Wednesday, October 10, 2012

සද දිය උතුරා....................

සද දිය උතුරා....................

සද දිය උතුරා අපතේ යයි 
ගිලී නාන්නට එන්න ප්‍රියේ ........
තරු කැට ගිලිහී දියේ ගිලෙයි 
ඒ තරු ඇහිදින්නට එන්න දියේ  ........

තුරු වැල් අහගෙන සිටින නිසා 
කට වහගෙන හිටියොතින් ගුණයි .....
 රාත්‍රියට ඇස් තියෙන නිසා
දග වැඩ හොද නෑ බලාගෙනයි......

හරිම කෙටියි රෑ තුන් යාමේ 
හරියට එක යාමයක් වගෙයි..... 
ඉර දුටුවත් නාඩන්න කියා 
පනිවිඩයක් යැව්වොතින් හොදයි ......

ගායනය: නිරෝශා විරාජිනී 
පද: සුනිල් ආරියරත්න
සංගීතය: රෝහන වීරසිංහ 



        මෙම ගීතය මම අසා ඇති  ශුංගාර රසය හදවතට  උපරිමයෙන් දන්වන ගීත කිහිපය අතුරින් එකක්. පද සංගීතය වගේම නිරෝශා විරජිනියගේ සරගී  ලයාන්විත ගායනයත් මෙහි එම රසය ස්‍රාවකයාට හොදින් දනවන්න හේතු වෙනවා.    


*****සද දිය උතුරා අපතේ යයි 
          ගිලී නාන්නට එන්න ප්‍රියේ ........
                                  තරු කැට ගිලිහී දියේ ගිලෙයි 
                                  ඒ තරු ඇහිදින්නට එන්න දියේ  ........
 මේ ගීතය පුරාවටම ගැයෙන්නේ පෙම්වතිය විසින් පෙම්වතාට කෙරෙන ප්‍රේම අරාධනාවක්. සුන්දර රාත්‍රියක කලුවරේ සිටම ඇය පෙම්වතාට ගයනවා . ඇය ඔහුට අරාධනය  කරනවා ..ප්‍රියේ............. එන්න... මේ සද මඩල යටට. මේ උතුරා යන සද දියෙහි ගිලී නාන්න. ඇය ඇත්තටම කියන්නෙ සද රැස් ගැනමද............? මේ ගීතය පුරාවටම මේ වගේ අමුතුම අලංකාර යෙදුම් තියෙනවා. මේ සද දියෙහි ගිලිහී වැටෙන තරු ඇහිදින්න යමූ............ ඇය කොහේ සිට ගයනවද...... කොතන සිටියත් ඇය ගයන්නේ සොදුරුම රාත්‍රියක සද මඩලක සෙවනක සිටයි. ඇගේ ගායනය පෙම්වතාව හැගීම් අවුස්සනවා................

