Sunday, December 9, 2012

ඉවසයිද මන්දා මා දුන් රිදුම්..............

ඉවසයිද මන්දා මා දුන් රිදුම්....... 

ජීවිතයට ආදරය දැනෙන්නේ ජීවිතයේ සොදුරුතම වසන්තයේදීය. ආදරය අපෙන් ඈත් වීගියද ඒ වසන්තයේ සොදුරු ස්මරණයන් තුල අප සදාතනිකව ජීවත්වනේ එබැවිනි. විටෙක ආදරය ජීවිතය ජීවත්කරදී විටෙක සිප්හලක්ව ජීවිතයට පාඩම් කියා දෙයි. බෝහෝවිට ජීවිතයට ඉවසීම හුරුකරවනේ හදවත තුළ ඇතිවෙන සැබෑම ආදරයයි. 


**ඉවසයිද මන්දා මා දුන් රිදුම්  --වෙන්වීලා ආ දා වෙනතාක් බලන් --උන්නාට මා රහසේ  තුරුලක හෙමින්-- මට ඉන්න බෑනේ මතකෙට හොරෙන් --තනියෙන්ම වින්දා දුන් දුක් සුසුම් --තව කදුලු නෑ මේ දෙනෙතේ ඉතින් --ගියදාම ඔබ ඔහු හා ඉගිල්ලී හොරෙන් --මට මාද නැති උනා සත්තයි හෙමින් **




**ගොළු   වෙච්ච තරු දෑසේ කදුළැල් උනන්නේ-- දරාගන්න බෑනේ මතකේ විලාපේ --ආදරේ ඔබෙන් තරම් ලැබුනේ නෑ කාගෙන්වත්-- රැකගන්න බැරි උනේ සංසාර ආදරේ-- ගියදාම ඔබ ඔහු හා ඉගිල්ලී හොරෙන් --මට මාද නැති උනා සත්තයි හෙමින් **




උදාර සමරවීර 


**මේ පාළු දුක් සිහිනේ අතර මන්වෙලා බොහොසේ --ආයේ ගන්න බෑනේ සෙනෙහස ඔබේ --ජීවිතය වැටුනු තරම් නැගිට ගන්න බෑ ආයේ --මැරි මැරී උපදී මේ සංසාර ආදරේ-- උන්නාට මා රහසේ තුරුලක හෙමින් --මට ඉන්න බෑ නේ මතකෙට හොරෙන් **



ගායනය: අතුල අධිකාරී  සමග සමිතා මුදුන්කොටුව 
පද: ඩිලාන් ගමගේ 
සංගීතය: උදාර සමරවීර 



 අතුල අධිකාරී  සමග සමිතා මුදුන්කොටුව 

ඩිලාන් ගමගේ 













                 සමහර විටෙක ඉවසිය නොහැකිතරම් දුක්ගොන්නක් ජීවිතයට ආදරය උරුම කර දෙයි. 



*****ඉවසයිද මන්දා මා දුන් රිදුම් -වෙන්වීලා ආ දා වෙනතාක් බලන්- උන්නාට මා රහසේ  තුරුලක හෙමින් -මට ඉන්න බෑනේ මතකෙට හොරෙන් -තනියෙන්ම වින්දා දුන් දුක් සුසුම් -තව කදුලු නෑ මේ දෙනෙතේ ඉතින් -ගියදාම ඔබ ඔහු හා ඉගිල්ලී හොරෙන් -මට මාද නැති උනා සත්තයි හෙමින් *****
          
                  ඔබේ ආදරය දමා ගිය මම ඔබට දුන් දුක් බොහෝ බව දනිමි. ඒ දුක් රිදුම් ඔබ කෙසේ දරා ගත්තේ දැයි මම දන්නේ නැත. මම ඔබෙන් වෙන්වී ආවේ ඔබ ගැන නොසිතා බව මම දනිමි. ඔබේ සෙනෙහස එපා කී මම අන්තුරුළක  උනුසුමට සෙමෙන් ළං වූයෙමි. මම ඔබ හැර ආවේ අපේ ආදරෙයේ සියලු මතකයන් අමතක කරන්න සිතාගෙනය, එනමුදු ඒ මතකයන් මා පසුපස අවේ මට නොදැනීමය. ඒ මතකයන්ට හොරෙන් ජීවත්වන්නට මට බැරි වූ බව මට දැන් දැනේ. ඒ මතකයන් සිතේ තබාගෙන මා දුක් වූ තරම් දන්නේ මා පමණකි. මම ඔබෙන්  ඈත් වී ඔහු වෙත ගියදා ඔබ හැඩූ බව මම දනිමි. ඔබ මට ආදරය කල තරමට ඔබට ඔබවම නැතුවූ බව මම දනිමි. ඔය දෑස්වල කදුලු අවසන් වන තුරු හඩන්නට ඇත. ජීවිතයේ තාවකාලික සතුට සොයා මා ඔබෙන් වෙන්වී ආ දා සිට තනිකමින් ලතවෙමින් ගතකල ඒ ජීවිතය................ 


*****ගොළු   වෙච්ච තරු දෑසේ කදුළැල් උනන්නේ- දරාගන්න බෑනේ මතකේ විලාපේ -ආදරේ ඔබෙන් තරම් ලැබුනේ නෑ කාගෙන්වත් -රැකගන්න බැරි උනේ සංසාර ආදරේ -ගියදාම ඔබ ඔහු හා ඉගිල්ලී හොරෙන් -මට මාද නැති උනා සත්තයි හෙමින් *****
              ඔබ අසීමිතව පෙම් බැදි මගේ දෑස් දැක දැකම විලාප දෙමින් කෑගැසූ අපේ මතකය අතර ඔබ තනිවෙන්නට ඇත. සංසාරය පුරා පෙරුම් පුරා ආ අපේ ආදරය අතරමගකදී අහිමිවීම  ඔබ කෙසේ දරා ගත්තේද........................... මගේ ජීවිතයට ඔබෙන් තරම් ආදරයක් කිසිවෙකුගෙන් නොලැබුනු බව මම දනිමි. ඔබේ ඒ ආදරය මට රැක ගන්න බැරිඋනේ මගේම අවාසනාවකටය. මා ඔබට අහිමිවීමෙන් ඔබට ඔබ මෙන්ම මටද මමම අහිමි උනේය.................... 




*****මේ පාළු දුක් සිහිනේ අතර මන්වෙලා බොහොසේ- ආයේ ගන්න බෑනේ සෙනෙහස ඔබේ -ජීවිතය වැටුනු තරම් නැගිට ගන්න බෑ ආයේ -මැරි මැරී උපදී මේ සංසාර ආදරේ -උන්නාට මා රහසේ තුරුලක හෙමින් -මට ඉන්න බෑ නේ මතකෙට හොරෙන් *****

          මම සිහිනයක අතරමංවී සිටිමි. සිහින තුළ ජීවත් වූ මා අද පියවි ලෝකයට පැමින තිබෙන්නේ ඒ සියළු සිහිනයන් බිදී ගිය නිසාවෙනි. මට අහිමිකරගත් ඔබේ සෙනෙහස ඉල්ලා මගේ සිත හඩා වැටුනත් ඔබේ සෙනෙහසට ළංවීමට මම දැන් ප්‍රමාද වැඩියැයි මට දැන් හැගේ. ඒ ජිවිතය දැන් එතරම් වැටී ඇත්තේය. ඔබේ ජිවිතය පමනක් නොව අද මගේ ජීවිතයද නැවත නැගිටුවා ගැනීමට බැරිතරමින් ඇද වැටී ඇත. ඒ වේදනාවෙන් මම මැරී මැරී උපදිමි. 

