Saturday, November 10, 2012

සුවඳ මට දී පාට තැවරූ


සුවඳ මට දී පාට තැවරූ...................

මේ ජීවිතයේ විදි තවත් සත්‍යකතාවක් පදනම් කරගෙන ලියවුනු ගීතයක්.


සුවද මට දී පාට තැවරූ  මල අරන් පිටවී මා රැවටුවා මලවී  ඒ මලත් මැලවී ආදරේ මල ආයෙමත් පරවී


සුවඳ මට දී...

කුරුළු ගීතය වී
පෙම් ස්වරය මට ඇසුනී
කුරුළු සර ගොළුවී
මිහිමතේ තුරු කඩා වැටුනි


සුවඳ මට දී...

ගඟට නාදය වී
ඔබ ගලනවා ඇසුනි
සයුර නොම හමු වී
අතරමග සිදෙනවා දුටිමි

සුවඳ මට දී...

යමුනා මාලිනී පෙරේරා 
ගායනය:චන්දන ලියන ආරච්චි 
පද:යමුනා මාලිනී පෙරේරා 
සංගීතය:රෝහණ වීරසිංහ 

චන්දන ලියන ආරච්චි 
රෝහණ වීරසිංහ 








*****සුවද මට දී පාට තැවරූ             මල අරන් පිටවී           මා රැවටුවා මලවී                 ඒ මලත් මැලවී             ආදරේ මල ආයෙමත් පරවී


ඔයා ලස්සන මලක්. සුවද හමන මලක්. ඒත්......... ඔයාගේ ලස්සන, සුවද ඇත්තම ඒවා නෙවෙයි. ඔයා ලස්සන උනේ ඔයාගේ ඇත්තම පැහැයෙන් නෙවෙයි. තවරා ගත් පාට වලිනුයි ඔයා ලස්සන උනේ. ඒ මවා පෙන්නපු පාට වලට මම රැවටුනා. දැන් ඒ මල පරවෙලා ගිහින්. එහි ලස්සනක් අද මට දකින්න නැහැ. ඔයා දැන් මගේ ලෝකයෙන් පිටවෙලා ගිහින්. ඔයා වෙනුවෙන් මා හදවතේ පිපිනු ආදර මලත් අද පරවෙලා...... 



*****කුරුළු ගීතය වී
          පෙම් ස්වරය මට ඇසුනී
          කුරුළු සර ගොළුවී
          මිහිමතේ තුරු කඩා වැටුනි

ඔබේ එදා මට ඇසුනු කටහඩ ඉතාම මිහිරියි. ...........ඔයා...........එදා මා ලග සිට කියූ ආදර වදන් මිහිරි කුරුලු ගීතයක් වගෙයි කියලයි මට හිතුනේ............. මම ප්‍රේමයේ ස්වරය හදුනා ගත්තේ ඔබේ ඒ රාවයෙන්. නමුත් අද මම එදා වගේ ඔබේ ප්‍රෙමනීය වදන් වල මිහිර විදින්නේ නෑ. 

*****ගඟට නාදය වී
         ඔබ ගලනවා ඇසුනි
         සයුර නොම හමු වී
         අතරමග සිදෙනවා දුටිමි

මම ඔයා වෙනුවෙන් කල කැපකිරීම් ඔයා දන්නවා. එත්............. මම මගේ ජීවිතයම කැපකලේ ඔයගේ දියුනුව සතුට වෙනුවෙන්. මම දුක් වින්දේ ඔයා වෙනුවෙන්. ඒ ඔයා මගේ හින්දා. ඔයා ගගක් වෙලා ඇවිත්  සාගරයක් වගේ ඔයා වෙනුවෙන් මග බලා ඉන්න මා වෙත ඒවි කියල හිතුව. එත්........... ඔයා සාගරය හමු වෙන්න කලින්  සිදී ගියා 



මේ ජීවිතයේ විදි තවත් සත්‍යකතාවක් පදනම් කරගෙන ලියවුනු ගීතයක්.    එක්තරා ගැමි තරුණයෙකුට            සිද්ධවෙච්ච සත්‍ය සිද්ධියක් පාදක කරගෙන ගෙතුනු ගීතයක් . මේ  ගීතය රචනා කරනු ලැබූවේ ප්‍රකට ගීත රචිකාවියක් ලෙස අප කවුරුත් හදුනන යමුනා මාලනී මහත්මියයි. ඔහු ගොවිතැන තම ජීවිකාව කරගත් අහිංසක තරුණයෙක්. පවුලේ අගහිඟකම් නිසා කුඩා කාලෙම පාසල් ගමනට ආයුබෝවන් කියූ ඔහු ගොවිතැන්, කුලීවැඩ ක‍රල තමයි ජීවත්වෙලා තියෙන්නේ. ඔහුගේ පෙම්වතියත් ඔහු වගේම දිළිඳු කෙනෙක්. නමුත් ඔහු අධ්‍යාපනයේ අගය වටහාගෙන තිබුන නිසා තම පෙම්වතියගේ අධ්‍යාපනය නවත්වන්න ඉඩ නොදී දිගටම ඒ සඳහා තමන් දහදිය මහන්සියෙන් හම්බකළ දේ වියදම් කලා. තමන් නොදැකපු ඒ සුන්දර ලෝකය තමන්ගේ පෙම්වතිය තුලින් දකින්නයි ඔහු සැමදාම සිහින දැක්කේ. ඒ මහත්වූ කැපවීම විසින් ඇයව සරසවිය කරා ඔසවා තබනු ලැබූවා. ඔහු, ඇගේ සරසවි වියදම් පවා දරා තිබුනා. නමුත් අධ්‍යාපනයෙන් දියුණුවෙත්ම තම පෙම්වතාගේ තත්වය ඇයට මදි වුනා. ඇය ටිකෙන් ටික ඔහුව මඟ ඇරලා තිබුනා. මේ සිද්ධිය යමුනා මාලනී පෙරේරා මහත්මිය ම පෞද්ගලිකවම හමුවෙලා ඔහු කියල තිබුනා. ඔහුට තමන්ගේ ගමට ගියත් මතක් වෙන්නේ මේ සිද්ධිය යි. අනෙක් අය අත්විඳින ස්වභාව සෞන්ධර්යය අත්විඳින්න ඔහුට දැන් බෑ. මේ සිද්ධිය ඔස්සේ තමයි එතුමිය, චන්දන ලියනආරච්චි මහත්මයා ගායනා කරන "සුවඳ මට දී" කියන ලස්සන ගීතය රචනා කරලා තියෙන්නේ.
       එදා මතකයේ සිහින සිතුවිලි 
      මගේ හිත රිද්දන තරම් 
      නැගුනු හසරැලි විසිර පාවී 
      කදුලු බර වැඩි වෙන තරම්   
      දෛවයත් කිම මටම සරදම් 
      දුකම දීල හෙමි හෙමින් 
      මං ඔබට ආදරේ තරමට 
      වේදනා ඇයි මේ තරම් 







































4 comments: