Friday, October 26, 2012

විසුරුණු මල් පෙති දෝතට ගත් කුමරී........

විසිරුණු මල් පෙති දෝතට ගත් කුමරී......... 



විසිරුණු මල් පෙති දෝතට ගත් කුමරී 

ඒ පෙති එක් කර මලක් සොයන බොලදී 

සරදම් නොකරමි ආදරයෙන් කියමී 

විසිරුණු පෙති යළි මලක් නොවෙයි නැගණී................ 


වෙරළ සොයා රළ පෙළ දිව ආවත් 

වෙරළට කිසිදා දියබ දකිනු හැකිදෝ.... 

බදට පියාපත් යුවලක් ලැබුනත් 

අතුල අධිකාරී 

අහස දෙකෙලවර නුබට දකිනු හැකිදෝ.............. 


බබරුන් පසුපස මල් දිව නොගියත් 

අවමන් වින්දේ මල් කුලයම නොවෙදෝ 

බන්දුල නානයකාරවසම් 

මෙදහම් නුවනින් නුබ නොදුටුවොතින් 

නුබේ සුසුම් ගිණි බොල් අහසම නොවෙදෝ........ 


ගායනය:අතුල අධිකාරී පද:බන්දුල නානයකාරවසම් 
රෝහණ වීරසිංහ 

සංගීතය: රෝහණ වීරසිංහ 


ආදරය විරහව ගැන හැගීමක් මේ ගීතය අසද්දිම හිතට නැගුනත් මේ ගීතය තුල ප්‍රකාශ වෙන්නේ ඛේදානතයක්. 

දවසක් නීතීවේදියෙකුගේ කාමරයකට තරුණ අයියා කෙනෙක් සහ ඔහුගේ නැගනිය පැමිනෙනවා. මොවුන් බොහොම දුප්පත්. මේ අහිංසක දුප්පත් නංගිව පොහොසත් වගේම සෙලක්කාර කොල්ලෙකුගේ බහට රැවටිලා ඔහු අතින් කෙලෙසිලා. 
ඔහු දැන් හොයාගන්නවත් නෑ. තමන්ගේ අහින්සක නංගියගේ ජීවිතය විනාස වෙන්න නොදී මේ වැරදිකාර තරුණයාට එරෙහිව නීතියේ පිහිට සොයාගෙනයි මොවුන් පැමිනියේ. 
      එත්.................. ඒ සල්ලාලයා  බොහොම වත් පොහොසත් කම් තියන කෙනෙක්. මේ නංගිව විත්තිකූඩුවේ නග්ගලා ලෝකෙටම ඇහෙන්න දුකකියල පිහිටක් ගන්න මේ අයියට ඔන උනත් මේ සල්ලි කාරයෝ එක්ක හැප්පෙන්න මේ අයට සල්ලිවත් බලයවත් නෑ කියල මේ තරුණ නීතිවේදියාට තේරෙනවා. මේ කරන්න යන දේ නිශ්ඵලයි කියල ඔහුට කලින්ම වැටහෙනවා. 
            ඒ නිසා ඔහු මේ නැගනියගේ අයියා උනානම් නංගිට මේ යතාර්තය තේරුම් කරන විදියයි මේ ගීතයෙන් කියවෙන්නේ...............
               
                                   

****විසිරුණු මල් පෙති දෝතට ගත් කුමරී
        ඒ පෙති එක් කර මලක් සොයන බොලදී
        සරදම් නොකරමි ආදරයෙන් කියමී
        විසිරුණු පෙති යළි මලක් නොවෙයි නැගණී................ 

          මගේ අහිංසක නංගී................. මම දන්නවා ඔයා හදන්නේ මේ කෙලෙසුනු ඔයාගේ ආත්මය නිකලැල් කරගන්න කියලා. එත්............... අපිට ඒ දේ කරන්න බෑ ............. මට ඔයාට කියන්න ඕන....... මම ඔයාට හිනා වෙනවා නෙවෙයි මගේ නංගී....................... 