මේ ගීතය රචනාවී ඇත්තේද පෙම්ව්තෙකුගේ සැබෑ අත්දැකීමක් පදනම් කරගෙනය. ඔහුගේ පෙම්වතියට නිළියක වීමේ අශාවක් තුබු අතර ඇයගේ බලවත් ඉල්ලිම මතම ඇයගේ සතුට ගැන සිතා ඔහුගේ සියලු සම්බන්දකම් උපයෝගීකරගෙන ඇයට රග පෑමේ අවස්ථාවක් ලබා ගත්තා. ඒ රග පෑමෙන් ඇය ගොඩාක් ජනප්‍රිය උනා. ඉන් පසු ඇයට ඇයගේ පෙම්වතා මදි උනා. එයා ලොකු සමාගමක කළමනාකරුවෙකු සමග යාළුවුනා. ඒ සල්ලි වලට,ආදරේට නෙවෙයි. ඒ සමාගමේ නාම තානාපති කමත් ඔහු ඇයට දුන්නා. ඇයට නිවසක් පවා ඔහු අරන් දුන්නා. ඒත් අවුරුද්දකට විතර පස්සෙ ඔහු මැයව ගෙදරිනුත් තනාපති කමිනුත් ඉවත්කලා. ඒ නිසා ඇය ගොඩාක් අසරන උනා. ආයෙත් ඇය ඇගේ පරන පෙම්වතා සොයාගෙන අවා. ඒ උනත් ඒ වෙද්දී ඔහූ ගොඩාක් මනසිකව වැටී සිටියා. 
                

Saturday, November 10, 2012

සුවඳ මට දී පාට තැවරූ


සුවඳ මට දී පාට තැවරූ...................

මේ ජීවිතයේ විදි තවත් සත්‍යකතාවක් පදනම් කරගෙන ලියවුනු ගීතයක්.


සුවද මට දී පාට තැවරූ  මල අරන් පිටවී මා රැවටුවා මලවී  ඒ මලත් මැලවී ආදරේ මල ආයෙමත් පරවී


සුවඳ මට දී...

කුරුළු ගීතය වී
පෙම් ස්වරය මට ඇසුනී
කුරුළු සර ගොළුවී
මිහිමතේ තුරු කඩා වැටුනි


සුවඳ මට දී...

ගඟට නාදය වී
ඔබ ගලනවා ඇසුනි
සයුර නොම හමු වී
අතරමග සිදෙනවා දුටිමි

සුවඳ මට දී...

යමුනා මාලිනී පෙරේරා 
ගායනය:චන්දන ලියන ආරච්චි 
පද:යමුනා මාලිනී පෙරේරා 
සංගීතය:රෝහණ වීරසිංහ 

චන්දන ලියන ආරච්චි 
රෝහණ වීරසිංහ 








*****සුවද මට දී පාට තැවරූ             මල අරන් පිටවී           මා රැවටුවා මලවී                 ඒ මලත් මැලවී             ආදරේ මල ආයෙමත් පරවී


ඔයා ලස්සන මලක්. සුවද හමන මලක්. ඒත්......... ඔයාගේ ලස්සන, සුවද ඇත්තම ඒවා නෙවෙයි. ඔයා ලස්සන උනේ ඔයාගේ ඇත්තම පැහැයෙන් නෙවෙයි. තවරා ගත් පාට වලිනුයි ඔයා ලස්සන උනේ. ඒ මවා පෙන්නපු පාට වලට මම රැවටුනා. දැන් ඒ මල පරවෙලා ගිහින්. එහි ලස්සනක් අද මට දකින්න නැහැ. ඔයා දැන් මගේ ලෝකයෙන් පිටවෙලා ගිහින්. ඔයා වෙනුවෙන් මා හදවතේ පිපිනු ආදර මලත් අද පරවෙලා...... 



*****කුරුළු ගීතය වී
          පෙම් ස්වරය මට ඇසුනී
          කුරුළු සර ගොළුවී
          මිහිමතේ තුරු කඩා වැටුනි

ඔබේ එදා මට ඇසුනු කටහඩ ඉතාම මිහිරියි. ...........ඔයා...........එදා මා ලග සිට කියූ ආදර වදන් මිහිරි කුරුලු ගීතයක් වගෙයි කියලයි මට හිතුනේ............. මම ප්‍රේමයේ ස්වරය හදුනා ගත්තේ ඔබේ ඒ රාවයෙන්. නමුත් අද මම එදා වගේ ඔබේ ප්‍රෙමනීය වදන් වල මිහිර විදින්නේ නෑ. 

*****ගඟට නාදය වී
         ඔබ ගලනවා ඇසුනි
         සයුර නොම හමු වී
         අතරමග සිදෙනවා දුටිමි

මම ඔයා වෙනුවෙන් කල කැපකිරීම් ඔයා දන්නවා. එත්............. මම මගේ ජීවිතයම කැපකලේ ඔයගේ දියුනුව සතුට වෙනුවෙන්. මම දුක් වින්දේ ඔයා වෙනුවෙන්. ඒ ඔයා මගේ හින්දා. ඔයා ගගක් වෙලා ඇවිත්  සාගරයක් වගේ ඔයා වෙනුවෙන් මග බලා ඉන්න මා වෙත ඒවි කියල හිතුව. එත්........... ඔයා සාගරය හමු වෙන්න කලින්  සිදී ගියා 



මේ ජීවිතයේ විදි තවත් සත්‍යකතාවක් පදනම් කරගෙන ලියවුනු ගීතයක්.    එක්තරා ගැමි තරුණයෙකුට            සිද්ධවෙච්ච සත්‍ය සිද්ධියක් පාදක කරගෙන ගෙතුනු ගීතයක් . මේ  ගීතය රචනා කරනු ලැබූවේ ප්‍රකට ගීත රචිකාවියක් ලෙස අප කවුරුත් හදුනන යමුනා මාලනී මහත්මියයි. ඔහු ගොවිතැන තම ජීවිකාව කරගත් අහිංසක තරුණයෙක්. පවුලේ අගහිඟකම් නිසා කුඩා කාලෙම පාසල් ගමනට ආයුබෝවන් කියූ ඔහු ගොවිතැන්, කුලීවැඩ ක‍රල තමයි ජීවත්වෙලා තියෙන්නේ. ඔහුගේ පෙම්වතියත් ඔහු වගේම දිළිඳු කෙනෙක්. නමුත් ඔහු අධ්‍යාපනයේ අගය වටහාගෙන තිබුන නිසා තම පෙම්වතියගේ අධ්‍යාපනය නවත්වන්න ඉඩ නොදී දිගටම ඒ සඳහා තමන් දහදිය මහන්සියෙන් හම්බකළ දේ වියදම් කලා. තමන් නොදැකපු ඒ සුන්දර ලෝකය තමන්ගේ පෙම්වතිය තුලින් දකින්නයි ඔහු සැමදාම සිහින දැක්කේ. ඒ මහත්වූ කැපවීම විසින් ඇයව සරසවිය කරා ඔසවා තබනු ලැබූවා. ඔහු, ඇගේ සරසවි වියදම් පවා දරා තිබුනා. නමුත් අධ්‍යාපනයෙන් දියුණුවෙත්ම තම පෙම්වතාගේ තත්වය ඇයට මදි වුනා. ඇය ටිකෙන් ටික ඔහුව මඟ ඇරලා තිබුනා. මේ සිද්ධිය යමුනා මාලනී පෙරේරා මහත්මිය ම පෞද්ගලිකවම හමුවෙලා ඔහු කියල තිබුනා. ඔහුට තමන්ගේ ගමට ගියත් මතක් වෙන්නේ මේ සිද්ධිය යි. අනෙක් අය අත්විඳින ස්වභාව සෞන්ධර්යය අත්විඳින්න ඔහුට දැන් බෑ. මේ සිද්ධිය ඔස්සේ තමයි එතුමිය, චන්දන ලියනආරච්චි මහත්මයා ගායනා කරන "සුවඳ මට දී" කියන ලස්සන ගීතය රචනා කරලා තියෙන්නේ.
       එදා මතකයේ සිහින සිතුවිලි 
      මගේ හිත රිද්දන තරම් 
      නැගුනු හසරැලි විසිර පාවී 
      කදුලු බර වැඩි වෙන තරම්   
      දෛවයත් කිම මටම සරදම් 
      දුකම දීල හෙමි හෙමින් 
      මං ඔබට ආදරේ තරමට 
      වේදනා ඇයි මේ තරම් 







































Saturday, November 3, 2012

දුන්නු වේදනා................

