Friday, October 12, 2012

වෙන් වී දැන් යන්න ඉතින්.............

වෙන් වී දැන් යන්න ඉතින්............. 

 

වෙන්වී දැන් යන්න ඉතින් වෙන්වී යන්නම  ඕනේ නම් 
කීරි ගැහී හඩන සුසුම් ඉවසුම් නෑ මේ පපුවට දැන් 
මා වෙනුවෙන් මැවුව සෙනේ රහසේම කාටද පුදා 
වෙන්වී දැන් යන්න ඉතින් වෙන්වී යන්නට ඔනේ නම් 

මගෙ සිහිනේ  ඉඩ ඉල්ලා පෙරදා ඔබමයි පිය මැන්නේ 
පෙම් පහසේ වෙලී ඉදලා කෙලෙසද අද මා හැර යන්නේ 
සෙනෙහසින් පෙර එදා මගෙ වෙලා උන් ඔයා
 අද මෙසේ වෙන්වෙලා මා දමා යයි ඔයා 

පෙම් සිහිනේ දුක රන්දා ගියාට කම් නෑ සතුට සොයා 
මගෙ සෙනෙහේ සිහිවේ නම් කවදා හෝ යළි එන්න සොයා 
සෙනෙහසින් පෙර එදා මගෙ වෙලා උන් ඔයා
 අද මෙසේ වෙන්වෙලා මා දමා යයි ඔයා

ගායනය: චාමික සිරිමාන්න 
පද: ඩිලාන් ගමගේ 
සංගීතය: රදීෂ් වැන්දබෝනා 

හදවතින්ම උපදින ආදරය, බලහත්කාරයෙන් ලබාගන්න පුලුවන් දෙයක් නොවෙයි. එලෙස බලෙන් ලබා ගන්නා හෝ හදවතින්ම නූපදින ආදරයකට පැවැත්මක් නැහැ. බොහෝ දුරට වෙන්වීමකින් අවසන් වෙන්නේ එහෙම ඇති කරගන්නා සම්බන්දතායි............. 


****වෙන්වී දැන් යන්න ඉතින් වෙන්වී යන්නම  ඕනේ නම් 

         කීරි ගැහී හඩන සුසුම් ඉවසුම් නෑ මේ පපුවට දැන් 

         මා වෙනුවෙන් මැවුව සෙනේ රහසේම කාටද පුදා 

         වෙන්වී දැන් යන්න ඉතින් වෙන්වී යන්නට ඔනේ නම්

 ඔයත් මාත් අතර තිබුනු ආදරේ තරමට මම කවදාවත් හිතුවේ නැහැ ඔයා මගෙන්.......... වෙන්වෙලා යාවි කියලා. එත්............ අද ඔයාට මාව එපා වෙලා.... ඔයාට ඕන කරන්නේ මගෙන් වෙන්වෙලා යන්නනම් කමක් නැහැ................ ඔයා යන්න. මගේ හදවතට ඔයාගෙ වියෝව දරා ගන්න බැරුව, ඒ වේදනාව ඉවසගන්න බැරුව කීරි ගැහෙනවා............. ඔයා මා වෙනුවෙන් දුන් ආදරය මායාවක්ද..... ඒ සෙනෙසහ ඔයා කාටද අද රහසේම පූජා කරලා. ,කමක් නෑ............. ඔයාට යන්නම ඔනේනම් යන්න.............. 

**** මගෙ සිහිනේ  ඉඩ ඉල්ලා පෙරදා ඔබමයි පිය මැන්නේ 

         පෙම් පහසේ වෙලී ඉදලා කෙලෙසද අද මා හැර යන්නේ 

         සෙනෙහසින් පෙර එදා මගෙ වෙලා උන් ඔයා

          අද මෙසේ වෙන්වෙලා මා දමා යයි ඔයා

මට ඔයා දකින හීනයේ කොටස් කාරියක් වෙන්න ඔනේ කියලා එදා ඔයා මට කිව්වා මතකද........... ඒ හින්දම මම දකින හැම හීනයකම මම ඔයාටත් ඉඩක් තිබ්බා. මට තුරුළුවෙලා පෙම් සුවය විදපු ඔයා............... අද කොහොමද මාව හැර දමා යන්නේ..... ඔයා කොහොමද ඒ හැම දෙයක්ම අමතක කලේ............ එදා මාත් එක්ක සෙනෙහසින් හිටපු ඔයාමයි අද මාව දාල මගෙන් වෙන් වෙලා යන්නේ.............

****පෙම් සිහිනේ දුක රන්දා ගියාට කම් නෑ සතුට සොයා 

        මගෙ සෙනෙහේ සිහිවේ නම් කවදා හෝ යළි එන්න සොයා 

        සෙනෙහසින් පෙර එදා මගෙ වෙලා උන් ඔයා

         අද මෙසේ වෙන්වෙලා මා දමා යයි ඔයා 

මම දැකපු සුන්දර සිහිනය........ ඒ සිහිනයේ ඔයත් හිටියා........ ඒ හීනය බොද කරලා ඔයා ඔයාගෙ සතුට සොයා ගියාට මට කමක් නැහැ. ඒ ඒක ඔයගේ සතුට හින්දා................ එත් කවදාක හරි ඔයාට.... මගේ ආදරේ මතක් උනොත...... ආයෙත් මාව සොයාගෙන එන්න.............................................. 

 

 මේ ගීතය රචනා කරන්නේ නව පරපුරේ බොහෝ ජනප්‍රිය ගීත රැසක්ම ලියූ ඩිලාන් ගමගේ. ඒ ඔහුගේ යාළුවෙකුගේ අත්දැකීමක් ඇසුරෙන්. ඔහු කියනේ.....................  

         " මගේ යාළුවා  විවහ උන ඒ ගෑණු ළමයා යාළුවා  විවාහ කර ගත්තෙ ඇයගේ දෙමාපියන්ගේ ඔවමනාවට. මේ දෙන්නා කසාද බැදලා මාස දෙක තුනක් යද්දි යාලුවාට තේරුම් යනව ඇය වෙනත් කෙනෙකු සමග සබදකම් පවත්වනව කියලා. ඒ ඇගේ කලින් පෙම්වතා සමග. ඒත් යාලුවා එය දන්නා බවක් ඇගවූයේ නැහැ. පෙර පරිදිම ඇයට ආදරේ කලා. වෙනසක් කලේ නැහැ. කොහොම හරි යාලුවා දැන ගන්නවා ස්ථිරවම ඇය..... පරණ පෙම්වතා නිතර නිතර හමුවෙන බව. ඇයට යන්න කියල ඔහු කිව්වෙ නැහැ. ඒත් හිතින් දුක් වින්දා....... පෙම්වතා ගැන හැම තොරතුරක්ම සැමියා දන්නා බව ඇයට වැටහෙන්න ඇති. ඒ නිසාම.................... ඇය ඔහුව හැරදාල යන්න ගියා............................ "


           


           

 

1 comment: