විසිරුණු මල් පෙති දෝතට ගත් කුමරී.........
විසිරුණු මල් පෙති දෝතට ගත් කුමරී
ඒ පෙති එක් කර මලක් සොයන බොලදී
සරදම් නොකරමි ආදරයෙන් කියමී
විසිරුණු පෙති යළි මලක් නොවෙයි නැගණී................
වෙරළ සොයා රළ පෙළ දිව ආවත්
වෙරළට කිසිදා දියබ දකිනු හැකිදෝ....
බදට පියාපත් යුවලක් ලැබුනත්
![]() |
| අතුල අධිකාරී |
අහස දෙකෙලවර නුබට දකිනු හැකිදෝ..............
බබරුන් පසුපස මල් දිව නොගියත්
අවමන් වින්දේ මල් කුලයම නොවෙදෝ
![]() |
| බන්දුල නානයකාරවසම් |
මෙදහම් නුවනින් නුබ නොදුටුවොතින්
නුබේ සුසුම් ගිණි බොල් අහසම නොවෙදෝ........
ගායනය:අතුල අධිකාරී පද:බන්දුල නානයකාරවසම්
![]() |
| රෝහණ වීරසිංහ |
සංගීතය: රෝහණ වීරසිංහ
දවසක් නීතීවේදියෙකුගේ කාමරයකට තරුණ අයියා කෙනෙක් සහ ඔහුගේ නැගනිය පැමිනෙනවා. මොවුන් බොහොම දුප්පත්. මේ අහිංසක දුප්පත් නංගිව පොහොසත් වගේම සෙලක්කාර කොල්ලෙකුගේ බහට රැවටිලා ඔහු අතින් කෙලෙසිලා.
ඔහු දැන් හොයාගන්නවත් නෑ. තමන්ගේ අහින්සක නංගියගේ ජීවිතය විනාස වෙන්න නොදී මේ වැරදිකාර තරුණයාට එරෙහිව නීතියේ පිහිට සොයාගෙනයි මොවුන් පැමිනියේ.
එත්.................. ඒ සල්ලාලයා බොහොම වත් පොහොසත් කම් තියන කෙනෙක්. මේ නංගිව විත්තිකූඩුවේ නග්ගලා ලෝකෙටම ඇහෙන්න දුකකියල පිහිටක් ගන්න මේ අයියට ඔන උනත් මේ සල්ලි කාරයෝ එක්ක හැප්පෙන්න මේ අයට සල්ලිවත් බලයවත් නෑ කියල මේ තරුණ නීතිවේදියාට තේරෙනවා. මේ කරන්න යන දේ නිශ්ඵලයි කියල ඔහුට කලින්ම වැටහෙනවා.
ඒ නිසා ඔහු මේ නැගනියගේ අයියා උනානම් නංගිට මේ යතාර්තය තේරුම් කරන විදියයි මේ ගීතයෙන් කියවෙන්නේ...............
****විසිරුණු මල් පෙති දෝතට ගත් කුමරී
ඒ පෙති එක් කර මලක් සොයන බොලදී
සරදම් නොකරමි ආදරයෙන් කියමී
විසිරුණු පෙති යළි මලක් නොවෙයි නැගණී................
මගේ අහිංසක නංගී................. මම දන්නවා ඔයා හදන්නේ මේ කෙලෙසුනු ඔයාගේ ආත්මය නිකලැල් කරගන්න කියලා. එත්............... අපිට ඒ දේ කරන්න බෑ ............. මට ඔයාට කියන්න ඕන....... මම ඔයාට හිනා වෙනවා නෙවෙයි මගේ නංගී.......................
****වෙරළ සොයා රළ පෙළ දිව ආවත් වෙරළට කිසිදා දියබ දකිනු හැකිදෝ....
බදට පියාපත් යුවලක් ලැබුනත් අහස දෙකෙලවර නුබට දකිනු හැකිදෝ..............
හැමදාම උනේ රළ අවිල්ලා වෙරල සිපගෙන වෙරලින් ඈත්වෙන එක විතරයි. කවදාවත්ම......... වෙරට බෑ ඒ දියබ ......... ඒ වගේම නංගී ඔයාට පියාපත් ලැබුනත් ඔයාට බෑ මේ අහසේ දෙකෙලවර දකින්න.ඒ වගෙයි නංගී................... සල්ලි කාර පිරිමි දුප්පත් ගෑණු ළමයින්ගේ පහස අරගන්න විතරක් ඔවුන් වෙත අවිල්ලා යනවා....... එයින් පසු ඒ අයව කවදාවත් දකින්න ලැබෙන්නේ නෑ නංගී.............. ඔවුන් අසරණ වෙලා තනිවෙලා යනවා................ ඉහළින් වැජබෙන සල්ලිකාර සමාජයේ ඒ අය අතරමං වෙනවා............. ****බබරුන් පසුපස මල් දිව නොගියත් අවමන් වින්දේ මල් කුලයම නොවෙදෝ මෙදහම් නුවනින් නුබ නොදුටුවොතින් නුබේ සුසුම් ගිණි බොල් අහසම නොවෙදෝ........
ගොඩවෙලාවට කාන්තාව පසුපස පිරිමින් එනවා තමයි. ඒ ඔවුන්ගේ අදහස ඉටු කරගන්න ඇයගේ එක බැල්මක් උනත් ප්රමාණවත්. නමුත් හැමදාම උනේ අවසානෙයේදී කාන්තවට අවමන් විදින්න. ඒක එයාගෙ වරදක් නොවෙයි කියල සමාජය කවදාවත් තෙරුම්ගත්තෙනෑ. ගෑණූ කීයක් එක්ක නිදාගත්තත් පිරිමින්ව මේ සමාජය නිදොස්කොට නිදහස් කරනවා. තිත්ත ඇත්ත මෙකයි නංගී.............. මේ යතාර්තය තේරුම් ගෙන
කරබාගෙන සිටිනවා මිසක හැමදාම ඒ ගැන හිතමින් සෝ සුසුම් බොල් අහසට මුසු කිරීමෙන් පලක් නෑ..................






මට මේ post එක ගැන ගොඩක් දේවල් කියන්න පුළුවන් . . but i say one thing "නියමයි"
ReplyDeletethankssssssssssss
Deleteපද:බන්දුල නානයකාරවසම් නම් මොකක්ද මේ නිතිඥවරයෙක්ගේ කතාව?
ReplyDelete