දුන්නු වේදනා මේ නෙතින් උතුරලා.......... 

මේ ගීතය ගයන්නේ නිරොශා විරාජිනිය වුවත් මේ ගීය උපදින්නේ පිරිමි හදවතක. ඒ නිසා මේ ගීතයේ අත්දැකීම හැමෝටම පොදුයි කියල හිතෙනවා.

    මේ ගීතය පළමු වතාවේ ඇසීමෙන්ම මගේ හදවතට වඩාත්ම සංවේදීව දැනුන ගීතයක්. ඇත්තටම ආදරය ගැන මේ ගීතයෙන් අපූර්ව විවරනයක් කරනවා. ආදරය ඇතිවෙන්න දැනෙන්න ලොකු කාලයක් ඔවමනා වන්නේ නෑ...... ඉතා ක්ශනිකව ඇතිවන හැගීමක් ..අපේ ජීවිතය පුරාම අපේ හදවතට ගැබුරින්ම දැනෙන්න  පුලුවන්. ඒ කෙටි කාළය තුළ ලබන මතකයන් එක්කම මුළු ජීවිත කාලයපුරාවටම ඒ ආදරයේ සුවද හදවතට දැනෙනවා. ඒත් ඒ ආදරය සිහිනයක්නම්...........
       කෙටි කාලයකින් හමුවී 
       මගේ ජීවිතයට පැමිනී 
       ලස්සනම සිහිනෙකී ඔයා............... 

ඒ නොලැබෙන සුන්දම සිහිනයක් වූ ආදරය ගැනයි මේ ගීතයෙන් ගැයෙන්නේ..... 
මේ ගීතයේ තියෙන්නේ ඉතාම සරල නමුත් සංවේදී පද මාලාවක්. මේ ගීතය අසන ඇසෙන සෑම මොහොතකම තමෛ විදි ආදරය සිහිපත් කරන්නට නිරෝශාගේ ගායනය පොහොසත් වෙනවා. 


ඩිලාන් ගමගේ 
දුන්නු වේදනා මේ නෙතින් උතුරලා
මතක රැස් වෙලා හිත අයාලේ ගියා
හිතෙන්නේම නෑ ඔබ මගේ නොව කියා
ජීවිතේම දැන් මාගේ සිහිනයක් වෙලා
කෙටි කාලයකින් හමුවී
 මගේ ජීවිතයට පැමිනී 

ලස්සනම සිහිනෙකී ඔයා.............


මේ සීත වස්සානේ පාළුව ගලන්නේ 
තනිකමයි හදවත සරන්නේ 
මේ අන්ධ හිත මානේ මතකය තැවෙනේ 
සෝ සංකා හිරි හැර කරන්නෙ 

නිරෝශා විරාජිනී 
කෙටි කාලයකින් හමුවී 
 මගේ ජීවිතයට පැමිනී 
 ලස්සනම සිහිනෙකී ඔයා.............

සද නේන රෑ යාමේ සසලව හිදින්නේ 
කළුවරයි දසතින් හමනේ 
වැටෙන හුස්මක් ගානේ ඔබවමයි සිහිවනේ 
ඔබ කොහේදෝ හිදින්නේ 

කෙටි කාලයකින් හමුවී 
 මගේ ජීවිතයට පැමිනී 
 ලස්සනම සිහිනෙකී ඔයා.............


රදීශ් වැන්දබෝනා 
ගායනය:නිරෝශා විරාජිනී 
පද: ඩිලාන් ගමගේ 
සංගීතය:රදීශ් වැන්දබෝනා 



වසන්තය හරිම ලස්සනයි. ඒ වසන්තයේ සීතල මට දැනෙනවා........... නමුත් ඔයා නැතුව මම... මගේ හදවත පාළුවෙන්....... මොන දේ තිබුනත් මට කොතනක හෝ අඩුවක් දැනෙනවා..... මට ඔයා නැතුව දැනෙන තනිකම තමයි ඒ අඩුව ......ඒ කමයි මගේ හදවතේ සැරිසරන්නේ....... අපේ අතීත මතක සැමරුම් එක්ක මම තවම තැවි තැවී ජීවත්වෙනවා. ශෝකය සංකාව මට හිරිහැරකරනවා.
කෙටි කාලයකින් හමුවී 

මගේ ජීවිතයට පැමිනී 
 ලස්සනම සිහිනෙකී ඔයා.............

මාස ගනන් වසර ගනන් අපි එකට නොහිටියත් ඒ අපි එකට හිටපු කෙටි කාලය ඉතාමත් සොදුරුයි නේද කියල අද මට එදාට වඩාදැනෙනවා...... අපි අතරෙ තිබුනේ පුදුම ලෙන්ගතුබවක්. ඔයා සිහිනයක් කිය කියා දැන දැනම මම ආදරය කලා...... එත්.... අපි පුදුම සතුටින් හිටියා. විහිලුවටවත් සිත් රිදවීමක් රණ්ඩුවක් උනේ නෑ....... ඒ ඔයා...... ඔයාගේ වචන බැල්ම හැසිරීම හැම දෙයක්ම මාව උමතු කල නිසා. ඔයාගෙ අහිංසක සිතට වගේම ඔයාගේ මෘදු වදන් වලටත් මම පිස්සුවෙන් වගේ ආදරය කලා........ මට නිතරම සිහිවෙනවා. ..ඇත්තටම..............

කෙටි කාලයකින් හමුවී 
 මගේ ජීවිතයට පැමිනී 
 ලස්සනම සිහිනෙකී ඔයා.............





මම ඔයාට ආදරෙයි කියලා ඔයත් මමත් වචන වලට නොපෙරලුවත් ව්වෙන කිසිම කෙනෙකුට වඩා ඔයා මටත්, මම ඔයාටත් ළං උනා නම් ආදරයෙන් සිටියනම් අපි අතරේ තිබු බැදීම ගැන අපිට හොදටම තේරෙනව නේද.......... ඒ නිසාමයි මට පාළුවක් තනිකමක් දැනෙන හැම මොහොතකම මගෙන් වැටෙන හැම සුසුමකම තාමත් ඔයා ඉන්නේ.......... සිහිවනේ.............. ඔයාව මතක් වෙද්දී තාමත් මම මේ තරමට සංවේදී වෙන්නේ ඇයි කියල මට තවමත් හිතා ගන්න බෑ.................

තම සිත සෝරාගත් පෙම්වතා හෝ පෙම්වතිය ගැන සිතමින් සිහින දකින හැමෝගෙම හැගීම මේ වගෙයි. ආදරය හා අනුරාගය අතර ඇති වෙනසත් මේ ගීතයෙන් කියවෙනවා. ඇස් දෙකෙන් නොදැක ,,හඩ පවා නොඅසා ,,කිසිදු භෞතික බැදීමක් නොමැතිව මානසිකව කරන විදින ලබන සොදුරුම ආදරයක අත්දැකීමක් මේ..............................