****වෙරළ සොයා රළ පෙළ දිව ආවත්         වෙරළට කිසිදා දියබ දකිනු හැකිදෝ....
        බදට පියාපත් යුවලක් ලැබුනත්         අහස දෙකෙලවර නුබට දකිනු හැකිදෝ.............. 

හැමදාම උනේ රළ අවිල්ලා වෙරල සිපගෙන වෙරලින් ඈත්වෙන එක විතරයි. කවදාවත්ම......... වෙරට බෑ ඒ දියබ ......... ඒ වගේම නංගී ඔයාට පියාපත් ලැබුනත් ඔයාට බෑ මේ අහසේ දෙකෙලවර දකින්න.ඒ වගෙයි නංගී................... සල්ලි කාර පිරිමි දුප්පත් ගෑණු ළමයින්ගේ පහස අරගන්න විතරක් ඔවුන් වෙත අවිල්ලා යනවා....... එයින් පසු ඒ අයව කවදාවත් දකින්න ලැබෙන්නේ නෑ නංගී.............. ඔවුන් අසරණ වෙලා තනිවෙලා යනවා................ ඉහළින් වැජබෙන සල්ලිකාර සමාජයේ ඒ අය අතරමං වෙනවා............. 



****බබරුන් පසුපස මල් දිව නොගියත්         අවමන් වින්දේ මල් කුලයම නොවෙදෝ         මෙදහම් නුවනින් නුබ නොදුටුවොතින්         නුබේ සුසුම් ගිණි බොල් අහසම නොවෙදෝ........ 

ගොඩවෙලාවට කාන්තාව පසුපස පිරිමින් එනවා තමයි. ඒ ඔවුන්ගේ අදහස ඉටු කරගන්න ඇයගේ එක බැල්මක් උනත් ප්‍රමාණවත්. නමුත් හැමදාම උනේ අවසානෙයේදී කාන්තවට අවමන් විදින්න. ඒක එයාගෙ වරදක් නොවෙයි කියල සමාජය කවදාවත් තෙරුම්ගත්තෙනෑ. ගෑණූ කීයක් එක්ක නිදාගත්තත් පිරිමින්ව මේ සමාජය නිදොස්කොට නිදහස් කරනවා. තිත්ත ඇත්ත මෙකයි නංගී.............. මේ යතාර්තය තේරුම් ගෙන 
කරබාගෙන සිටිනවා මිසක හැමදාම ඒ ගැන හිතමින් සෝ සුසුම් බොල් අහසට මුසු කිරීමෙන් පලක් නෑ.................. 


සරදම් නොකරමි ආදරයෙන් කියමී    විසිරුණු පෙති යළි මලක් නොවෙයි නැගණී................ 


Saturday, October 20, 2012

ඉගිලෙන්න තහනම් නම් දුරක්...........

ඉගිලෙන්න තහනම් නම් දුරක්..............

ඉගිලෙන්න තහනම් නම් දුරක්‌

ඇයි දුන්නෙ මට අත්තටු දෙකක්‌

අපි ලිව්වෙ ලස්‌සන කවි දෙකක්‌

මගෙ වෙන්නෙ ඇයි එක කවිපෙළක්‌...

නිරෝශා විරාජිනී


පෙම්වන්ත හිතටත් යට ඉඳන්

පෙන්වන්න අවියක්‌ ඔබ අරන්

මට ගන්න හැකි ඉර හඳ උනත්

ඔබ දන්නෙ නැහැ ඒ බව තවත්...//


හැමදාම මල්පෙති ළංකළත්

චන්න ජයනාත්

දැනුනේම නෑ සුවඳැති බවක්‌

නෑ මා ඔබෙන් ලද අත්වැලක්‌

සාධාරණයි අපි වෙන් කළත්.....// 

 

