ඉගිලෙන්න තහනම් නම් දුරක්..............
ඉගිලෙන්න තහනම් නම් දුරක්
ඇයි දුන්නෙ මට අත්තටු දෙකක්
අපි ලිව්වෙ ලස්‌සන කවි දෙකක්
මගෙ වෙන්නෙ ඇයි එක කවිපෙළක්...
![]() |
නිරෝශා විරාජිනී |
පෙම්වන්ත හිතටත් යට ඉඳන්
පෙන්වන්න අවියක් ඔබ අරන්
මට ගන්න හැකි ඉර හඳ උනත්
ඔබ දන්නෙ නැහැ ඒ බව තවත්...//
හැමදාම මල්පෙති ළංකළත්
![]() |
චන්න ජයනාත් |
දැනුනේම නෑ සුවඳැති බවක්
නෑ මා ඔබෙන් ලද අත්වැලක්
සාධාරණයි අපි වෙන් කළත්.....//
ගායනය:නිරෝශා විරාජිනී
පද: චන්න ජයනාත්
සංගීතය:රෝහණ වීරසිංහ
![]() |
රෝහණ වීරසිංහ |
ආදරයෙන් එක්වූ දෙහදක් වෙන්වීම.......... කෙතරම් දෙදෙනා එකිනෙකාට ආදරය කලත් අදහස් සිතුම් පැතුම් නොගැලපේනම් ..............ගතිපැවතුම් වෙනස් නම්........ අවබෝධය අඩුනම් වෙන්වීම හැර වෙන කුමක් කරන්නද............. විවාහය දික්කසාදයකින් නිම වෙද්දී........... පෙම්වතුන් හදවතින් වෙන්වෙනවා.........
අනවබෝධය නොගැලපීම නිසාම ආදර බැම්මක් බිදී ගිය අවස්තාවක්...... විවාහය දෙදරා ඉරිතලා ගිය ස්ත්‍රියකගේ හිතේ ඇතිවන වේදනාව විලාපය මේ ගීයෙන් අර්ථගැන්වීමට ගී පද රචකයා ගෙන ඇති උත්සාහය ඉතා සාර්ථකයැයි මට හැගෙනවා...............
ඉගිලෙන්න තහනම් නම් දුරක්
මම ඔයාට කලේ මල් පෙත්තක් වගේ සියුමැලි ආදරයක්.............. ඒත් ඔයාට ඒ ආදරේ සුවද දැනුනේ නෑ. ඒකයි ඔයා මගේ අඩු පාඩුම දැක්කේ...... මාව එක එක දේවල් කියල රිදෙව්වේ. ඔයාට මගේ ආදරේ සුවදවත් බව දැනුනෙම නැද්ද ..........................ඔයා මට දීපු වේදනා හින්දම මම ඔයාගෙන් ඈත් උනා ,ඔයා මගේ ජීවිතේ මගේ සතුට වැඩි කරන මාව සතුටුකරන අත්වැලක් උනේම නැහැ. ඒ හින්දා අද අපි වෙන් උනත් මම එක දකින්නේ මගේ දෛවය මට දීපු සාධාරන තීරනයක් ලෙසයි.
මේ ගීතය ගයන්නේ නිරෝශා........... ඈ මේ ගීතයේ හැගීම ඉතාමත් සංවේදීවම මතුකරනවා. මට මතක විදියට මේ ගීතය කාලයක් ලංකාවේ ජනප්‍රියම ගීතය වෙලා තිබුනා බොහෝ සංගීත වැඩසටහන් වල. මේ ගීතය ඇගේ ජීවිතයටත් බොහොම සමීපයි. ඇය එත් අදත් ජීවිතේ සිනහවෙන් ගතකරනවා. නිරෝෂා මේ ගීය වඩාත් හොඳින් ගයන්නේ ඒ නිසාම වෙන්නත් පුළුවන්.. ඇගේ ජීවිතයේ ඇය විදි වේදනාව... ඇගේ ආත්මශක්තිය වගේම ඈ තුළ ඇති සුබවාදී දැක්මත් ඇය මේ ගීතයතුල ඇගේ හඩ මුසු කිරීමෙන් මතුකරනවා. ඇය මේ ගීතයේ අර්තය ශ්‍රාවකයාගේ හදවතට දැනෙන අයුරින් ඇගේ හදවතින්ම අවදිකරනවා .. එහෙත්... චන්නගේ පදමාලාව කාන්තා හඬකින් ගයන නිසා මෙය ගැහැනියකගේ හදවත ඉකිබිඳින ආකාරය බවට අර්ථ ගැන්වූවද... මේ අත්දැකීම ගැහැනු පිරිමි දෙපක්‌ෂයටම පොදු වූවක්... යම් හෙයකින් මේ ගීය පිරිමි හඬකින් ගැයුවා නම්... මෙය වෙන්වීම පිළිබඳ පුරුෂයකු ලද අත්දැකීමක් ලෙස අර්ථ දැක්‌වීමටත් පිළිවන.