 ගීතය රස විදින්න............... .......

ගීතය ගැන ඒ ගීතය හැදුන  හැටි දැන ගන්න........ 




මාතොටින් එන උතුරු සුළගේ

යුද්ධයේ දුක් රැගෙන මාතොටින් ආ උතුරු සුලග 

පානම වැවේ සුවහසක් සුදු නෙළුම් පිපේ . කිලෝ මීටර් දෙක තුනකට ඔබ්බෙන් ඇති සුන්දර මුහුදු තීරයෙන් උපදින සුළග පානම වැවේ හැපී දෙපස ඇති මහා වනපෙතට රිංගා ගන්නේ තුරු අතු පතරෙහි ආදරය ලබමිනි.  

    එහෙත් 1983දී ගුරු පත්වීමක් ලබා පානමට යන මහින්ද චන්ද්‍රසේකර, එහි එවැනි සුන්දරත්වයක් දුටුවේ නැත. පානම වැවේ නෙලුම් මල් පිපුනද ඒවා සිව්දිගෙන්ම ඇසෙන වෙඩි හඩට බයේ පෙති අඩක් හකුළුවාගෙන උන්නාය.
          එහි උන් සිංහල ,,දෙමළ මුස්ලිම් සියලුම දරු පැටවුන් මේ නෙළුම්මල් මෙන් වෙඩි හඩින් බයවී එකම පන්තියක එකට බයෙන් වෙලී අකුරු කරන හැටි මහින්දයන් දුටුවේය.

     මේ ත්‍රස්තවාදීන් විසින් දෙමළ ළමයින් පැහැරගෙනගොස් ඔවුන්ගේ මීනීමරු ත්‍රස්තවාදයට යොමුකර සිංහල දරුවන් මරා දැමූ යගයක් විය. මේ නිසා ඇතැම් දරුවන් පාසල් ගමන් නතර කර ගමෙන් බාහිර මහා මන්දිරවල බැල මෙහෙවරකම් වලට ගියේ තම පණ බේරා ගැනීමටය. ගුරුවරුනට සිදුවූයේ මේ සියල්ල දෙස බලමින් අසාධාරණයට අයුක්තියට හිස නමමින් නිහඩව කම්පා වීමටය.



තවදුරටත් පානම මහා විදුහලේ ගුරුවරයෙකුලෙස සේවය කරන්නට බැරිනිසා මහින්ද චන්ද්‍රසේකර අම්පාරේ සිංහලයන් වැඩි පෙදෙසක පාසලකට මාරුවීමක් රැගෙන ගියේය. තවත් කලකට පසුව ගල්නෑව මැදිවිදුහලට ගියත් පානම්දී දුටු යුද්ධයට බියෙන් සිටි පුංචි සරෝජලා ඔහුගේ සිත නිරන්තරයෙන් කම්පාවට පත්කලේය.
 මෙතෙක්කලක් සිතට වදදුන් මේ සිද්දිසමූහය  මහින්ද චන්ද්‍රසේකර ගේ සිතෙන් එලියට පැන්නේ වචන ගොඩාක් ලෙසටය. ඒ 1992දී පමනය. අත්දැකීම පානමට අයත් වූවත් පරිසරය ඔහුට හුරුපුරුදු මැදවච්චිය ,මඩුපල්ලිය ,,මන්නරම වැනි ප්‍රදේශ වලට බද්ද වෙමින් ලියවිනි.
                     මෙය ලියාගෙන ගිය  මහින්ද චන්ද්‍රසේකර ගේ මතකය 1989කළබල සිද්දි වලින්ද සසල විය. ඔහු අනුරාධපුරයේ විදුහලක සේවය කල සමයේ විදුහල අසල බෝම්බයක් පුපුරා ගියේය. ඒ හඩට වයසක විදුහල්පතිවරයාගේ අතෙහි තිබූ පෑන බිමට වැටුනේ ලියමින් සිටි අකුරක්ද ඇදකරමිනි.
    වචන පොලිමේ ආවේ  මහින්ද ටත් හොරාය.

මා තොටින් එන උතුරු සුළගේ
ගිනි සිබින මඩු පල්ලියේ
දෑස් අග මුතු කදුලු හංගන
සරෝජා මගේ දෝනියේ.......
වෙඩිහඩට පොඩි අකුරු ඇදවෙයි
මක්කරන්නද පැංචියේ
ගුරුතුමී මා සිසුවියයි නුබ
ඒත් අපි එක පංතියේ 



කරවටා අත දමා හිනැහුනු
කෝ නුබේ පොඩි යාලුවන්
දයාවක් නැති ලෝකයක් දැක
උන්ගිහින් පැන මායිමෙන්
තත්තා හීනෙන් ඇවිත් අත
වනන තුරු කදවුරු දොරින්
කාටවත් නැති දුවේ කවුරුත්
නුබ රකීවිද සෙනෙහසින් 



මන්දිරේ දොර නුබව කැදවයි
බේබිලා හඩනා හඩින්
මායිමේ වැට අඩගසයි හෙට
අවි දරා රකිනා ලෙසින්
දමා ගොදුරට කෙසේ යන්නද
ඒත් යන්නට වෙයි ඉතින්
වරක් දැක හිත නිවාගන්නට 

රෝහන වීරසිංහ 


දුවේ ඩිංගක් හිනැහෙයන් 

ගායනය:දීපිකා ප්‍රියදර්ශනී පීරිස්
පද: මහින්ද චන්ද්‍රසේකර
සංගීතය:රෝහන වීරසිංහ 

දීපිකා ප්‍රියදර්ශනී පීරිස් 

මහින්ද චන්ද්‍රසේකර කවියෙක් බැවින් ඔහූ කවියැකැයි සිතූ මේ පද මාලාව ඔහුගේ මිතුරු කරුණාරත්න දිවුල්ගනේ මහතගේ මැදිහත්වීමෙන් දීපිකා ප්‍රියදර්ශනී පීරිස් ගායිකාවට ලැබුනි. රෝහන වීරසිංහයන් ලගට ගීතය රැගෙන ගියේත් කරුණාරත්න දිවුල්ගනේ මහතාමය. 

මේ ගීතය නිර්මානයේදී වචන අඩුකර දෙන ලෙස රෝහන දීපිකාගෙන් මෙන්ම මහින්දගෙන්ද ඉල්ල .සිටියේය.එහිදී කලින් තිබූ අපූර්වත්වය මහින්දගේ නව පද මාලාවෙන් ගිලිහී ගියේය. එබෙවින් රෝහන පරන පද වලටම අපූර්ව තනුවක් නිර්මාණය කලේය, 





























එදා මෙදා තුර හැමදාමත් රසික සවන් ,,සිත් සතන් කම්පාවට පත්කල මේ ගීතය ජ්‍යත්‍යන්තර සාම ත්‍යාගය සදහා නිදේශ වී තිබේ. ගුශි ජ්‍යත්‍යන්තර සාම සම්මන උලෙල නොවැ 28 පිලිපීනයේ මැනිලා නුවර පැවැත්වෙයි. එහිදී විශාරද දීපිකා ප්‍රියදර්ශනී පීරිස් සරෝජා ගීතය ගයා සම්මානය ලබා ගනු ඇත. 
එය අපට අප රටට ආඩම්බරයකි.!!!!!!!!!!  

 .

Friday, October 26, 2012

විසුරුණු මල් පෙති දෝතට ගත් කුමරී........

විසිරුණු මල් පෙති දෝතට ගත් කුමරී......... 



