ගිම්හාන කාලේ සිත් යායේ ගෑවිලා..............
ගිම්හාන කාලේ සිත් යායේ ගෑවිලා..............
මේ ගීතය ප්‍රේම ගීයක්ද...... විරහ ගීයක්ද ..............විරහව හා ආදරයේ සම්මිශ්‍රනයක්ද......
ගිම්හාන කාලේ සිත් යායෙ ගෑවිලා
ළංවේද මා ආයේ ඒ දෑසේ
සිත් මාගෙ පෑරේද වස්සානෙ වාගේ
සංකා නොදී පාවී ඒ දෝ මා සොයා
පෙර වේදනා ගෙනා පාව ගිය පාළු ජීවිතේ
යළි චෝදනා එපා දෑත බැදි සීත හෝරාවේ
හද යාවෙලා සදා යාව ඉමු මේ වාගේ
පිදු ආදරේ නිසා මාගේ හද ආශාවේ...............................
නන් නාද වේ සිනා ශුංගාරේ වෑහෙනා
සන්තාප හෝරාව පාවීලා
නිම්නාද පාවෙලා පින්තාරේ ගෑවිලා
කැන්දාගෙනා හීන ගෑවිලා රෑ පුරා ...............................
නිස්සාර කාරනා ඇස් ගාව තෝරලා
හින්සාව නෑ මාව පාරාලා
සිත් මාගෙ සාදලා සත් පාට ගාවලා
කැන්දාගෙනා හීන ගෑවී රෑ පුරා ...................................
ගායනය: ශශිකා නිසංසලා
පද: ශෙහාන් ගලහිටියාව
සංගීතය: රොමේශ් සුගතපාල
යාළු වීම තරහ වීම ආදරය කරද්දි සුලබව සිදුවෙන දේවල්. ආදරේ අලුත්ම රසයක් එහෙම තරහ වෙලා යාළු උනාම දැනෙනවා. එත් වියෝව.................... එහි තියෙන්නේ වෙදනාවක් විතරමද...................
**** ගිම්හාන කාලේ සිත් යායෙ ගෑවිලා
ළංවේද මා ආයේ ඒ දෑසේ
සිත් මාගෙ පෑරේද වස්සානෙ වාගේ
සංකා නොදී පාවී ඒ දෝ මා සොයා
පෙර වේදනා ගෙනා පාව ගිය පාළු ජීවිතේ
යළි චෝදනා එපා දෑත බැදි සීත හෝරාවේ
හද යාවෙලා සදා යාව ඉමු මේ වාගේ
පිදු ආදරේ නිසා මාගේ හද ආශාවේ...............................
පෙම්වත.............. ඔබ මගෙන් වෙන්වෙලා ගියේ වස්සානෙදී.............. මට සොදුරු වස්සානය අසුන්දර උනෙත් ඒ නිසාවෙන්.............. එත් මේ ගිම්හනයේදී නැවතත් ඔබේ දෙනෙත් මගේ දෙනෙත් වලට ළංවෙලා. ආයෙත් අපේ සිත් යාවෙන්නද හදන්නේ................ අනේ ඒත් මට එදා වස්සනයේදී දුන්න වගේ දුකක්නම් මට ආයෙ දෙන්න එපා. එදා................. මම තනිවෙලා ගොඩාක් දුක් වින්දා. අනේ මට ආයෙත් චොදනා කරලා මාව තනිකරල යන්න එපා....................... අපේ මේ එක් වූ හදවත් ආයෙත් වෙන්වෙන්න දෙන්නනම් එපා... අද මගේ හිත ඔයගේ අදරෙන් උමතුවෙලා ..........................අශාවෙන් මත්වෙලා.........
****නන් නාද වේ සිනා ශුංගාරේ වෑහෙනා
සන්තාප හෝරාව පාවීලා
නිම්නාද පාවෙලා පින්තාරේ ගෑවිලා
කැන්දාගෙනා හීන ගෑවිලා රෑ පුරා ...............................
මගේ හිත දැන් ආදරයෙන් මත් වෙලා. ශුංගාරය ඉතිරිලා යන තරමේ සිනාවක් අද ඔයා මට තිලින කරලා. දැන් මම දුකින් හිටපු කාලය මගෙන් ඈතට පාවෙලා ගිහින් කියලයි මට හිතෙන්නේ............ ආශාවන් අද නින්නාද දෙනවා. රෑ පුරාවටම සුන්දර හීන දකින වසනාවන්තියක් මම. ඒ සතුට අද මා වෙත කැන්දාගෙන ආවෙ............... ඔයා.
****නිස්සාර කාරනා ඇස් ගාව තෝරලා
හින්සාව නෑ මාව පාරාලා
සිත් මාගෙ සාදලා සත් පාට ගාවලා
කැන්දාගෙනා හීන ගෑවී රෑ පුරා ...................................
දැන් මාගේ ඇස් ඉදිරියේ ඉතින් තේරුමක් නැති දෙයක් නැහැ. මගේ හිත රිදවන කිසිම හිංසාවක් අද මට නැහැ. අද මගේ හිත දේදුන්නක් වගේ ලස්සන වෙලා.............. අද මට ඔයා මුළු රැයක් පුරා දකින්න ලස්සනම ලස්සන හීන ගොඩා..............ක් ගෙනල්ලා.
No comments:
Post a Comment