 ගායනය:නිරෝශා විරාජිනී 

පද: චන්න ජයනාත් 

සංගීතය:රෝහණ වීරසිංහ 

රෝහණ වීරසිංහ

 

 

 ආදරයෙන් එක්වූ දෙහදක් වෙන්වීම.......... කෙතරම් දෙදෙනා එකිනෙකාට ආදරය කලත් අදහස් සිතුම් පැතුම් නොගැලපේනම් ..............ගතිපැවතුම් වෙනස් නම්........ අවබෝධය අඩුනම් වෙන්වීම හැර වෙන කුමක් කරන්නද............. විවාහය දික්කසාදයකින් නිම වෙද්දී........... පෙම්වතුන් හදවතින් වෙන්වෙනවා......... 
  අනවබෝධය නොගැලපීම  නිසාම ආදර බැම්මක් බිදී ගිය අවස්තාවක්...... විවාහය දෙදරා  ඉරිතලා ගිය ස්ත්‍රියකගේ හිතේ ඇතිවන වේදනාව විලාපය මේ ගීයෙන් අර්ථගැන්වීමට ගී පද රචකයා ගෙන ඇති උත්සාහය ඉතා සාර්ථකයැයි මට හැගෙනවා............... 


ඉගිලෙන්න තහනම් නම් දුරක්‌

ඇයි දුන්නෙ මට අත්තටු දෙකක්‌

අපි ලිව්වෙ ලස්‌සන කවි දෙකක්‌

මගෙ වෙන්නෙ ඇයි එක කවිපෙළක්‌....................

 

....................මට ඉගිල්ලෙනට අත්තටු දෙකක් දුන්නේ ඔබයි. එහෙනම් ඇයි ඔයාම මට ඉගිල්ලෙන්නට තහනම් කරන්නේ..... ඇයි එහෙනම් මොකටද ඔයා මට අත්තටු දෙකක් දුන්නේ....... අපි දෙන්නම එකතුවෙලා ලස්සන කවි දෙකක් ලියුවා.... ඒත්..... මේ කවි දෙකෙන් එක පේළියක් විතරක් මගේ වෙන්නේ කොහොමද....... ( මේ ගීතයේ පළමු පේළියේ නම් නම් කියල එකවර යෙදෙනවා .මෙය ගායනයේදී  ප්‍රශ්නයක්‌ වේවි කියා සංගීතඥ රෝහණ වීරසිංහට ප්‍රශ්නයක්‌ මතුවුණා...නමුත් නිරෝශා මේ කොටස ඉතා දක්ශ ලෙස ගායනා කරනවා. ඇගේ හඩ මේ ගියේ අර්ථය ඉතා හොදින් මතුකරනවා.) 

පෙම්වන්ත හිතටත් යට ඉඳන්

පෙන්වන්න අවියක්‌ ඔබ අරන්

මට ගන්න හැකි ඉර හඳ උනත්

ඔබ දන්නෙ නැහැ ඒ බව තවත්..................................

 ඔයා මට ආදරේ කරන බව පෙන්වුවත් ඔයා තුල තිබුනේ නපුරු හිතක්. ඒ හින්දමයි ඔයා මට හැමදාම රිදෙව්වේ. මම .............ඉවසුවා.............පුලුවන්ට් තරම් ..කෙනෙකුට ඉවසන්න බැරිතරමට මම ඉවසුවා. ඔයා හිතන්න එපා මට ඔයා නැතුව ඉන්න බැරිවෙයි කියලා. මම ඉන්නේ ඉර හද උනත් ගන්න පුලුවන් මට්ටමක. ඒ නිසාවෙන් මම අද.........ගොඩා.........ක් ශක්තිමත්. 