විසිරුණු මල් පෙති දෝතට ගත් කුමරී 

ඒ පෙති එක් කර මලක් සොයන බොලදී 

සරදම් නොකරමි ආදරයෙන් කියමී 

විසිරුණු පෙති යළි මලක් නොවෙයි නැගණී................ 


වෙරළ සොයා රළ පෙළ දිව ආවත් 

වෙරළට කිසිදා දියබ දකිනු හැකිදෝ.... 

බදට පියාපත් යුවලක් ලැබුනත් 

අතුල අධිකාරී 

අහස දෙකෙලවර නුබට දකිනු හැකිදෝ.............. 


බබරුන් පසුපස මල් දිව නොගියත් 

අවමන් වින්දේ මල් කුලයම නොවෙදෝ 

බන්දුල නානයකාරවසම් 

මෙදහම් නුවනින් නුබ නොදුටුවොතින් 

නුබේ සුසුම් ගිණි බොල් අහසම නොවෙදෝ........ 


ගායනය:අතුල අධිකාරී පද:බන්දුල නානයකාරවසම් 
රෝහණ වීරසිංහ 

සංගීතය: රෝහණ වීරසිංහ 


ආදරය විරහව ගැන හැගීමක් මේ ගීතය අසද්දිම හිතට නැගුනත් මේ ගීතය තුල ප්‍රකාශ වෙන්නේ ඛේදානතයක්. 

දවසක් නීතීවේදියෙකුගේ කාමරයකට තරුණ අයියා කෙනෙක් සහ ඔහුගේ නැගනිය පැමිනෙනවා. මොවුන් බොහොම දුප්පත්. මේ අහිංසක දුප්පත් නංගිව පොහොසත් වගේම සෙලක්කාර කොල්ලෙකුගේ බහට රැවටිලා ඔහු අතින් කෙලෙසිලා. 
ඔහු දැන් හොයාගන්නවත් නෑ. තමන්ගේ අහින්සක නංගියගේ ජීවිතය විනාස වෙන්න නොදී මේ වැරදිකාර තරුණයාට එරෙහිව නීතියේ පිහිට සොයාගෙනයි මොවුන් පැමිනියේ. 
      එත්.................. ඒ සල්ලාලයා  බොහොම වත් පොහොසත් කම් තියන කෙනෙක්. මේ නංගිව විත්තිකූඩුවේ නග්ගලා ලෝකෙටම ඇහෙන්න දුකකියල පිහිටක් ගන්න මේ අයියට ඔන උනත් මේ සල්ලි කාරයෝ එක්ක හැප්පෙන්න මේ අයට සල්ලිවත් බලයවත් නෑ කියල මේ තරුණ නීතිවේදියාට තේරෙනවා. මේ කරන්න යන දේ නිශ්ඵලයි කියල ඔහුට කලින්ම වැටහෙනවා. 
            ඒ නිසා ඔහු මේ නැගනියගේ අයියා උනානම් නංගිට මේ යතාර්තය තේරුම් කරන විදියයි මේ ගීතයෙන් කියවෙන්නේ...............
               
                                   

****විසිරුණු මල් පෙති දෝතට ගත් කුමරී
        ඒ පෙති එක් කර මලක් සොයන බොලදී
        සරදම් නොකරමි ආදරයෙන් කියමී
        විසිරුණු පෙති යළි මලක් නොවෙයි නැගණී................ 

          මගේ අහිංසක නංගී................. මම දන්නවා ඔයා හදන්නේ මේ කෙලෙසුනු ඔයාගේ ආත්මය නිකලැල් කරගන්න කියලා. එත්............... අපිට ඒ දේ කරන්න බෑ ............. මට ඔයාට කියන්න ඕන....... මම ඔයාට හිනා වෙනවා නෙවෙයි මගේ නංගී....................... 

****වෙරළ සොයා රළ පෙළ දිව ආවත්         වෙරළට කිසිදා දියබ දකිනු හැකිදෝ....
        බදට පියාපත් යුවලක් ලැබුනත්         අහස දෙකෙලවර නුබට දකිනු හැකිදෝ.............. 

හැමදාම උනේ රළ අවිල්ලා වෙරල සිපගෙන වෙරලින් ඈත්වෙන එක විතරයි. කවදාවත්ම......... වෙරට බෑ ඒ දියබ ......... ඒ වගේම නංගී ඔයාට පියාපත් ලැබුනත් ඔයාට බෑ මේ අහසේ දෙකෙලවර දකින්න.ඒ වගෙයි නංගී................... සල්ලි කාර පිරිමි දුප්පත් ගෑණු ළමයින්ගේ පහස අරගන්න විතරක් ඔවුන් වෙත අවිල්ලා යනවා....... එයින් පසු ඒ අයව කවදාවත් දකින්න ලැබෙන්නේ නෑ නංගී.............. ඔවුන් අසරණ වෙලා තනිවෙලා යනවා................ ඉහළින් වැජබෙන සල්ලිකාර සමාජයේ ඒ අය අතරමං වෙනවා............. 



****බබරුන් පසුපස මල් දිව නොගියත්         අවමන් වින්දේ මල් කුලයම නොවෙදෝ         මෙදහම් නුවනින් නුබ නොදුටුවොතින්         නුබේ සුසුම් ගිණි බොල් අහසම නොවෙදෝ........ 

ගොඩවෙලාවට කාන්තාව පසුපස පිරිමින් එනවා තමයි. ඒ ඔවුන්ගේ අදහස ඉටු කරගන්න ඇයගේ එක බැල්මක් උනත් ප්‍රමාණවත්. නමුත් හැමදාම උනේ අවසානෙයේදී කාන්තවට අවමන් විදින්න. ඒක එයාගෙ වරදක් නොවෙයි කියල සමාජය කවදාවත් තෙරුම්ගත්තෙනෑ. ගෑණූ කීයක් එක්ක නිදාගත්තත් පිරිමින්ව මේ සමාජය නිදොස්කොට නිදහස් කරනවා. තිත්ත ඇත්ත මෙකයි නංගී.............. මේ යතාර්තය තේරුම් ගෙන 
කරබාගෙන සිටිනවා මිසක හැමදාම ඒ ගැන හිතමින් සෝ සුසුම් බොල් අහසට මුසු කිරීමෙන් පලක් නෑ.................. 


සරදම් නොකරමි ආදරයෙන් කියමී    විසිරුණු පෙති යළි මලක් නොවෙයි නැගණී................ 


Saturday, October 20, 2012

ඉගිලෙන්න තහනම් නම් දුරක්...........

ඉගිලෙන්න තහනම් නම් දුරක්..............

ඉගිලෙන්න තහනම් නම් දුරක්‌

ඇයි දුන්නෙ මට අත්තටු දෙකක්‌

අපි ලිව්වෙ ලස්‌සන කවි දෙකක්‌

මගෙ වෙන්නෙ ඇයි එක කවිපෙළක්‌...

