Thursday, October 11, 2012

සුලග නුබ වගේ..........

 සුලග නුබ වගේ..........

   සුභාවිත ගීත කලාව තුල කෙනෙකුගේ සැබෑ අත්දෑකීමක් පදනම් කරගෙන ලියවුන ගීතයක් මේ. රචිකාවිය යමුනා මලීනී පෙරේරා. අත්දැකීම ලබන්නේ ඇගේ මිතුරියක්

සුලග නුබ වගේ - සිත් මල වටා එතී

මල් සුවද හොර හොරෙන් අරං යන්නටම හදයි

වැස්ස නුබ වගේ සිත් මලට ඇද වැටී

මලේ පාට නොසේදීම පුදුමයක් තමයි.........


සිත හැදිනුවෙත් නුබයි


පසු පසම එලව එලවාවිත් සැනසුවෙත් නුබයි


නුබ මගේ හිත අරං ගියා


පුදුමයක් නෙවෙයි.........


සිත තනි කලෙත් නුබයි

මගේ හිතේ සියුම් තැන් සොය සොය රිදෙව්වෙත් නුබයි

ඒත් නුබෙන් සිත නොමිදෙයි

පුදුමයක් තමයි..........


" මම ආදරේ කරන්න බෑම කියද්දි මගේ පස්සෙන් ඇවිත් මාව අදරේ කරන්න පොලබවා ගත්තේ එයා. අන්තිමට මට දුකක් දීලා එයා යන්න ගියා. ඒත් මම එයා එක්ක තරහා නෑ. මට තරහ වෙන්න බෑ. මම එයාට වෛර කරන්නේ නෑ. ආදරේ කරපු හිතින් මට එයාට වෛරකරන්න බෑ ",ඇගේ මිතුරිය ඇයට එහෙම කියද්දි ඇය (යමුනා මලිනී පෙරෙරා මහත්මිය) කොලයක ලියපු සිතිවිල්ලක් කරුණාරත්න දිවුල්ගනේ මහතගේ හඩින් ගීතයක් උනා.

ඇගේ ගම ගාල්ල. ගාල්ලේ කොටු පවුර මත ඉදගෙන මිතුරියන් සමග සතුටින් හිටපු ඇය ඇගේ පස්සෙන් ඇවිත් ආදරේ ඉල්ලන කොල්ලා ගැන මිතුරියන්නට පැවසුව. අන්තිමේදි ඇය ඔහු හා පෙමින් බැදී වසර 3ක් විතර පෙම් සුව විදලා පෙම්වතා ඇයව හැර යනවා ,මේ සිදුවීම එදා ඇයත් සමගම පවුර මත හිටපු ඇගේ මිතුරියට ( යමුනා මලිනී පෙරෙරා මහත්මිය) පවසද්දි මිතුරියගේ සිතුවිල්ල තමයි මෙලෙස ගීතයක් වෙන්නේ, අත්දැකීම කාන්තවකගෙ වුවත් මේක අපි හැමොටම රස විදින්න පුලුවන් ගීතයක් කියලයි මට හිතෙන්නේ..........
  ****සුලග නුබ වගේ - සිත් මල වටා එතී
        මල් සුවද හොර හොරෙන් අරං යන්නටම හදයි
        වැස්ස නුබ වගේ සිත් මලට ඇද වැටී
        මලේ පාට නොසේදීම පුදුමයක් තමයි.....
පෙම්වත....... නුබ මගේ සිත් මල වටා එතෙන.... මා  සිප වැලද ගන්න  සුලගක් වාගේය. නුබ මටත් හොරෙන් මගේ සුවද අරගෙන යන්න හදනවා වගෙයි. නුබ ඒ ලෙසම මගේ හිත රැගෙන ගොස් ඇත...... පෙම්වත..... බලන්න වැස්සට මල් වල පාට නොසේදෙන අපූරුව. ඒ ලෙසින්ම නුබ කෙරෙහි වූ මා සෙනෙහස ආදරය තවමත් නොසේදී තිබීමමත් පුදුමයක්................... 


****සිත හැදිනුවෙත් නුබයි
        පසු පසම එලව එලවාවිත් සැනසුවෙත් නුබයි
        නුබ මගේ හිත අරං ගියා
        පුදුමයක් නෙවෙයි.........
 ඔයා...... මගෙන් කී සැරයක් ආදරය ඉල්ලුවද......... මම ඔයාට කී සැරයක් බෑ කිව්වද........... ඔයාට මතකද, මම බෑම කියද්දිත් ඔයාමයි මගේ පස්සෙන් ඇවිත් මගේ සිත මාව ඔයාට ආදරේ කරන්න පොලබවා ගත්තේත්. එත්............ මම ඔයාගෙ ආදරෙන් කෙතරම් සැනසුනාද............ අපි ඒ විදපු සුන්දර අතීතය මට ආයෙ ලැබෙන්නේ නෑ කියල මම දන්නවා......... නුබ මගෙන් ඈතට ගියේ මගේ හිතත් අරගෙනම කියල ඔයා දන්නේ නැතුවත් ඇති. ඒත් ඒක පුදුමයක් නොවෙයි නේද රත්තරන් .............

*****සිත තනි කලෙත් නුබයි
          මගේ හිතේ සියුම් තැන් සොය සොය රිදෙව්වෙත් නුබයි
          ඒත් නුබෙන් සිත නොමිදෙයි
          පුදුමයක් තමයි..........

මම හිටියේ සතුටින්. මම මගේ යලුවොත් එක්ක සතුටින් ,හිටියේ,එත්....................  ඔයා මගේ ලෝකයට අවට පස්සේ මගේ සතුට තිබුනේ ඔයා ලග. නමුත්............. ඔයා මගේ සියුමැලි සිත රිදෙව්වා ..එත්........ රත්තරං මට ඔයත් එක්ක තරහක් නෑ................ මගේ හිත තාමත් ඔයා ගැනම හිත හිත ඔයාවම සොයන එකත් මටම පුදුමයක් මට එතරම් වේදනාවක් දීලත්..................................... 

http://www.youtube.com/watch?v=2l-dfJFTsaw

4 comments:

  1. "සුලග නුබ වගේ - සිත් මල වටා එතී"

    ReplyDelete
    Replies
    1. mama wagenam newi onnaaa.thnksss for joining

      Delete