පවනට සැලෙනා දොබ මල් සුවදින්..............
පවනට සැලෙනා දොබ මල් සුවදින්..............
මේ
ගීතය ලියවෙන්නේ රචකයාගේ ජීවිතයේ ඇතිවූ කිසියම් කම්පනයක ප්රතිඵලයක් ලෙසයි.
ඔහු අතින් ලියවුනු මුල්ම වගේම ඔහු අතින් තවම ලියවුනු එකම ගීතයත් මෙයයි.

පවනට සැලෙනා දොබ මල් සුවදින්
ආදර හසරැල් මුවට නැගෙයිදෝ........
සවනට කොදුරා පවසන වදනින්
ආදර හැගුමන් සිතට දැනෙයිදෝ.......
මල් ඇතිරූ ඒ සුව යහනේ ඔබ
අඩවන් දෙනෙතින් ආලවඩයිදෝ....
මා ඇකයේ සිට පොඩි පුතු හඩනා
ඒ දුක්බර හඩ ඔබට ඇසෙයිදෝ......
ඇකයේ සිට මා පුතු හඩනා සද
ලේ කිරි වී දැයි නොදනිමි මා ළද ..........
අසරණ දෙනෙතින් පුතුදෙස බැලු සද
දුටුවේ වැගිරුණු කදුලු පමණි ලද.......
****පවනට සැලෙනා දොබ මල් සුවදින්
ආදර හසරැල් මුවට නැගෙයිදෝ........
සවනට කොදුරා පවසන වදනින්
ආදර හැගුමන් සිතට දැනෙයිදෝ.......
දොබ මල් වල සුවද වඩාත් වැඩියෙන් දැනෙන්නේ සුළං හමද්දි. ඒ සුවදට මුවග
ආදරණීය සිනා උපදීවිද.......? කණට ළං වෙලා කියන වචන වලින් ආදරණීය සිතුවිලි
හිතට පහළවේවිද......? නැහැ , කොහෙත්ම නැහැ. ඇය ඔහු අතැර ගිහින් .ඔහු විතරක්
නෙවෙයි ආදරණීය පුංචි පුතත් තනිකරලයි ඇය වෙනකෙකු සමගින් ගොස් ඇත්තේ.
**** මල් ඇතිරූ ඒ සුව යහනේ ඔබ
අඩවන් දෙනෙතින් ආලවඩයිදෝ....
මා ඇකයේ සිට පොඩි පුතු හඩනා
ඒ දුක්බර හඩ ඔබට ඇසෙයිදෝ.....
සැමියා...... තම දරුවා නලවනවා. බිරිද තවකෙකුගේ පහස ලබනවා. දරුවා නලවද්දි
පියා තුල කිසිම වෛරයක් උපදින්නේ නැහැ. මවගේ කුසින් නැළවෙන්නේ පියාගේ ඇකයේ.
දරුවා පියාගේ ඇකයේ නැලවෙද්දි මව.... වෙන කෙනෙකුගේ ඇකයේ සිට අදර බස්
දොඩවනවා. අලුත් පෙම්වතාගේ ඇකය ඇයට මල් ඇතිරූ සුව යහනක්..... ඈ ඒ යහනේ
අනුරාගී දෙනෙතින් .පෙම්වතා සමග පෙම් කරද්දී පියා ඇකයේ සිටින පුංචි පුතා මව්
සෙනෙහස ඉල්ලා හඩා වැටෙනවා. ඒත් සුරතල් දරුවාගේ දුක්බර හැඩුම් මවට
ඇසේවිද....... නෑ...... ඇය අසම්මත පෙමකින් අන්ද වෙලා. දරුවා ඇකයේ තබාගෙන මේ
ආදරනීය පියා ගයන්නේ නැලවිලි ගී නෙවෙයි හදවතේ විලාපයි.
****ඇකයේ සිට මා පුතු හඩනා සද
ලේ කිරි වී දැයි නොදනිමි මා ළද ..........
අසරණ දෙනෙතින් පුතුදෙස බැලු සද
දුටුවේ වැගිරුණු කදුලු පමණි ලද.......
ඔහුගේ ඇකයේ ඉන්න පුංචි පුතා කිරට හඩනවා. ඒත් පියෙකුගේ ලේ කිරට බවට
හැරෙනවද...... නැහැ... පුංචි පුතා කොතරම් හැඩුවත් පියාට ලේ කිරි කර පොවන්න
වසනාවක් නැහැ. ඔහු අසරණයි. ඒ අසරණ වූ ඇස් දෙකින් පුංචි පුතා දෙස ඔහු බලා
සිටිනවා. කිරිකැටියාගේ පුංචි සිරුර කදුලු වලින් පිරිලා. තාත්තගේ කදුලු
වලින් පුංචි පුතා නෑවිලා. මවකට කිරි එරුනට පියෙකුගෙන් වැගිරෙන්නේ කදුලු
විතරයි. ඒ කදුලු මවකගේ කිරිවලට සම කරන්න පුලුවන්ද..........
ගායනය: ටී. එම්. ජයරත්න
පද: ධර්මසිරි බණ්ඩාරනායක
සංගීතය: පේමසිරි කේමදාස
http://www.youtube.com/watch?v=s1FD4U3JNSc
ReplyDelete