නිරෝශා විරාජිනී


පෙම්වන්ත හිතටත් යට ඉඳන්

පෙන්වන්න අවියක්‌ ඔබ අරන්

මට ගන්න හැකි ඉර හඳ උනත්

ඔබ දන්නෙ නැහැ ඒ බව තවත්...//


හැමදාම මල්පෙති ළංකළත්

චන්න ජයනාත්

දැනුනේම නෑ සුවඳැති බවක්‌

නෑ මා ඔබෙන් ලද අත්වැලක්‌

සාධාරණයි අපි වෙන් කළත්.....// 

 

 ගායනය:නිරෝශා විරාජිනී 

පද: චන්න ජයනාත් 

සංගීතය:රෝහණ වීරසිංහ 

රෝහණ වීරසිංහ

 

 

 ආදරයෙන් එක්වූ දෙහදක් වෙන්වීම.......... කෙතරම් දෙදෙනා එකිනෙකාට ආදරය කලත් අදහස් සිතුම් පැතුම් නොගැලපේනම් ..............ගතිපැවතුම් වෙනස් නම්........ අවබෝධය අඩුනම් වෙන්වීම හැර වෙන කුමක් කරන්නද............. විවාහය දික්කසාදයකින් නිම වෙද්දී........... පෙම්වතුන් හදවතින් වෙන්වෙනවා......... 
  අනවබෝධය නොගැලපීම  නිසාම ආදර බැම්මක් බිදී ගිය අවස්තාවක්...... විවාහය දෙදරා  ඉරිතලා ගිය ස්ත්‍රියකගේ හිතේ ඇතිවන වේදනාව විලාපය මේ ගීයෙන් අර්ථගැන්වීමට ගී පද රචකයා ගෙන ඇති උත්සාහය ඉතා සාර්ථකයැයි මට හැගෙනවා............... 


ඉගිලෙන්න තහනම් නම් දුරක්‌

ඇයි දුන්නෙ මට අත්තටු දෙකක්‌

අපි ලිව්වෙ ලස්‌සන කවි දෙකක්‌

මගෙ වෙන්නෙ ඇයි එක කවිපෙළක්‌....................

 

....................මට ඉගිල්ලෙනට අත්තටු දෙකක් දුන්නේ ඔබයි. එහෙනම් ඇයි ඔයාම මට ඉගිල්ලෙන්නට තහනම් කරන්නේ..... ඇයි එහෙනම් මොකටද ඔයා මට අත්තටු දෙකක් දුන්නේ....... අපි දෙන්නම එකතුවෙලා ලස්සන කවි දෙකක් ලියුවා.... ඒත්..... මේ කවි දෙකෙන් එක පේළියක් විතරක් මගේ වෙන්නේ කොහොමද....... ( මේ ගීතයේ පළමු පේළියේ නම් නම් කියල එකවර යෙදෙනවා .මෙය ගායනයේදී  ප්‍රශ්නයක්‌ වේවි කියා සංගීතඥ රෝහණ වීරසිංහට ප්‍රශ්නයක්‌ මතුවුණා...නමුත් නිරෝශා මේ කොටස ඉතා දක්ශ ලෙස ගායනා කරනවා. ඇගේ හඩ මේ ගියේ අර්ථය ඉතා හොදින් මතුකරනවා.) 

පෙම්වන්ත හිතටත් යට ඉඳන්

පෙන්වන්න අවියක්‌ ඔබ අරන්

මට ගන්න හැකි ඉර හඳ උනත්

ඔබ දන්නෙ නැහැ ඒ බව තවත්..................................

 ඔයා මට ආදරේ කරන බව පෙන්වුවත් ඔයා තුල තිබුනේ නපුරු හිතක්. ඒ හින්දමයි ඔයා මට හැමදාම රිදෙව්වේ. මම .............ඉවසුවා.............පුලුවන්ට් තරම් ..කෙනෙකුට ඉවසන්න බැරිතරමට මම ඉවසුවා. ඔයා හිතන්න එපා මට ඔයා නැතුව ඉන්න බැරිවෙයි කියලා. මම ඉන්නේ ඉර හද උනත් ගන්න පුලුවන් මට්ටමක. ඒ නිසාවෙන් මම අද.........ගොඩා.........ක් ශක්තිමත්. 

((මේ අවසන් පේළි දෙකේ පොඩි උපහාසයක් තියනවා. තමන් ගැන තියන ආත්මාභිමානය වගේම වේදනාවක් යටපත් කර ගන්න හොදම විසදුමකුත් මතුකරනවා) 


 හැමදාම මල්පෙති ළංකළත


දැනුනේම නෑ සුවඳැති බවක්‌


නෑ මා ඔබෙන් ලද අත්වැලක්‌


සාධාරණයි අපි වෙන් කළත්

 මම ඔයාට කලේ මල් පෙත්තක් වගේ සියුමැලි ආදරයක්.............. ඒත් ඔයාට ඒ ආදරේ සුවද දැනුනේ නෑ. ඒකයි ඔයා මගේ අඩු පාඩුම දැක්කේ...... මාව එක එක දේවල් කියල රිදෙව්වේ. ඔයාට මගේ ආදරේ සුවදවත් බව දැනුනෙම නැද්ද ..........................ඔයා මට දීපු වේදනා හින්දම මම ඔයාගෙන් ඈත් උනා ,ඔයා මගේ ජීවිතේ මගේ සතුට වැඩි කරන මාව සතුටුකරන අත්වැලක් උනේම නැහැ. ඒ හින්දා අද අපි වෙන් උනත් මම එක දකින්නේ මගේ දෛවය මට දීපු සාධාරන තීරනයක් ලෙසයි. 
මේ ගීතය ගයන්නේ නිරෝශා........... ඈ මේ ගීතයේ හැගීම ඉතාමත් සංවේදීවම මතුකරනවා. මට මතක විදියට මේ ගීතය කාලයක් ලංකාවේ ජනප්‍රියම ගීතය වෙලා තිබුනා බොහෝ සංගීත වැඩසටහන් වල. මේ ගීතය ඇගේ ජීවිතයටත් බොහොම සමීපයි. ඇය එත් අදත් ජීවිතේ සිනහවෙන් ගතකරනවා. නිරෝෂා මේ ගීය වඩාත් හොඳින් ගයන්නේ ඒ නිසාම වෙන්නත් පුළුවන්.. ඇගේ ජීවිතයේ ඇය විදි වේදනාව... ඇගේ ආත්මශක්තිය වගේම ඈ තුළ ඇති සුබවාදී දැක්මත් ඇය මේ ගීතයතුල ඇගේ හඩ මුසු කිරීමෙන් මතුකරනවා. ඇය මේ ගීතයේ අර්තය ශ්‍රාවකයාගේ හදවතට දැනෙන අයුරින් ඇගේ හදවතින්ම අවදිකරනවා .. එහෙත්... චන්නගේ පදමාලාව කාන්තා හඬකින් ගයන නිසා මෙය ගැහැනියකගේ හදවත ඉකිබිඳින ආකාරය බවට අර්ථ ගැන්වූවද... මේ අත්දැකීම ගැහැනු පිරිමි  දෙපක්‌ෂයටම පොදු වූවක්‌... යම් හෙයකින් මේ ගීය පිරිමි හඬකින් ගැයුවා නම්... මෙය වෙන්වීම පිළිබඳ පුරුෂයකු ලද අත්දැකීමක්‌ ලෙස අර්ථ දැක්‌වීමටත් පිළිවන.

 මේ ගීතය විරහ ගීතයක්ම නෙවෙයි කියලා හිතෙනවා. මේකෙන් කියවෙන්නේ ජීවිතේ නැතිවීම් වලින් කඩා නොවැටෙන ශක්තිමත් කාන්තාවකගේ හැගීමක්. ඉතින් මේක විරහ ගීයක් පමනක් ම වෙන්න බෑ නේද.................  ගහ මරාගෙන රණ්ඩුවෙමින් මුහුණට මුහුණ බලගන්න බැරි තත්වයකට පත්වෙලා වෙන්වෙනවාට වඩා වඩා සාධාරනීය වෙන්වීමක් ගැන මේ ගිතය තුල මෙහි පැවසෙනවා. ඇත්තටම වියයුත්තේද එය නොවේද................ තමන් සතුටක් නොලබන බැදීමක් පවත්වාගෙන යනවාට වඩා ඒ බැදීමෙන් වෙන්වීම සුදුසු බවද මෙයින් පැවසෙනවා......................... 


