එක පිම්මේ
මං එනතුරු ඉදිකඩ ලග ඉන්නවාද අම්මේ...............
ගායනය හා සංගීතය :ගුණදාස කපුගේ
පද: රන්බංඩා සෙනවිරත්න
අපේ සිංහල ගීත සාහිත්‍යය තුල මව් සෙනෙහස ගැන ගැයෙන ගීත අතරින් අග්‍රගන්‍ය ගීතයක් ,
දවසක් පැල නැති හේනේ................... ගීතය. එනිසාවෙන් අද මම මේ ගීතයේ අර්ථය ගැන සිතුවෙමි. අපි මොන පවුල් පසුබිමක සිටියද එකම අයුරින් අපේ හදවත් වලට දැනෙන එකම හැගීම මව් සෙනෙහසයි. ඒ උත්තරීතර වූ මව් සෙනෙහස ඕනෑම කෙනෙකුගේ හදවත සියුම්ව ස්පර්ශ කරන, ඒ උත්තරීතර සෙනෙහස සිහිවීමෙන් නෙතගට කඩුලක් මුසු කරන මේ ගීය......................
දවසක් පැල නැති හේනේ අකාල මහ වැහි වැටුනා
තුරුලේ හංගාගෙන මා ඔබ තෙමුනා අම්මේ
පායන තුරු හිටි පියවර හිටියා ඔබ අම්මේ.....................
මේ ගීතය පුරාම විහිදෙන මහ ලොකූ ගැබුරු අර්තයක් තිබෙනවා. පැලක් නොමැති හේනක තිබෙන අනාරක්ශා කාරීබව් වගේම අනාරක්ශාකාරී බවක් පියා නැති පවුලකටත් තියෙනවා. අකාලයට වහින වැසි වලින් අරක්ශාවක් එවැනි හේනක නැති උනාට අම්මේ.................... තාත්තා නැතිවම ඔයාට එල්ලවෙන නින්දා අපහාස ඉවසාගෙන දරාගෙන ඔයා අපිව ආරක්ශා කරපු හැටි..... අපි ඒ නින්දා අපහාස වැසි වලට නොතෙමුනාට ඔයා.............. ඒ වැස්සට තෙමුණා නේද............. කියල මට අද සිහිපත් වෙනවා.... ඇත්තටම අම්මේ............... ඔයා අපිට ඒ කිසිම දුකක් කරදරයක් දැනෙන්න දුන්නේ නෑ...........
"පායන තුරු හිටි පියවර හිටියා ඔබ අම්මේ....................."
අම්මේ............. අපි ඉගෙන ගෙන හරි හමන් තැනකට එනකම්ම ඔයා වෙනත් කසාදයක් ගැන නොහිතම අපි වෙනුවෙනම කැපවුණු හැටි අද මට සිහිවෙනවා......... ඔයාගේ ජීවිතේ ඔයාගේ එකම අරමුණ උනේ මමම නේද කියල දැන් මට හොදටම පැහැදිලි වෙනවා............
නුවර වීදි යට කරගෙන නින්දා වැහි වැගිරුනදා
බිරිදකගේ සෙනෙහෙ ගියා යෝධ ඇලේ නැම්මේ
ඔබෙ සෙනෙහස සුවද දිදී දැනුනා මට අම්මේ..........
දැන් බිරිද මෙහෙම වෙනස් උනාම මට පරණ සෙනෙහස මතක් උනා...... අම්මව සිහි උනා......... කසාදයක කරගන්නැතිව,මාව ලොකු වෙනකල් දුකක් නොදී බලාගත් අම්මලගට ....... ඒ සෙනෙහස ආරක්ෂාව සොයාගෙන යන්න ඕන...... යන්න හිතෙනව.................
කොළඹ අහස කලු කරගෙන මුහුදු හුලග හඩලනකොට
ඔටුන්න බිමදා දුවගෙන එන්නද එක පිම්මේ
මං එනතුරු ඉදිකඩ ලග ඉන්නවාද අම්මේ...............
අම්මේ...................... මම මේ හැම සැපතක්ම අතහැරලා ඔයගේ ආදරේ සොයාගෙන එකපිම්මේ දුවගෙන එන්නද................. ඉස්සර මගේ පොඩි කාලේ වගේ මම එනකම් ඉදිකඩ ගාවට වෙලා ඉන්නවද මම එනකම්. ඉන්නවද අම්මේ................... ඉන්නවද.............. එහෙම ඉන්න අද ඔයා නෑ කියල මට මතක් වෙනකොට මම විලාප නොගහ ඉන්නෙ කොහොමද කියලා මට කියා දෙන්න අම්මේ................... ( මේ අර්ථය හැගවෙන අයුරින් විලාපයකින් වේදනාවකින් මේ ගීතය අවසන් වෙන්නේ ඒ නිසාවෙනුයි)





No comments:
Post a Comment