((මේ අවසන් පේළි දෙකේ පොඩි උපහාසයක් තියනවා. තමන් ගැන තියන ආත්මාභිමානය වගේම වේදනාවක් යටපත් කර ගන්න හොදම විසදුමකුත් මතුකරනවා) 


 හැමදාම මල්පෙති ළංකළත


දැනුනේම නෑ සුවඳැති බවක්‌


නෑ මා ඔබෙන් ලද අත්වැලක්‌


සාධාරණයි අපි වෙන් කළත්

 මම ඔයාට කලේ මල් පෙත්තක් වගේ සියුමැලි ආදරයක්.............. ඒත් ඔයාට ඒ ආදරේ සුවද දැනුනේ නෑ. ඒකයි ඔයා මගේ අඩු පාඩුම දැක්කේ...... මාව එක එක දේවල් කියල රිදෙව්වේ. ඔයාට මගේ ආදරේ සුවදවත් බව දැනුනෙම නැද්ද ..........................ඔයා මට දීපු වේදනා හින්දම මම ඔයාගෙන් ඈත් උනා ,ඔයා මගේ ජීවිතේ මගේ සතුට වැඩි කරන මාව සතුටුකරන අත්වැලක් උනේම නැහැ. ඒ හින්දා අද අපි වෙන් උනත් මම එක දකින්නේ මගේ දෛවය මට දීපු සාධාරන තීරනයක් ලෙසයි. 
මේ ගීතය ගයන්නේ නිරෝශා........... ඈ මේ ගීතයේ හැගීම ඉතාමත් සංවේදීවම මතුකරනවා. මට මතක විදියට මේ ගීතය කාලයක් ලංකාවේ ජනප්‍රියම ගීතය වෙලා තිබුනා බොහෝ සංගීත වැඩසටහන් වල. මේ ගීතය ඇගේ ජීවිතයටත් බොහොම සමීපයි. ඇය එත් අදත් ජීවිතේ සිනහවෙන් ගතකරනවා. නිරෝෂා මේ ගීය වඩාත් හොඳින් ගයන්නේ ඒ නිසාම වෙන්නත් පුළුවන්.. ඇගේ ජීවිතයේ ඇය විදි වේදනාව... ඇගේ ආත්මශක්තිය වගේම ඈ තුළ ඇති සුබවාදී දැක්මත් ඇය මේ ගීතයතුල ඇගේ හඩ මුසු කිරීමෙන් මතුකරනවා. ඇය මේ ගීතයේ අර්තය ශ්‍රාවකයාගේ හදවතට දැනෙන අයුරින් ඇගේ හදවතින්ම අවදිකරනවා .. එහෙත්... චන්නගේ පදමාලාව කාන්තා හඬකින් ගයන නිසා මෙය ගැහැනියකගේ හදවත ඉකිබිඳින ආකාරය බවට අර්ථ ගැන්වූවද... මේ අත්දැකීම ගැහැනු පිරිමි  දෙපක්‌ෂයටම පොදු වූවක්‌... යම් හෙයකින් මේ ගීය පිරිමි හඬකින් ගැයුවා නම්... මෙය වෙන්වීම පිළිබඳ පුරුෂයකු ලද අත්දැකීමක්‌ ලෙස අර්ථ දැක්‌වීමටත් පිළිවන.

 මේ ගීතය විරහ ගීතයක්ම නෙවෙයි කියලා හිතෙනවා. මේකෙන් කියවෙන්නේ ජීවිතේ නැතිවීම් වලින් කඩා නොවැටෙන ශක්තිමත් කාන්තාවකගේ හැගීමක්. ඉතින් මේක විරහ ගීයක් පමනක් ම වෙන්න බෑ නේද.................  ගහ මරාගෙන රණ්ඩුවෙමින් මුහුණට මුහුණ බලගන්න බැරි තත්වයකට පත්වෙලා වෙන්වෙනවාට වඩා වඩා සාධාරනීය වෙන්වීමක් ගැන මේ ගිතය තුල මෙහි පැවසෙනවා. ඇත්තටම වියයුත්තේද එය නොවේද................ තමන් සතුටක් නොලබන බැදීමක් පවත්වාගෙන යනවාට වඩා ඒ බැදීමෙන් වෙන්වීම සුදුසු බවද මෙයින් පැවසෙනවා......................... 