Friday, October 19, 2012

දවසක් පැල නැති හේනේ....................

දවසක් පැල නැති හේනේ.............................


මව් සෙනෙහස ගැන ගැයෙන ගීත අතරින් අද්විතීය ස්ථානයක් හිමිවෙන ගීතයක් ලෙස නොබියව මට කිව හැකි ගීතයක් ලෙස ගුණදාස කපුගේ මහතා විසින් ගැයෙන මෙම ගීතය පෙන්වා දිය හැකියි. . සියුම් ස්වරයෙන් ඇරබී විලාපයකින් නිමවන මේ ගීතය උත්තරීතර වූ මව් සෙනෙහස අපේ හදවත් වලට ඉතාමත්ම හොදින් දනවන්නට එදා මෙදා තුර සමත් වී තිබෙනවා .



දවසක් පැල නැති හේනේ

අකාල මහ වැහි වැටුනා

තුරුලේ හංගාගෙන මා ඔබ තෙමුනා අම්මේ

පායන තුරු හිටි පියවර හිටියා ඔබ අම්මේ.....................




නුවර වීදි යට කරගෙන නින්දා වැහි වැගිරුනදා

බිරිදකගේ සෙනෙහෙ ගියා යෝධ ඇලේ නැම්මේ

ඔබෙ සෙනෙහස සුවද දිදී දැනුනා මට අම්මේ............




කොළඹ අහස කලු කරගෙන මුහුදු හුලග හඩලනකොට

ඔටුන්න බිමදා දුවගෙන එන්නද එක පිම්මේ

මං එනතුරු ඉදිකඩ ලග ඉන්නවාද අම්මේ...............


ගායනය හා සංගීතය :ගුණදාස කපුගේ 


පද: රන්බංඩා සෙනවිරත්න 



අපේ සිංහල ගීත සාහිත්‍යය තුල මව් සෙනෙහස ගැන ගැයෙන ගීත අතරින් අග්‍රගන්‍ය ගීතයක් ,
දවසක් පැල නැති හේනේ................... ගීතය. එනිසාවෙන් අද මම මේ ගීතයේ අර්ථය ගැන සිතුවෙමි. අපි    මොන පවුල් පසුබිමක සිටියද එකම අයුරින් අපේ හදවත් වලට දැනෙන එකම හැගීම මව් සෙනෙහසයි. ඒ උත්තරීතර වූ මව් සෙනෙහස ඕනෑම කෙනෙකුගේ හදවත සියුම්ව ස්පර්ශ කරන, ඒ උත්තරීතර සෙනෙහස සිහිවීමෙන් නෙතගට කඩුලක් මුසු කරන මේ ගීය...................... 


දවසක් පැල නැති හේනේ අකාල මහ වැහි වැටුනා

තුරුලේ හංගාගෙන මා ඔබ තෙමුනා අම්මේ

පායන තුරු හිටි පියවර හිටියා ඔබ අම්මේ.....................


මේ ගීතය බිහිවෙනේ රචකයගේ ජීවිතයේ යම් යම් සැබෑ අත් දැකීම් කිහිපයකුත් පසුබිම් කරගෙනයි. මේ ගීතය රචනා කරන රන්බණ්ඩා සෙන්නවිරත්නයන් හට  කුඩා කල තම මව විසින් හේන් වල ඉතිරි වී තිබෙන එළවළු කඩල කන්න දීල ඔහුව පෝෂනය කරලා තිබෙනවා.
  මේ ගීතය පුරාම විහිදෙන මහ ලොකූ ගැබුරු අර්තයක් තිබෙනවා. පැලක් නොමැති හේනක තිබෙන අනාරක්ශා කාරීබව් වගේම අනාරක්ශාකාරී බවක් පියා නැති පවුලකටත් තියෙනවා. අකාලයට වහින වැසි වලින් අරක්ශාවක් එවැනි හේනක නැති උනාට අම්මේ.................... තාත්තා නැතිවම ඔයාට එල්ලවෙන නින්දා අපහාස ඉවසාගෙන දරාගෙන ඔයා අපිව ආරක්ශා කරපු හැටි..... අපි ඒ නින්දා අපහාස වැසි වලට නොතෙමුනාට ඔයා.............. ඒ වැස්සට තෙමුණා නේද............. කියල මට අද සිහිපත් වෙනවා.... ඇත්තටම අම්මේ............... ඔයා අපිට ඒ කිසිම දුකක් කරදරයක් දැනෙන්න දුන්නේ නෑ...........

"පායන තුරු හිටි පියවර හිටියා ඔබ අම්මේ....................."

අම්මේ............. අපි ඉගෙන ගෙන හරි හමන් තැනකට එනකම්ම ඔයා වෙනත් කසාදයක් ගැන නොහිතම අපි වෙනුවෙනම කැපවුණු හැටි අද මට සිහිවෙනවා......... ඔයාගේ ජීවිතේ ඔයාගේ එකම අරමුණ උනේ මමම නේද කියල දැන් මට හොදටම පැහැදිලි වෙනවා............

නුවර වීදි යට කරගෙන නින්දා වැහි වැගිරුනදා

බිරිදකගේ සෙනෙහෙ ගියා යෝධ ඇලේ නැම්මේ

ඔබෙ සෙනෙහස සුවද දිදී දැනුනා මට අම්මේ..........


අම්මේ............... ඔයා මාව ලොකු මිනිහෙක් කරලා නුවරට එව්වා. එහෙම ආපු මට ඔයාට වඩා මගේ  ගෑණි ලොකු උනා. නමුත් ඔයාගෙත් එයාගෙත් ආදරයේ වෙනස මම තේරුම් ගන්න කොට.............. ඔයාගේ ආදරේ එයාගේ ආදරේට වඩා ගොඩා.........ක්  වැඩියි කියල දැනෙන කොට......... ගොඩාක් කල් ගිහින්. ඒක හරියට යෝධ ඇළේ බැම්ම වගේ... අම්මේ........   සැතපුමක් ගියාම තමා තේරෙන්නෙ අගලක බැස්මක් මේකෙ තියෙනව කියලා......යෝධ  ඇල වතුර ගලනව කියල පේන්නෙ නෑ. සැතපුමක් ගියාම තමා තේරෙන්නෙ ගලනව කියල. බිරිදත් එහෙමයි...........  වෙනස් වෙනව තේරෙන්නෑ. කාලය ගෙවිල ගියාමයි තේරෙන්නෙ බිරදත් මවත් අතර වෙනස .අද....................... මට ඇතිවුණ ප්‍රශ්න වලදි අග හිගකම් වලදි එයා මාව දාල ගිහින්. ඒ ප්‍රශ්ණ එදා ඔයා මුහුන දීපු ප්‍රශ්න එක්ක හිතුවම මොනාද.....කියල හිතෙනවා.
 දැන් බිරිද මෙහෙම වෙනස් උනාම මට  පරණ සෙනෙහස මතක් උනා...... අම්මව සිහි උනා......... කසාදයක කරගන්නැතිව,මාව   ලොකු වෙනකල් දුකක් නොදී බලාගත් අම්මලගට ....... ඒ සෙනෙහස ආරක්ෂාව සොයාගෙන යන්න ඕන...... යන්න හිතෙනව.................



කොළඹ අහස කලු කරගෙන මුහුදු හුලග හඩලනකොට

ඔටුන්න බිමදා දුවගෙන එන්නද එක පිම්මේ

මං එනතුරු ඉදිකඩ ලග ඉන්නවාද අම්මේ...............