*****තුරු වැල් අහගෙන සිටින නිසා 
          කට වහගෙන හිටියොතින් ගුණයි .....
          රාත්‍රියට ඇස් තියෙන නිසා
          දග වැඩ හොද නෑ බලාගෙනයි......
 මේ රාත්‍රිය   නිහඩයි. ඒ නිහඩ බව, ආදරය  විදින්න ආදරය කරන්න සොදුරුතම පාරාදීසයක් මවනවා . මේ නිහඩබව බිදින්න එපා.............. අපි හමු වෙන්නේ ලෝකයට හොරෙන්. ඒ නිසාවෙන්ම මේ නිහඩ බව රකින්න. ගස් වැල් වලට පවා කන් තියෙන්න පුලුවන්. අපි හමුවන බව කිසිවෙකු හෝ දුටුවොත් ඇහුනොත් .................. අප හමුවෙන අවසානම රාත්‍රිය  මෙය වෙන්න පුලුවන්...... තුරු වැල් වලට කන් තියනවා වගේම මේ අන්ධකාරයට ඇස් තියෙන්නත් පුලුවන්. එබැවින් දග වැඩ කරන්න එපා............... කවුරු හරි දැක්කොත්............. නෑ....... ඈ කියන්නේ ඒකමද................ නෑ..... කොහෙත්ම නෑ....... ඇත්තටම ඇය කරන්නෙ පෙම්වතාට දග වැඩකට ආරාධනයක් ............... ...............පෙම්වතියන්ගේ  හිත් එහෙමමනේද.......... හිතේ තියෙන දේ නොකිය ..............වෙන දෙයක් කියන ...... එක පෙම්වතියන්ගේ  ස්වභාවයනේ................මෙම ගීතයේ තිබෙන අලංකාරම යෙදුම වැඩිම හැගීමක් දනවන යෙදුම වන්නේද මෙයයි....... "දග වැඩ හොද නෑ බලාගෙනයි...... "ගීතය තුල නිරෝශා විරජිනිය මෙම පද වැලට දෙන හැගීම ඇගේ ගායනයේ  විචිත්‍රත්වය මනාව දනවනවා.....ඇත්තටම මෙහෙම සියුමැලි වචන වලින් කතාකරනවනම්..... මෙහෙහෙම සියුමැලි විදියට හැසිරෙනවනම්......... මෙහෙම කියදී දගවැඩක් නොකර ඉන්න හිතෙනවනම් පුදුමයි නේද....... ඒ දේ ලබන්න ඉතින්................. පෙම්වතිය පෙම්වතගේ රුචිකත්වයට හැඩ ගහෙන්න්නම  වෙනවා.......
              මේ කොටස් දෙකෙන්ම ඇය ආදරයේ සොදුරු බව ශුංගාරය වගේම  අවිහිංසක බොලද බව පවසනවා. නමුත් අවසානයේ  ඇය වැලපෙනවා.
*****හරිම කෙටියි රෑ තුන් යාමේ
          හරියට එක යාමයක් වගෙයි..... 
          ඉර දුටුවත් නාඩන්න කියා 
          පනිවිඩයක් යැව්වොතින් හොදයි ......
 මොවුන් හමු වන්නේ රහසේ..... පෙම් සුව විදින්නෙත් රහසේ........... ඉතින් මේ නිහඩ නිස්කලංක රාත්‍රිය ඔවුන්ට.......... මේ රෑ තුන් යාමයම එක යාමයක් වගේ හැගෙයිනම් ..............ඒක පුදුමයක් නෙවෙයි. ආදරයේ සුව විදිද්දී කල්ප කාලයක් උනත් එක මොහොතක් වගෙයි. අනේ......... ඇය දුක් වෙනවා..... වැලපෙනවා.......... මේ රෑ තුන් යාමය නිමා වීම ගැන. ඇය මේ රාත්‍රියට ඒ තරමටම ආදරය කරනවා. ඇය කුකුලන්ට පනිවිඩයක් යවන්න හදනවා...... ඉර දුටුවත් නාඩන්න කියා................ ඇයි......... රාත්‍රිය නිමා වුවද ඔවුන්ට මිනිසුන් අවදි නොවන තෙක් පෙම් සුව විදීමට හැකි බැවිනි. 
මෙම අවසාන පද කිහිපය තුල පෙර නොදුන් ආකාරයේ ශෝඛී හැගීමක් දන්වන්නට නිරෝශා විරජිනිය සමත් වෙනවා......... "ඉර දුටුවත් නාඩන්න කියා.............."
           
මේ ගීතයේ ලොකු සැගවුනු අර්තයක් නැතත් ඉතාම හොදින් රස විදින්න පුලුවන් ගීතයක් ..මෙම ගීතයටම අනන්‍යවූ සංගීත නාද රටාව මෙම ගීතය සොංකේතයක් බවට පත් කරනවා. මෙහි හැගීම හදවතට උපරිමෙන් දනවන්නට සද දිය උතුරා යන නිහඩ රාත්‍රියක.................. ගීතය විදින්න


No comments:

Post a Comment