යුද්ධයේ දුක් රැගෙන මාතොටින් ආ උතුරු සුලග
පානම වැවේ සුවහසක් සුදු නෙළුම් පිපේ . කිලෝ මීටර් දෙක තුනකට ඔබ්බෙන් ඇති සුන්දර මුහුදු තීරයෙන් උපදින සුළග පානම වැවේ හැපී දෙපස ඇති මහා වනපෙතට රිංගා ගන්නේ තුරු අතු පතරෙහි ආදරය ලබමිනි.
එහෙත් 1983දී ගුරු පත්වීමක් ලබා පානමට යන මහින්ද චන්ද්‍රසේකර, එහි එවැනි සුන්දරත්වයක් දුටුවේ නැත. පානම වැවේ නෙලුම් මල් පිපුනද ඒවා සිව්දිගෙන්ම ඇසෙන වෙඩි හඩට බයේ පෙති අඩක් හකුළුවාගෙන උන්නාය.එහි උන් සිංහල ,,දෙමළ මුස්ලිම් සියලුම දරු පැටවුන් මේ නෙළුම්මල් මෙන් වෙඩි හඩින් බයවී එකම පන්තියක එකට බයෙන් වෙලී අකුරු කරන හැටි මහින්දයන් දුටුවේය.
මේ ත්රස්තවාදීන් විසින් දෙමළ ළමයින් පැහැරගෙනගොස් ඔවුන්ගේ මීනීමරු ත්රස්තවාදයට යොමුකර සිංහල දරුවන් මරා දැමූ යගයක් විය. මේ නිසා ඇතැම් දරුවන් පාසල් ගමන් නතර කර ගමෙන් බාහිර මහා මන්දිරවල බැල මෙහෙවරකම් වලට ගියේ තම පණ බේරා ගැනීමටය. ගුරුවරුනට සිදුවූයේ මේ සියල්ල දෙස බලමින් අසාධාරණයට අයුක්තියට හිස නමමින් නිහඩව කම්පා වීමටය.
තවදුරටත් පානම මහා විදුහලේ ගුරුවරයෙකුලෙස සේවය කරන්නට බැරිනිසා මහින්ද චන්ද්‍රසේකර අම්පාරේ සිංහලයන් වැඩි පෙදෙසක පාසලකට මාරුවීමක් රැගෙන ගියේය. තවත් කලකට පසුව ගල්නෑව මැදිවිදුහලට ගියත් පානම්දී දුටු යුද්ධයට බියෙන් සිටි පුංචි සරෝජලා ඔහුගේ සිත නිරන්තරයෙන් කම්පාවට පත්කලේය.
මෙතෙක්කලක් සිතට වදදුන් මේ සිද්දිසමූහය මහින්ද චන්ද්‍රසේකර ගේ සිතෙන් එලියට පැන්නේ වචන ගොඩාක් ලෙසටය. ඒ 1992දී පමනය. අත්දැකීම පානමට අයත් වූවත් පරිසරය ඔහුට හුරුපුරුදු මැදවච්චිය ,මඩුපල්ලිය ,,මන්නරම වැනි ප්‍රදේශ වලට බද්ද වෙමින් ලියවිනි.
මෙය ලියාගෙන ගිය මහින්ද චන්ද්‍රසේකර ගේ මතකය 1989කළබල සිද්දි වලින්ද සසල විය. ඔහු අනුරාධපුරයේ විදුහලක සේවය කල සමයේ විදුහල අසල බෝම්බයක් පුපුරා ගියේය. ඒ හඩට වයසක විදුහල්පතිවරයාගේ අතෙහි තිබූ පෑන බිමට වැටුනේ ලියමින් සිටි අකුරක්ද ඇදකරමිනි.
වචන පොලිමේ ආවේ මහින්ද ටත් හොරාය.
මා තොටින් එන උතුරු සුළගේ
ගිනි සිබින මඩු පල්ලියේ
දෑස් අග මුතු කදුලු හංගන
සරෝජා මගේ දෝනියේ.......
වෙඩිහඩට පොඩි අකුරු ඇදවෙයි
මක්කරන්නද පැංචියේ
ගුරුතුමී මා සිසුවියයි නුබ
ඒත් අපි එක පංතියේ
කරවටා අත දමා හිනැහුනු
කෝ නුබේ පොඩි යාලුවන්
දයාවක් නැති ලෝකයක් දැක
උන්ගිහින් පැන මායිමෙන්
තත්තා හීනෙන් ඇවිත් අත
වනන තුරු කදවුරු දොරින්
කාටවත් නැති දුවේ කවුරුත්
නුබ රකීවිද සෙනෙහසින්
මන්දිරේ දොර නුබව කැදවයි
බේබිලා හඩනා හඩින්
මායිමේ වැට අඩගසයි හෙට
අවි දරා රකිනා ලෙසින්
දමා ගොදුරට කෙසේ යන්නද
ඒත් යන්නට වෙයි ඉතින්
වරක් දැක හිත නිවාගන්නට
![]() |
රෝහන වීරසිංහ |
දුවේ ඩිංගක් හිනැහෙයන්
ගායනය:දීපිකා ප්‍රියදර්ශනී පීරිස්
පද: මහින්ද චන්ද්‍රසේකර
සංගීතය:රෝහන වීරසිංහ
එදා මෙදා තුර හැමදාමත් රසික සවන් ,,සිත් සතන් කම්පාවට පත්කල මේ ගීතය ජ්යත්යන්තර සාම ත්‍යාගය සදහා නිදේශ වී තිබේ. ගුශි ජ්යත්යන්තර සාම සම්මන උලෙල නොවැ 28 පිලිපීනයේ මැනිලා නුවර පැවැත්වෙයි. එහිදී විශාරද දීපිකා ප්‍රියදර්ශනී පීරිස් සරෝජා ගීතය ගයා සම්මානය ලබා ගනු ඇත.
එය අපට අප රටට ආඩම්බරයකි.!!!!!!!!!!





nice............
ReplyDeleteThankssssss mchn....................
Delete