අම්මේ...................... මම මේ හැම සැපතක්ම අතහැරලා ඔයගේ ආදරේ සොයාගෙන එකපිම්මේ දුවගෙන එන්නද................. ඉස්සර මගේ පොඩි කාලේ වගේ මම එනකම් ඉදිකඩ ගාවට වෙලා ඉන්නවද  මම එනකම්. ඉන්නවද අම්මේ................... ඉන්නවද.............. එහෙම ඉන්න අද ඔයා නෑ කියල මට මතක් වෙනකොට මම විලාප නොගහ ඉන්නෙ කොහොමද කියලා මට කියා දෙන්න අම්මේ...................  ( මේ අර්ථය හැගවෙන අයුරින් විලාපයකින් වේදනාවකින් මේ ගීතය අවසන් වෙන්නේ ඒ නිසාවෙනුයි) 



                  

Thursday, October 18, 2012

ඔබ පෙම් කරනා..............

ඔබ පෙම් කරනා.............. 

ආදරය... කොතරම් මිහිරිද... ඒත්... ඒත් ඒ මිහිර උපරිමයෙන් විඳින්න වාසනාව ලැබෙන්නේ පෙම්වතුන් කීයෙන් කී දෙනාටද... විරහවත් එක්‌ක ඒ මිහිර පළා යනවා... ඉන් පස්‌සේ සාගරය බඳු වේදනාවක්‌ අබියස මේ පෙම්වතුන්ට තනිවෙන්න සිද්ධ වෙනවා...





 

ඔබ පෙම් කරනා ඔබේ කුමාරී
ඔබට ආදරේ කියනා අයුරින්
පෙර දවසක මා පෙම් කරනා සඳ
මටද ආදරේ කියා තිබේ...

සාගර වෙරළේ සොඳුරු සෑඳෑවක
රඟහල කෙළවර අඳුරු නිමේෂක
අද ඔබ ළඟ ඔබ සනසාලන ඈ
පෙර දවසක මා තුරුළට වී හිඳ
මටද ආදරේ කියා තිබේ...

සක්‌මන් මළුවක දෙපා ගෙවෙද්දී
දොඩමළු පෙම්බස්‌ ගොළුවී යද්දී
මා සමුගෙන ඔබ වෙතට පැමිණි ඈ
සනහස සඟවා දෙනෙත නුරාවෙන්
මටද ආදරේ කියා තිබේ... 

ගායනය: ගුණදාස කපුගේ                                                                                  

පද: සුනිල් ආර් ගමගේ                                                         

වෙන්ව ගිය පෙම්වතා හෝ පෙම්වතිය යළි දිවි ඇතිතුරාවට දකින්න නොලැබෙනවා නම්... ඒක හිතට එක්‌තරා සහනයක්‌... ඒත්... කාලයක්‌ ප්‍රේමයෙන් වෙලී සිටි ආදරවන්තිය... තවකෙකු සමඟ අතිනත බැඳන් යන ආකාරය දකින පරාජිත පෙම්වතාට.... ඇතිවන හැඟුම... වේදනාව... වචනයට හරවන්න පුලුවන්ද...



****ඔබ පෙම් කරනා ඔබේ කුමාරී
         ඔබට ආදරේ කියනා අයුරින්
         පෙර දවසක මා පෙම් කරනා සඳ
          මටද ආදරේ කියා තිබේ

 "හිතවත... ඔබ ආදරය කරන පෙම්වතිය, පෙම් රජදහනේ ඔබේ කුමරිය... ඔබේ හිස පිරිමදිමින් ඔබට ආදරෙයි කියා කියන ඇයට කාලයක්‌ මමත් පෙම්කළා... එදාත් ඇය අද වගේමයි... ඔබට ආදරෙයි කියා කියන ඈ. එදා මටත් ආදරෙයි කියා දිව්රා සිටියා...."

****සාගර වෙරළේ සොඳුරු සැඳෑවක
         රඟහල කෙළවර අඳුරු නිමේෂෙක
         අද ඔබ ළඟ ඔබ සනහාලන ඈ 
         පෙර දවසක මා තුරුළට වී හිඳ
         මටද ආදරේ කියා තිබේ...

හිරු බැස යන සුන්දර සැන්දැවෙ මුහුදු වෙරළේ විතරක්‌ නොවේ... අඳුර රජයන රඟහලක කෙළවරේ... අසුනක ඔබට ලංවෙලා... ඔබව සනසන ඇය ඔය ආකාරයටම පෙර දිනයක මගේ තුරුළට වෙලා හිටියා... පෙම් බස්‌ මුමුනමින් මම ඔයාට ආදරෙයි කියා කිව්වා...


****සක්‌මන් මළුවක දෙපා ගෙවෙද්දී
         දොඩමළු පෙම්බස්‌ ගොළු වී යද්දී
         මා සමුගෙන ඔබ වෙතට පැමිණි ඈ
         සනහස සඟවා දෙනෙත නුරාවෙන්
         මටද ආදරේ කියා තිබේ...

දෙපා ගෙවෙනතුරු අපි ඇවිද්දා... අපි දෙන්නා... තේරුමක්‌ නැති දේ.... ඔහේ කතා කළා... පෙම්බස්‌ දෙඩුවා... ඒත් ඒ පෙම්බස්‌ ගොළු වුණා.... මගෙන් සමුගත් ඔබ වෙත සමීප ඇය... ආදරය.. සෙනෙහස සඟවමින් නුරාවෙන් පිරි දෙනෙතින් මටත් ආදරෙයි කියා කිව්වා...


මේ ගීතය ලියන්නේ සුනිල් ආර් ගමගේ මහත්මයා.ඒ ඔහු ලබම සැබෑ අත්දැකීමක් අසුරින් ,ඔහු කියන්නේ..

"පාසල් කාලයේ සිටම පෙම්කළ දෙදෙනෙක්‌... අවසනයේ තේරුණේ විශ්වවිද්‍යාල දෙකකට... මේ පෙම්වතා මගේ ළඟම යහළුවෙක්‌... ඔවුන් පෙම්කළ කාලයේ පටන්ම මා සමීපව ඇසුරු කළා... ඒත්... විශ්වවිද්‍යාලයට ගියාට පස්‌සේ... තරුණිය වෙනස්‌ වුණා.. ඈ වෙනත් කෙනෙකු සමඟ පෙම්කරන්න පටන් ගත්තා.

ඇය ඔහුට තුරුළුවෙලා පෙම්කරන අයුරු මගේ මිතුරා දැක්‌කා... ඔහු සමඟ ඒ අත්දැකීම ලබන්න මටත් සිද්ධ වුණා. අපි දෙන්නට නිතරම දකින්න ලැබුණා. ඔවුන් දෙන්නා පෙමින් වෙලී සිටින හැටි... මගේ මිත්‍රයා විඳින වේදනාව මට හොඳින් දැනුනා... ඒ වේදනාව තමයි මම   මේ විදිහට පද පෙළකට ඇමිණුවේ...  "

වසර ගණනාවක්‌ ගත වුණත් මේ ගීය අපිට අදත් අලුත්... නැවුම්... කපුගේ ගේ හඬ ගැන කිව යුතු නැහැ... ඒත් මේ ගීය... ශුංගාරාත්මක සාහිත්‍ය රසයෙන් යුතු ගීයත්... පදමාලාව ඒ රසයට බොහෝ සේ ඉවහල්ව තිබෙනවා... ගීයේ රසභාවයන්ට සංගීත රස රාගයන් එක්‌ව තිබෙන නිසා ඉතාමත් හොඳින් රස විඳිය හැකි... පදමාලාවෙන් පමණක්‌ නොවේ ගී තනු නිර්මාණය ඔස්‌සේද විරහ වේදනාව හොඳින් වින්දනය කළ හැකි ගීයක්‌.