ඉවසයිද මන්දා මා දුන් රිදුම්.......
ජීවිතයට ආදරය දැනෙන්නේ ජීවිතයේ සොදුරුතම වසන්තයේදීය. ආදරය අපෙන් ඈත් වීගියද ඒ වසන්තයේ සොදුරු ස්මරණයන් තුල අප සදාතනිකව ජීවත්වනේ එබැවිනි. විටෙක ආදරය ජීවිතය ජීවත්කරදී විටෙක සිප්හලක්ව ජීවිතයට පාඩම් කියා දෙයි. බෝහෝවිට ජීවිතයට ඉවසීම හුරුකරවනේ හදවත තුළ ඇතිවෙන සැබෑම ආදරයයි.**ඉවසයිද මන්දා මා දුන් රිදුම් --වෙන්වීලා ආ දා වෙනතාක් බලන් --උන්නාට මා රහසේ තුරුලක හෙමින්-- මට ඉන්න බෑනේ මතකෙට හොරෙන් --තනියෙන්ම වින්දා දුන් දුක් සුසුම් --තව කදුලු නෑ මේ දෙනෙතේ ඉතින් --ගියදාම ඔබ ඔහු හා ඉගිල්ලී හොරෙන් --මට මාද නැති උනා සත්තයි හෙමින් **
**ගොළු වෙච්ච තරු දෑසේ කදුළැල් උනන්නේ-- දරාගන්න බෑනේ මතකේ විලාපේ --ආදරේ ඔබෙන් තරම් ලැබුනේ නෑ කාගෙන්වත්-- රැකගන්න බැරි උනේ සංසාර ආදරේ-- ගියදාම ඔබ ඔහු හා ඉගිල්ලී හොරෙන් --මට මාද නැති උනා සත්තයි හෙමින් **
![]() |
| උදාර සමරවීර |
**මේ පාළු දුක් සිහිනේ අතර මන්වෙලා බොහොසේ --ආයේ ගන්න බෑනේ සෙනෙහස ඔබේ --ජීවිතය වැටුනු තරම් නැගිට ගන්න බෑ ආයේ --මැරි මැරී උපදී මේ සංසාර ආදරේ-- උන්නාට මා රහසේ තුරුලක හෙමින් --මට ඉන්න බෑ නේ මතකෙට හොරෙන් **
ගායනය: අතුල අධිකාරී සමග සමිතා මුදුන්කොටුව
පද: ඩිලාන් ගමගේ
සංගීතය: උදාර සමරවීර
![]() |
| අතුල අධිකාරී සමග සමිතා මුදුන්කොටුව |
![]() |
| ඩිලාන් ගමගේ |
සමහර විටෙක ඉවසිය නොහැකිතරම් දුක්ගොන්නක් ජීවිතයට ආදරය උරුම කර දෙයි.
*****ඉවසයිද මන්දා මා දුන් රිදුම් -වෙන්වීලා ආ දා වෙනතාක් බලන්- උන්නාට මා රහසේ තුරුලක හෙමින් -මට ඉන්න බෑනේ මතකෙට හොරෙන් -තනියෙන්ම වින්දා දුන් දුක් සුසුම් -තව කදුලු නෑ මේ දෙනෙතේ ඉතින් -ගියදාම ඔබ ඔහු හා ඉගිල්ලී හොරෙන් -මට මාද නැති උනා සත්තයි හෙමින් *****
ඔබේ ආදරය දමා ගිය මම ඔබට දුන් දුක් බොහෝ බව දනිමි. ඒ දුක් රිදුම් ඔබ කෙසේ දරා ගත්තේ දැයි මම දන්නේ නැත. මම ඔබෙන් වෙන්වී ආවේ ඔබ ගැන නොසිතා බව මම දනිමි. ඔබේ සෙනෙහස එපා කී මම අන්තුරුළක උනුසුමට සෙමෙන් ළං වූයෙමි. මම ඔබ හැර ආවේ අපේ ආදරෙයේ සියලු මතකයන් අමතක කරන්න සිතාගෙනය, එනමුදු ඒ මතකයන් මා පසුපස අවේ මට නොදැනීමය. ඒ මතකයන්ට හොරෙන් ජීවත්වන්නට මට බැරි වූ බව මට දැන් දැනේ. ඒ මතකයන් සිතේ තබාගෙන මා දුක් වූ තරම් දන්නේ මා පමණකි. මම ඔබෙන් ඈත් වී ඔහු වෙත ගියදා ඔබ හැඩූ බව මම දනිමි. ඔබ මට ආදරය කල තරමට ඔබට ඔබවම නැතුවූ බව මම දනිමි. ඔය දෑස්වල කදුලු අවසන් වන තුරු හඩන්නට ඇත. ජීවිතයේ තාවකාලික සතුට සොයා මා ඔබෙන් වෙන්වී ආ දා සිට තනිකමින් ලතවෙමින් ගතකල ඒ ජීවිතය................