Friday, October 19, 2012

දවසක් පැල නැති හේනේ....................

දවසක් පැල නැති හේනේ.............................


මව් සෙනෙහස ගැන ගැයෙන ගීත අතරින් අද්විතීය ස්ථානයක් හිමිවෙන ගීතයක් ලෙස නොබියව මට කිව හැකි ගීතයක් ලෙස ගුණදාස කපුගේ මහතා විසින් ගැයෙන මෙම ගීතය පෙන්වා දිය හැකියි. . සියුම් ස්වරයෙන් ඇරබී විලාපයකින් නිමවන මේ ගීතය උත්තරීතර වූ මව් සෙනෙහස අපේ හදවත් වලට ඉතාමත්ම හොදින් දනවන්නට එදා මෙදා තුර සමත් වී තිබෙනවා .



දවසක් පැල නැති හේනේ

අකාල මහ වැහි වැටුනා

තුරුලේ හංගාගෙන මා ඔබ තෙමුනා අම්මේ

පායන තුරු හිටි පියවර හිටියා ඔබ අම්මේ.....................




නුවර වීදි යට කරගෙන නින්දා වැහි වැගිරුනදා

බිරිදකගේ සෙනෙහෙ ගියා යෝධ ඇලේ නැම්මේ

ඔබෙ සෙනෙහස සුවද දිදී දැනුනා මට අම්මේ............




කොළඹ අහස කලු කරගෙන මුහුදු හුලග හඩලනකොට

ඔටුන්න බිමදා දුවගෙන එන්නද එක පිම්මේ

මං එනතුරු ඉදිකඩ ලග ඉන්නවාද අම්මේ...............


ගායනය හා සංගීතය :ගුණදාස කපුගේ 


පද: රන්බංඩා සෙනවිරත්න 



අපේ සිංහල ගීත සාහිත්‍යය තුල මව් සෙනෙහස ගැන ගැයෙන ගීත අතරින් අග්‍රගන්‍ය ගීතයක් ,
දවසක් පැල නැති හේනේ................... ගීතය. එනිසාවෙන් අද මම මේ ගීතයේ අර්ථය ගැන සිතුවෙමි. අපි    මොන පවුල් පසුබිමක සිටියද එකම අයුරින් අපේ හදවත් වලට දැනෙන එකම හැගීම මව් සෙනෙහසයි. ඒ උත්තරීතර වූ මව් සෙනෙහස ඕනෑම කෙනෙකුගේ හදවත සියුම්ව ස්පර්ශ කරන, ඒ උත්තරීතර සෙනෙහස සිහිවීමෙන් නෙතගට කඩුලක් මුසු කරන මේ ගීය...................... 


දවසක් පැල නැති හේනේ අකාල මහ වැහි වැටුනා

තුරුලේ හංගාගෙන මා ඔබ තෙමුනා අම්මේ

පායන තුරු හිටි පියවර හිටියා ඔබ අම්මේ.....................


මේ ගීතය බිහිවෙනේ රචකයගේ ජීවිතයේ යම් යම් සැබෑ අත් දැකීම් කිහිපයකුත් පසුබිම් කරගෙනයි. මේ ගීතය රචනා කරන රන්බණ්ඩා සෙන්නවිරත්නයන් හට  කුඩා කල තම මව විසින් හේන් වල ඉතිරි වී තිබෙන එළවළු කඩල කන්න දීල ඔහුව පෝෂනය කරලා තිබෙනවා.
  මේ ගීතය පුරාම විහිදෙන මහ ලොකූ ගැබුරු අර්තයක් තිබෙනවා. පැලක් නොමැති හේනක තිබෙන අනාරක්ශා කාරීබව් වගේම අනාරක්ශාකාරී බවක් පියා නැති පවුලකටත් තියෙනවා. අකාලයට වහින වැසි වලින් අරක්ශාවක් එවැනි හේනක නැති උනාට අම්මේ.................... තාත්තා නැතිවම ඔයාට එල්ලවෙන නින්දා අපහාස ඉවසාගෙන දරාගෙන ඔයා අපිව ආරක්ශා කරපු හැටි..... අපි ඒ නින්දා අපහාස වැසි වලට නොතෙමුනාට ඔයා.............. ඒ වැස්සට තෙමුණා නේද............. කියල මට අද සිහිපත් වෙනවා.... ඇත්තටම අම්මේ............... ඔයා අපිට ඒ කිසිම දුකක් කරදරයක් දැනෙන්න දුන්නේ නෑ...........

