Thursday, October 11, 2012

විකසිත පෙම් පොකුරු පියුම්...............

විකසිත පෙම් පොකුරු පියුම් 

ඔබේ පයට පොඩි වී ගියා දෙන් 

පති කුලයට අද මට පිටුපා යන 

මගේ සොදුරු ලදුනේ........ 


හිතේ කදුලු බිදු රෑ තනි යහනේ 

ඉහ ඉද්දර හිද ඉකි බිදිනා සද 

ආදර සැමරුම් ප්‍රේම පුරාණේ 

ඔබට විරහ ගිනි නොගෙනේවා........ 


තනිකම රජයන පාළු විමානේ 

ගොම්මන් කළුවර හඩා වැටෙද්දී 

ඔබෙ දිවි අරණේ පැතුම් විජිතයේ

මැණික් පහන් වැට දැල්වෙවා...........


ගායනය: පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේව 

පද:   ආචාර්ය  අජන්තා රණසිංහ 

සංගීතය: ආචාර්ය  ප්‍රේමසිරි කේමදාස 

ආදරය විදින වයස..... පාට පාට හීන ලෝක වල තනි වෙලා ......... මල් මල් හීන දකින ජීවිතයේ සුන්දරම සමය..... යෞව්වනයයි. සමනළයින් වගේ මල් පැණි සොය සොයා සුන්දරත්වය සොය සොයා යන සමය...... 

මෙහෙම ඇතිවන බොහොමයක් ආදර සම්බන්දතා තාවකාලිකයි. ජීවිතේ ගොඩාක් දේවල් තේරුම් ගනිද්දි මේ ගොඩාක් සම්බන්දතා බිදිලා යනවා. නොගැලපීම් මත..........
        මේ ගිතයේ තියෙන්නේ ගොඩාක් වැදගත් ගැබුරු අර්තයක්. කවුරු කොහොම හිතුවත් මේක තමයි ජීවිතයේ යාථාර්තය..............................


****විකසිත පෙම් පොකුරු පියුම් 
        ඔබේ පයට පොඩි වී ගියා දෙන් 
        පති කුලයට අද මට පිටුපා යන 
        මගේ සොදුරු ලදුනේ........
අද ඔබ මාව හැර ගිහින්. මා අද ඔබේ ප්‍රේමයෙන් පරාජිතයි. අද ඔබ වෙනෙකු හා විවාපත් වෙන දවස. ඔයා හිතනවද........... මම ඔයාට වෛර කරනව කියලා..............................නෑ   කොහෙත්ම නෑ...... ඔබ මා හැර ගියේ අපි දෙදෙනා නොගැලපෙන නිසානේ..............
                 ප්‍රියාවිය.... අද ඔබ මා දමා ඔහු හා යනවා. ඔබේ නමින් මා හද සිත් මල් යයේ  විකසිත වූ පියුම් පොකුරු............ අද පති කුලයට යන ඔබේ අදර මල් මාවතේ අසුරන්නම් ....ඒ මල් ඔබේ සියුමැලි දෙපා වලට පොඩි වී ගියත්................................ අද මා ඔබ හා විවාපත් වුනානම්.... අපි දෙදෙනාගෙම ජීවිත අදුරු වෙන්න පුලුවන්.. නොගැලපීම් මත අපි වෙන්වු නිසාවෙන්ම මට ඔයා ගැන වෛරයයක් නෑ මගේ රත්තරං..........


*****හිතේ කදුලු බිදු රෑ තනි යහනේ
          ඉහ ඉද්දර හිද ඉකි බිදිනා සද
          ආදර සැමරුම් ප්‍රේම පුරාණේ
          ඔබට විරහ ගිනි නොගෙනේවා........
ඔබ අද නැති නිසාවෙන් මගේ ජිවිතයේ අද රජ කරනේ පාළුව තනිකම විතරයි.  ඒ තනිකමත් එක්කම මම දුක තුරුලු කරගෙන රෑ තනි යහනේ ඉකි බිදිනවා. මගේ නෙතු අග සීතල වෙලා....... ඒත් කමක් නැහැ මම අදත් ඒ සොදුරු ආදර සැමරුම් සමග ජීවත් වෙනවා. එත් ඔයාට............. ඒ වගේ වේදනාවක්......... විරහවක් නොදැනේවා......
අද මගේ හිතේ ඔයා ගැන කිසිම තරක් නැහැ. මම අද පතන්නේ ඔයාගේ සතුටම විතරයි. මගේ හිතේ වේදනාවක් නැතුවම නොවෙයි. බිදීගිය සෑම ප්‍රේමයකම දුකක් ඉතුරු වෙනවා. එත් ඒක දුකක්ද........... අද ඒ තරම් ආදරයක් නොලබද්දි මම  මගේ  අතීතයට යනවා. එත් මේ වෙන් වීමෙන් දෙදෙනාටම උනේ හොදක්
 කියල හිතෙද්දී ඒදුක තුනී වෙලා යනවා.......
පෙම්වතා හෝ පෙම්වතිය කෲර ලෙස හෝ ආදරණීය ලෙස දෙදෙනාගෙන් වෙන් උනාට කමක් නැහැ. විවාහය කියන්නේ ප්‍රේමය නොවෙයි. විවාහය ඊටත් වඩා ගැබුරු අද්‍යාත්මික බැදීමක්. ඒ නිසාම වෙන් වෙන එක හොදයි. වෙන්වීමකින් හිතේ ඇතිවෙන වේදනාව තාවකාලික නැහැ. මේ මගේ හදවත පලාගෙන අපූ ලේ වලින් කියල සිංදු ලිව්වට ඒක  එහෙම වෙන්නේ නැහැ.

 
*****තනිකම රජයන පාළු විමානේ
          ගොම්මන් කළුවර හඩා වැටෙද්දී
          ඔබෙ දිවි අරණේ පැතුම් විජිතයේ
          මැණික් පහන් වැට දැල්වෙවා...........
ගොම්මන කියන්නේ හිතට තනිකම වැඩිපුරම දැනෙන වෙලාවක්. ගොඩාක් ගීත සැන්දැව ගැන කියවෙන්න ලිය වෙන්නේ ඒ හින්දම වෙන්න ඇති. ගොම්මනට කළුවර කඩා වැටෙනවා වගේම මගේ හිතටත් පාළුව තනිකම කඩා වැටෙනවා...............නමුත් සොදුරිය................. මා අවංක හදවතින්ම ඔයාගේ ජීවිතයට සුබ පතනවා.............

ඔබෙ දිවි අරණේ පැතුම් විජිතයේ

          මැණික් පහන් වැට දැල්වෙවා...........

http://www.youtube.com/watch?v=5ZjowORO_30


No comments:

Post a Comment