ඔබ පෙම් කරනා..............
ආදරය... කොතරම් මිහිරිද... ඒත්... ඒත් ඒ මිහිර උපරිමයෙන් විඳින්න වාසනාව ලැබෙන්නේ පෙම්වතුන් කීයෙන් කී දෙනාටද... විරහවත් එක්‌ක ඒ මිහිර පළා යනවා... ඉන් පස්‌සේ සාගරය බඳු වේදනාවක් අබියස මේ පෙම්වතුන්ට තනිවෙන්න සිද්ධ වෙනවා...
ඔබ පෙම් කරනා ඔබේ කුමාරී
ඔබට ආදරේ කියනා අයුරින්
පෙර දවසක මා පෙම් කරනා සඳ
මටද ආදරේ කියා තිබේ...
සාගර වෙරළේ සොඳුරු සෑඳෑවක
රඟහල කෙළවර අඳුරු නිමේෂක
අද ඔබ ළඟ ඔබ සනසාලන ඈ
පෙර දවසක මා තුරුළට වී හිඳ
මටද ආදරේ කියා තිබේ...
සක්‌මන් මළුවක දෙපා ගෙවෙද්දී
දොඩමළු පෙම්බස් ගොළුවී යද්දී
මා සමුගෙන ඔබ වෙතට පැමිණි ඈ
සනහස සඟවා දෙනෙත නුරාවෙන්
මටද ආදරේ කියා තිබේ...
ගායනය: ගුණදාස කපුගේ
පද: සුනිල් ආර් ගමගේ
වෙන්ව ගිය පෙම්වතා හෝ පෙම්වතිය යළි දිවි ඇතිතුරාවට දකින්න නොලැබෙනවා නම්... ඒක හිතට එක්‌තරා සහනයක්... ඒත්... කාලයක් ප්‍රේමයෙන් වෙලී සිටි ආදරවන්තිය... තවකෙකු සමඟ අතිනත බැඳන් යන ආකාරය දකින පරාජිත පෙම්වතාට.... ඇතිවන හැඟුම... වේදනාව... වචනයට හරවන්න පුලුවන්ද...
****ඔබ පෙම් කරනා ඔබේ කුමාරී
ඔබට ආදරේ කියනා අයුරින්
පෙර දවසක මා පෙම් කරනා සඳ
මටද ආදරේ කියා තිබේ
"හිතවත... ඔබ ආදරය කරන පෙම්වතිය, පෙම් රජදහනේ ඔබේ කුමරිය... ඔබේ හිස පිරිමදිමින් ඔබට ආදරෙයි කියා කියන ඇයට කාලයක් මමත් පෙම්කළා... එදාත් ඇය අද වගේමයි... ඔබට ආදරෙයි කියා කියන ඈ. එදා මටත් ආදරෙයි කියා දිව්රා සිටියා...."
****සාගර වෙරළේ සොඳුරු සැඳෑවක
රඟහල කෙළවර අඳුරු නිමේෂෙක
අද ඔබ ළඟ ඔබ සනහාලන ඈ
පෙර දවසක මා තුරුළට වී හිඳ
මටද ආදරේ කියා තිබේ...
හිරු බැස යන සුන්දර සැන්දැවෙ මුහුදු වෙරළේ විතරක් නොවේ... අඳුර රජයන රඟහලක කෙළවරේ... අසුනක ඔබට ලංවෙලා... ඔබව සනසන ඇය ඔය ආකාරයටම පෙර දිනයක මගේ තුරුළට වෙලා හිටියා... පෙම් බස් මුමුනමින් මම ඔයාට ආදරෙයි කියා කිව්වා...
****සක්‌මන් මළුවක දෙපා ගෙවෙද්දී
දොඩමළු පෙම්බස් ගොළු වී යද්දී
මා සමුගෙන ඔබ වෙතට පැමිණි ඈ
සනහස සඟවා දෙනෙත නුරාවෙන්
මටද ආදරේ කියා තිබේ...
දෙපා ගෙවෙනතුරු අපි ඇවිද්දා... අපි දෙන්නා... තේරුමක් නැති දේ.... ඔහේ කතා කළා... පෙම්බස් දෙඩුවා... ඒත් ඒ පෙම්බස් ගොළු වුණා.... මගෙන් සමුගත් ඔබ වෙත සමීප ඇය... ආදරය.. සෙනෙහස සඟවමින් නුරාවෙන් පිරි දෙනෙතින් මටත් ආදරෙයි කියා කිව්වා...
මේ ගීතය ලියන්නේ සුනිල් ආර් ගමගේ මහත්මයා.ඒ ඔහු ලබම සැබෑ අත්දැකීමක් අසුරින් ,ඔහු කියන්නේ..
"පාසල් කාලයේ සිටම පෙම්කළ දෙදෙනෙක්... අවසනයේ තේරුණේ විශ්වවිද්‍යාල දෙකකට... මේ පෙම්වතා මගේ ළඟම යහළුවෙක්... ඔවුන් පෙම්කළ කාලයේ පටන්ම මා සමීපව ඇසුරු කළා... ඒත්... විශ්වවිද්‍යාලයට ගියාට පස්‌සේ... තරුණිය වෙනස් වුණා.. ඈ වෙනත් කෙනෙකු සමඟ පෙම්කරන්න පටන් ගත්තා.
ඇය ඔහුට තුරුළුවෙලා පෙම්කරන අයුරු මගේ මිතුරා දැක්‌කා... ඔහු සමඟ ඒ අත්දැකීම ලබන්න මටත් සිද්ධ වුණා. අපි දෙන්නට නිතරම දකින්න ලැබුණා. ඔවුන් දෙන්නා පෙමින් වෙලී සිටින හැටි... මගේ මිත්‍රයා විඳින වේදනාව මට හොඳින් දැනුනා... ඒ වේදනාව තමයි මම මේ විදිහට පද පෙළකට ඇමිණුවේ... "
වසර ගණනාවක් ගත වුණත් මේ ගීය අපිට අදත් අලුත්... නැවුම්... කපුගේ ගේ හඬ ගැන කිව යුතු නැහැ... ඒත් මේ ගීය... ශුංගාරාත්මක සාහිත්‍ය රසයෙන් යුතු ගීයත්... පදමාලාව ඒ රසයට බොහෝ සේ ඉවහල්ව තිබෙනවා... ගීයේ රසභාවයන්ට සංගීත රස රාගයන් එක්‌ව තිබෙන නිසා ඉතාමත් හොඳින් රස විඳිය හැකි... පදමාලාවෙන් පමණක් නොවේ ගී තනු නිර්මාණය ඔස්‌සේද විරහ වේදනාව හොඳින් වින්දනය කළ හැකි ගීයක්.
elazz.....
ReplyDeletethankssssssssssss
Delete