මේ ගීතය විරහ ගීතයක්ම නෙවෙයි කියලා හිතෙනවා. මේකෙන් කියවෙන්නේ ජීවිතේ නැතිවීම් වලින් කඩා නොවැටෙන ශක්තිමත් කාන්තාවකගේ හැගීමක්. ඉතින් මේක විරහ ගීයක් පමනක් ම වෙන්න බෑ නේද................. ගහ මරාගෙන රණ්ඩුවෙමින් මුහුණට මුහුණ බලගන්න බැරි තත්වයකට පත්වෙලා වෙන්වෙනවාට වඩා වඩා සාධාරනීය වෙන්වීමක් ගැන මේ ගිතය තුල මෙහි පැවසෙනවා. ඇත්තටම වියයුත්තේද එය නොවේද................ තමන් සතුටක් නොලබන බැදීමක් පවත්වාගෙන යනවාට වඩා ඒ බැදීමෙන් වෙන්වීම සුදුසු බවද මෙයින් පැවසෙනවා.........................
අනවබෝධය නොගැලපීම නිසාම ආදර බැම්මක් බිදී ගිය අවස්තාවක්...... විවාහය දෙදරා ඉරිතලා ගිය ස්ත්‍රියකගේ හිතේ ඇතිවන වේදනාව විලාපය මේ ගීයෙන් අර්ථගැන්වීමට ගී පද රචකයා ගෙන ඇති උත්සාහය ඉතා සාර්ථකයැයි මට හැගෙනවා...............
ඉගිලෙන්න තහනම් නම් දුරක්
ඇයි දුන්නෙ මට අත්තටු දෙකක්
අපි ලිව්වෙ ලස්‌සන කවි දෙකක්
මගෙ වෙන්නෙ ඇයි එක කවිපෙළක්....................
....................මට ඉගිල්ලෙනට අත්තටු දෙකක් දුන්නේ ඔබයි. එහෙනම් ඇයි ඔයාම මට ඉගිල්ලෙන්නට තහනම් කරන්නේ..... ඇයි එහෙනම් මොකටද ඔයා මට අත්තටු දෙකක් දුන්නේ....... අපි දෙන්නම එකතුවෙලා ලස්සන කවි දෙකක් ලියුවා.... ඒත්..... මේ කවි දෙකෙන් එක පේළියක් විතරක් මගේ වෙන්නේ කොහොමද....... ( මේ ගීතයේ පළමු පේළියේ නම් නම් කියල එකවර යෙදෙනවා .මෙය ගායනයේදී ප්‍රශ්නයක් වේවි කියා සංගීතඥ රෝහණ වීරසිංහට ප්‍රශ්නයක් මතුවුණා...නමුත් නිරෝශා මේ කොටස ඉතා දක්ශ ලෙස ගායනා කරනවා. ඇගේ හඩ මේ ගියේ අර්ථය ඉතා හොදින් මතුකරනවා.)
පෙම්වන්ත හිතටත් යට ඉඳන්
පෙන්වන්න අවියක් ඔබ අරන්
මට ගන්න හැකි ඉර හඳ උනත්
ඔබ දන්නෙ නැහැ ඒ බව තවත්..................................
ඔයා මට ආදරේ කරන බව පෙන්වුවත් ඔයා තුල තිබුනේ නපුරු හිතක්. ඒ හින්දමයි ඔයා මට හැමදාම රිදෙව්වේ. මම .............ඉවසුවා.............පුලුවන්ට් තරම් ..කෙනෙකුට ඉවසන්න බැරිතරමට මම ඉවසුවා. ඔයා හිතන්න එපා මට ඔයා නැතුව ඉන්න බැරිවෙයි කියලා. මම ඉන්නේ ඉර හද උනත් ගන්න පුලුවන් මට්ටමක. ඒ නිසාවෙන් මම අද.........ගොඩා.........ක් ශක්තිමත්.