"පායන තුරු හිටි පියවර හිටියා ඔබ අම්මේ....................."

අම්මේ............. අපි ඉගෙන ගෙන හරි හමන් තැනකට එනකම්ම ඔයා වෙනත් කසාදයක් ගැන නොහිතම අපි වෙනුවෙනම කැපවුණු හැටි අද මට සිහිවෙනවා......... ඔයාගේ ජීවිතේ ඔයාගේ එකම අරමුණ උනේ මමම නේද කියල දැන් මට හොදටම පැහැදිලි වෙනවා............

නුවර වීදි යට කරගෙන නින්දා වැහි වැගිරුනදා

බිරිදකගේ සෙනෙහෙ ගියා යෝධ ඇලේ නැම්මේ

ඔබෙ සෙනෙහස සුවද දිදී දැනුනා මට අම්මේ..........


අම්මේ............... ඔයා මාව ලොකු මිනිහෙක් කරලා නුවරට එව්වා. එහෙම ආපු මට ඔයාට වඩා මගේ  ගෑණි ලොකු උනා. නමුත් ඔයාගෙත් එයාගෙත් ආදරයේ වෙනස මම තේරුම් ගන්න කොට.............. ඔයාගේ ආදරේ එයාගේ ආදරේට වඩා ගොඩා.........ක්  වැඩියි කියල දැනෙන කොට......... ගොඩාක් කල් ගිහින්. ඒක හරියට යෝධ ඇළේ බැම්ම වගේ... අම්මේ........   සැතපුමක් ගියාම තමා තේරෙන්නෙ අගලක බැස්මක් මේකෙ තියෙනව කියලා......යෝධ  ඇල වතුර ගලනව කියල පේන්නෙ නෑ. සැතපුමක් ගියාම තමා තේරෙන්නෙ ගලනව කියල. බිරිදත් එහෙමයි...........  වෙනස් වෙනව තේරෙන්නෑ. කාලය ගෙවිල ගියාමයි තේරෙන්නෙ බිරදත් මවත් අතර වෙනස .අද....................... මට ඇතිවුණ ප්‍රශ්න වලදි අග හිගකම් වලදි එයා මාව දාල ගිහින්. ඒ ප්‍රශ්ණ එදා ඔයා මුහුන දීපු ප්‍රශ්න එක්ක හිතුවම මොනාද.....කියල හිතෙනවා.
 දැන් බිරිද මෙහෙම වෙනස් උනාම මට  පරණ සෙනෙහස මතක් උනා...... අම්මව සිහි උනා......... කසාදයක කරගන්නැතිව,මාව   ලොකු වෙනකල් දුකක් නොදී බලාගත් අම්මලගට ....... ඒ සෙනෙහස ආරක්ෂාව සොයාගෙන යන්න ඕන...... යන්න හිතෙනව.................



කොළඹ අහස කලු කරගෙන මුහුදු හුලග හඩලනකොට

ඔටුන්න බිමදා දුවගෙන එන්නද එක පිම්මේ

මං එනතුරු ඉදිකඩ ලග ඉන්නවාද අම්මේ...............



