නොදැක ඉන්න බෑ මටනම් මගේ ආදරී.............................
නොදැක ඉන්න බෑ මටනම් මගේ ආදරී
නොලැබ ඉන්න බෑ තව නම් ඔබෙ ආදරේ
නොසිත ඉන්න බෑ මටනම් කිසිදා ලදේ
නොවිද ඉන්න බෑ මටනම් කිසිදා ළදේ
නොදැක ඉන්න බෑ මටනම් මගේ ආදරී
පැහැදුල් කතා මතකේ වෙලා
දෙනුවන් තෙමා පියමන් කළා
පෙර පෑ සිනා පාවී ගියා මා හැර දමා
සිහිවෙනවා ඔබ කී කතා මුළු රෑ පුරා
මතකේ දරා විදිමී සදා....................//
මිහිදුම් වළා සළුවෙන් වෙලා
පැතුමන් දරා රකිමී සදා
පෙර පෑ සිනා පූජා කළා අදුරේ තියා
සගවා දමා මේ වේදනා යලි එනතුරා
දිවියේ පුරා ඉදිමී බලා....................//
ගායනය හා සංගීතය: රුවන් හෙට්ටිආරච්චි
පද: සජිත් චතුරංග
ආදරය අපේ හිත් වලට වැඩි වැඩියෙන් දැනෙන්නේ ඒ ආදරය අපෙන් ඈත් වෙන තරමටයි.වෙලාවක් අවේලාවක් නැතුවම අපේ සිතට දැනෙන සංවේදනය ආදරයයි. ඒ........... ආදරයේ ස්වාභාවයයි. අතීත ආදරයේ මතකයන් අපේ හිත් වලට ඇවිත් හොල්මන් කරන්නේත් අපෙන් අසා බලා නොවෙයි. ඒ ආදරය සිහිපත්වෙන සෑම මොහොතකම ඇසට එන සෑම කදුලු බිදුවකම තියෙන්නේ ඒ අහිමි වූ ආදරය ආයෙත් දකින්න විදින්න තියන අවිහිංසක ආශාවක්.
****නොදැක ඉන්න බෑ මටනම් මගේ ආදරී
නොලැබ ඉන්න බෑ තව නම් ඔබෙ ආදරේ
නොසිත ඉන්න බෑ මටනම් කිසිදා ලදේ
නොවිද ඉන්න බෑ මටනම් කිසිදා ළදේ
නොදැක ඉන්න බෑ මටනම් මගේ ආදරී
මගේ ආදරියේ............. මට ඔයාව නොදැක ඉන්න නම් පුලුවන් කමක් ඇත්තේම නැහැ. ඔයාගේ ආදරය නොලැබේ කියා සිතන්නවත් මගේ සිත මට ඉඩ දෙන්නේම නැත. අඩුම තරමේ ඔයා ගැන ඔයාගේ ආදරය ගැන මතක් නොකර ඉන්න මට පුලුවන් කමක් නෑ මගේ රත්තරං................. ඔබේ ආදරය නොවිද මට ජීවත් වෙන්න බෑ .............මගේ ඇස් ඔබව සොයනවා...............
****පැහැදුල් කතා මතකේ වෙලා
දෙනුවන් තෙමා පියමන් කළා
පෙර පෑ සිනා පාවී ගියා මා හැර දමා
සිහිවෙනවා ඔබ කී කතා මුළු රෑ පුරා
මතකේ දරා විදිමී සදා....................//
ඔයා හා දොඩමළු වූ සෑම මොහොතක්ම මට අද වගේම මතකයි. ඒ නිසාමයි මට ඒ ඔයාගේ වචන මතක් වෙන මොහොතක් මොහොතක් පාසාම කදුලු බිදු මගේ දෑස් සිප ගන්නේ.............. ඒ වචන මගේ හිතේ ගැබුරුම තැනට වැදිල කියල මට හිතෙන්නේ ඒ වෙලාවට. මා දකින වෙලාවට එදා ඔය මුවගේ නැගුන සිනාවන් අද සුලගක පාවෙලා ගිහින්. ඔයා මගේ ලගම හිදිමින් සිනහ වෙමින් කී සෑම කතාවක්ම අදත් මුළු රෑ පුරාවටම මට ඇහෙනවා.............. ඒ වේදනාව හදවතේ තුරුළුකරගෙන මම තාමත් ඔයාට ආදරේ කරනව කියල ඔයා දන්නවනම් රත්තරං........................... ඒත් ඒ මගේ දෛවයයි...................
****මිහිදුම් වළා සළුවෙන් වෙලා
පැතුමන් දරා රකිමී සදා
පෙර පෑ සිනා පූජා කළා අදුරේ තියා
සගවා දමා මේ වේදනා යලි එනතුරා
දිවියේ පුරා ඉදිමී බලා....................//
ඔබත් මාත් අතර ඇත්තේ කොයිතරමේ ඈත් වීමක් උනත්............... අද අපි ඈත් වෙලා........ ඒත් ඔයා ගැන පතපු පැතුමන් මට මගෙන් ඈත් කරන්න බෑ................ ඔබෙන් එදා මා දුටු සොදුරු සිනාවන් අද අන්දකාරයේ තනි වෙලා. ඔබ කවදා හෝ යළි මා සොයා ඒවි යැයි මගේ සිත මට කියනා නිසාවෙන් මම මග බලා හිදිමි. මගේ වේදනා සගවාගෙන බලා සිටිමි. දවසක් දෙකක් නොව ජීවිත කාලය පුරාවටම බලා සිටිමි..........................................
No comments:
Post a Comment