*****ගොළු වෙච්ච තරු දෑසේ කදුළැල් උනන්නේ- දරාගන්න බෑනේ මතකේ විලාපේ -ආදරේ ඔබෙන් තරම් ලැබුනේ නෑ කාගෙන්වත් -රැකගන්න බැරි උනේ සංසාර ආදරේ -ගියදාම ඔබ ඔහු හා ඉගිල්ලී හොරෙන් -මට මාද නැති උනා සත්තයි හෙමින් *****
ඔබ අසීමිතව පෙම් බැදි මගේ දෑස් දැක දැකම විලාප දෙමින් කෑගැසූ අපේ මතකය අතර ඔබ තනිවෙන්නට ඇත. සංසාරය පුරා පෙරුම් පුරා ආ අපේ ආදරය අතරමගකදී අහිමිවීම ඔබ කෙසේ දරා ගත්තේද........................... මගේ ජීවිතයට ඔබෙන් තරම් ආදරයක් කිසිවෙකුගෙන් නොලැබුනු බව මම දනිමි. ඔබේ ඒ ආදරය මට රැක ගන්න බැරිඋනේ මගේම අවාසනාවකටය. මා ඔබට අහිමිවීමෙන් ඔබට ඔබ මෙන්ම මටද මමම අහිමි උනේය....................
*****මේ පාළු දුක් සිහිනේ අතර මන්වෙලා බොහොසේ- ආයේ ගන්න බෑනේ සෙනෙහස ඔබේ -ජීවිතය වැටුනු තරම් නැගිට ගන්න බෑ ආයේ -මැරි මැරී උපදී මේ සංසාර ආදරේ -උන්නාට මා රහසේ තුරුලක හෙමින් -මට ඉන්න බෑ නේ මතකෙට හොරෙන් *****
මම සිහිනයක අතරමංවී සිටිමි. සිහින තුළ ජීවත් වූ මා අද පියවි ලෝකයට පැමින තිබෙන්නේ ඒ සියළු සිහිනයන් බිදී ගිය නිසාවෙනි. මට අහිමිකරගත් ඔබේ සෙනෙහස ඉල්ලා මගේ සිත හඩා වැටුනත් ඔබේ සෙනෙහසට ළංවීමට මම දැන් ප්‍රමාද වැඩියැයි මට දැන් හැගේ. ඒ ජිවිතය දැන් එතරම් වැටී ඇත්තේය. ඔබේ ජිවිතය පමනක් නොව අද මගේ ජීවිතයද නැවත නැගිටුවා ගැනීමට බැරිතරමින් ඇද වැටී ඇත. ඒ වේදනාවෙන් මම මැරී මැරී උපදිමි.
මේ ගීතය රචනාවී ඇත්තේද පෙම්ව්තෙකුගේ සැබෑ අත්දැකීමක් පදනම් කරගෙනය. ඔහුගේ පෙම්වතියට නිළියක වීමේ අශාවක් තුබු අතර ඇයගේ බලවත් ඉල්ලිම මතම ඇයගේ සතුට ගැන සිතා ඔහුගේ සියලු සම්බන්දකම් උපයෝගීකරගෙන ඇයට රග පෑමේ අවස්ථාවක් ලබා ගත්තා. ඒ රග පෑමෙන් ඇය ගොඩාක් ජනප්‍රිය උනා. ඉන් පසු ඇයට ඇයගේ පෙම්වතා මදි උනා. එයා ලොකු සමාගමක කළමනාකරුවෙකු සමග යාළුවුනා. ඒ සල්ලි වලට,ආදරේට නෙවෙයි. ඒ සමාගමේ නාම තානාපති කමත් ඔහු ඇයට දුන්නා. ඇයට නිවසක් පවා ඔහු අරන් දුන්නා. ඒත් අවුරුද්දකට විතර පස්සෙ ඔහු මැයව ගෙදරිනුත් තනාපති කමිනුත් ඉවත්කලා. ඒ නිසා ඇය ගොඩාක් අසරන උනා. ආයෙත් ඇය ඇගේ පරන පෙම්වතා සොයාගෙන අවා. ඒ උනත් ඒ වෙද්දී ඔහූ ගොඩාක් මනසිකව වැටී සිටියා.






No comments:
Post a Comment