අම්මේ...................... මම මේ හැම සැපතක්ම අතහැරලා ඔයගේ ආදරේ සොයාගෙන එකපිම්මේ දුවගෙන එන්නද................. ඉස්සර මගේ පොඩි කාලේ වගේ මම එනකම් ඉදිකඩ ගාවට වෙලා ඉන්නවද  මම එනකම්. ඉන්නවද අම්මේ................... ඉන්නවද.............. එහෙම ඉන්න අද ඔයා නෑ කියල මට මතක් වෙනකොට මම විලාප නොගහ ඉන්නෙ කොහොමද කියලා මට කියා දෙන්න අම්මේ...................  ( මේ අර්ථය හැගවෙන අයුරින් විලාපයකින් වේදනාවකින් මේ ගීතය අවසන් වෙන්නේ ඒ නිසාවෙනුයි) 



                  

Thursday, October 18, 2012

ඔබ පෙම් කරනා..............

ඔබ පෙම් කරනා.............. 

ආදරය... කොතරම් මිහිරිද... ඒත්... ඒත් ඒ මිහිර උපරිමයෙන් විඳින්න වාසනාව ලැබෙන්නේ පෙම්වතුන් කීයෙන් කී දෙනාටද... විරහවත් එක්‌ක ඒ මිහිර පළා යනවා... ඉන් පස්‌සේ සාගරය බඳු වේදනාවක්‌ අබියස මේ පෙම්වතුන්ට තනිවෙන්න සිද්ධ වෙනවා...





 

ඔබ පෙම් කරනා ඔබේ කුමාරී
ඔබට ආදරේ කියනා අයුරින්
පෙර දවසක මා පෙම් කරනා සඳ
මටද ආදරේ කියා තිබේ...

සාගර වෙරළේ සොඳුරු සෑඳෑවක
රඟහල කෙළවර අඳුරු නිමේෂක
අද ඔබ ළඟ ඔබ සනසාලන ඈ
පෙර දවසක මා තුරුළට වී හිඳ
මටද ආදරේ කියා තිබේ...

සක්‌මන් මළුවක දෙපා ගෙවෙද්දී
දොඩමළු පෙම්බස්‌ ගොළුවී යද්දී
මා සමුගෙන ඔබ වෙතට පැමිණි ඈ
සනහස සඟවා දෙනෙත නුරාවෙන්
මටද ආදරේ කියා තිබේ... 

ගායනය: ගුණදාස කපුගේ                                                                                  

පද: සුනිල් ආර් ගමගේ                                                         

වෙන්ව ගිය පෙම්වතා හෝ පෙම්වතිය යළි දිවි ඇතිතුරාවට දකින්න නොලැබෙනවා නම්... ඒක හිතට එක්‌තරා සහනයක්‌... ඒත්... කාලයක්‌ ප්‍රේමයෙන් වෙලී සිටි ආදරවන්තිය... තවකෙකු සමඟ අතිනත බැඳන් යන ආකාරය දකින පරාජිත පෙම්වතාට.... ඇතිවන හැඟුම... වේදනාව... වචනයට හරවන්න පුලුවන්ද...



****ඔබ පෙම් කරනා ඔබේ කුමාරී
         ඔබට ආදරේ කියනා අයුරින්
         පෙර දවසක මා පෙම් කරනා සඳ
          මටද ආදරේ කියා තිබේ

 "හිතවත... ඔබ ආදරය කරන පෙම්වතිය, පෙම් රජදහනේ ඔබේ කුමරිය... ඔබේ හිස පිරිමදිමින් ඔබට ආදරෙයි කියා කියන ඇයට කාලයක්‌ මමත් පෙම්කළා... එදාත් ඇය අද වගේමයි... ඔබට ආදරෙයි කියා කියන ඈ. එදා මටත් ආදරෙයි කියා දිව්රා සිටියා...."