((මේ අවසන් පේළි දෙකේ පොඩි උපහාසයක් තියනවා. තමන් ගැන තියන ආත්මාභිමානය වගේම වේදනාවක් යටපත් කර ගන්න හොදම විසදුමකුත් මතුකරනවා)
හැමදාම මල්පෙති ළංකළත
දැනුනේම නෑ සුවඳැති බවක්
නෑ මා ඔබෙන් ලද අත්වැලක්
සාධාරණයි අපි වෙන් කළත්
මම ඔයාට කලේ මල් පෙත්තක් වගේ සියුමැලි ආදරයක්.............. ඒත් ඔයාට ඒ ආදරේ සුවද දැනුනේ නෑ. ඒකයි ඔයා මගේ අඩු පාඩුම දැක්කේ...... මාව එක එක දේවල් කියල රිදෙව්වේ. ඔයාට මගේ ආදරේ සුවදවත් බව දැනුනෙම නැද්ද ..........................ඔයා මට දීපු වේදනා හින්දම මම ඔයාගෙන් ඈත් උනා ,ඔයා මගේ ජීවිතේ මගේ සතුට වැඩි කරන මාව සතුටුකරන අත්වැලක් උනේම නැහැ. ඒ හින්දා අද අපි වෙන් උනත් මම එක දකින්නේ මගේ දෛවය මට දීපු සාධාරන තීරනයක් ලෙසයි. මේ ගීතය ගයන්නේ නිරෝශා........... ඈ මේ ගීතයේ හැගීම ඉතාමත් සංවේදීවම මතුකරනවා. මට මතක විදියට මේ ගීතය කාලයක් ලංකාවේ ජනප්‍රියම ගීතය වෙලා තිබුනා බොහෝ සංගීත වැඩසටහන් වල. මේ ගීතය ඇගේ ජීවිතයටත් බොහොම සමීපයි. ඇය එත් අදත් ජීවිතේ සිනහවෙන් ගතකරනවා. නිරෝෂා මේ ගීය වඩාත් හොඳින් ගයන්නේ ඒ නිසාම වෙන්නත් පුළුවන්.. ඇගේ ජීවිතයේ ඇය විදි වේදනාව... ඇගේ ආත්මශක්තිය වගේම ඈ තුළ ඇති සුබවාදී දැක්මත් ඇය මේ ගීතයතුල ඇගේ හඩ මුසු කිරීමෙන් මතුකරනවා. ඇය මේ ගීතයේ අර්තය ශ්‍රාවකයාගේ හදවතට දැනෙන අයුරින් ඇගේ හදවතින්ම අවදිකරනවා .. එහෙත්... චන්නගේ පදමාලාව කාන්තා හඬකින් ගයන නිසා මෙය ගැහැනියකගේ හදවත ඉකිබිඳින ආකාරය බවට අර්ථ ගැන්වූවද... මේ අත්දැකීම ගැහැනු පිරිමි දෙපක්‌ෂයටම පොදු වූවක්... යම් හෙයකින් මේ ගීය පිරිමි හඬකින් ගැයුවා නම්... මෙය වෙන්වීම පිළිබඳ පුරුෂයකු ලද අත්දැකීමක් ලෙස අර්ථ දැක්‌වීමටත් පිළිවන.
මේ ගීතය විරහ ගීතයක්ම නෙවෙයි කියලා හිතෙනවා. මේකෙන් කියවෙන්නේ ජීවිතේ නැතිවීම් වලින් කඩා නොවැටෙන ශක්තිමත් කාන්තාවකගේ හැගීමක්. ඉතින් මේක විරහ ගීයක් පමනක් ම වෙන්න බෑ නේද................. ගහ මරාගෙන රණ්ඩුවෙමින් මුහුණට මුහුණ බලගන්න බැරි තත්වයකට පත්වෙලා වෙන්වෙනවාට වඩා වඩා සාධාරනීය වෙන්වීමක් ගැන මේ ගිතය තුල මෙහි පැවසෙනවා. ඇත්තටම වියයුත්තේද එය නොවේද................ තමන් සතුටක් නොලබන බැදීමක් පවත්වාගෙන යනවාට වඩා ඒ බැදීමෙන් වෙන්වීම සුදුසු බවද මෙයින් පැවසෙනවා.........................







No comments:
Post a Comment