****සාගර වෙරළේ සොඳුරු සැඳෑවක
         රඟහල කෙළවර අඳුරු නිමේෂෙක
         අද ඔබ ළඟ ඔබ සනහාලන ඈ 
         පෙර දවසක මා තුරුළට වී හිඳ
         මටද ආදරේ කියා තිබේ...

හිරු බැස යන සුන්දර සැන්දැවෙ මුහුදු වෙරළේ විතරක්‌ නොවේ... අඳුර රජයන රඟහලක කෙළවරේ... අසුනක ඔබට ලංවෙලා... ඔබව සනසන ඇය ඔය ආකාරයටම පෙර දිනයක මගේ තුරුළට වෙලා හිටියා... පෙම් බස්‌ මුමුනමින් මම ඔයාට ආදරෙයි කියා කිව්වා...


****සක්‌මන් මළුවක දෙපා ගෙවෙද්දී
         දොඩමළු පෙම්බස්‌ ගොළු වී යද්දී
         මා සමුගෙන ඔබ වෙතට පැමිණි ඈ
         සනහස සඟවා දෙනෙත නුරාවෙන්
         මටද ආදරේ කියා තිබේ...

දෙපා ගෙවෙනතුරු අපි ඇවිද්දා... අපි දෙන්නා... තේරුමක්‌ නැති දේ.... ඔහේ කතා කළා... පෙම්බස්‌ දෙඩුවා... ඒත් ඒ පෙම්බස්‌ ගොළු වුණා.... මගෙන් සමුගත් ඔබ වෙත සමීප ඇය... ආදරය.. සෙනෙහස සඟවමින් නුරාවෙන් පිරි දෙනෙතින් මටත් ආදරෙයි කියා කිව්වා...


මේ ගීතය ලියන්නේ සුනිල් ආර් ගමගේ මහත්මයා.ඒ ඔහු ලබම සැබෑ අත්දැකීමක් අසුරින් ,ඔහු කියන්නේ..

"පාසල් කාලයේ සිටම පෙම්කළ දෙදෙනෙක්‌... අවසනයේ තේරුණේ විශ්වවිද්‍යාල දෙකකට... මේ පෙම්වතා මගේ ළඟම යහළුවෙක්‌... ඔවුන් පෙම්කළ කාලයේ පටන්ම මා සමීපව ඇසුරු කළා... ඒත්... විශ්වවිද්‍යාලයට ගියාට පස්‌සේ... තරුණිය වෙනස්‌ වුණා.. ඈ වෙනත් කෙනෙකු සමඟ පෙම්කරන්න පටන් ගත්තා.

ඇය ඔහුට තුරුළුවෙලා පෙම්කරන අයුරු මගේ මිතුරා දැක්‌කා... ඔහු සමඟ ඒ අත්දැකීම ලබන්න මටත් සිද්ධ වුණා. අපි දෙන්නට නිතරම දකින්න ලැබුණා. ඔවුන් දෙන්නා පෙමින් වෙලී සිටින හැටි... මගේ මිත්‍රයා විඳින වේදනාව මට හොඳින් දැනුනා... ඒ වේදනාව තමයි මම   මේ විදිහට පද පෙළකට ඇමිණුවේ...  "

වසර ගණනාවක්‌ ගත වුණත් මේ ගීය අපිට අදත් අලුත්... නැවුම්... කපුගේ ගේ හඬ ගැන කිව යුතු නැහැ... ඒත් මේ ගීය... ශුංගාරාත්මක සාහිත්‍ය රසයෙන් යුතු ගීයත්... පදමාලාව ඒ රසයට බොහෝ සේ ඉවහල්ව තිබෙනවා... ගීයේ රසභාවයන්ට සංගීත රස රාගයන් එක්‌ව තිබෙන නිසා ඉතාමත් හොඳින් රස විඳිය හැකි... පදමාලාවෙන් පමණක්‌ නොවේ ගී තනු නිර්මාණය ඔස්‌සේද විරහ වේදනාව හොඳින් වින්දනය කළ හැකි ගීයක්‌.